[නිගණ්ඨ සූත්රාදිය]
[සැවැත්නිදාන යි]
9-17. මහණෙනි, පස් කරුණෙකින් සමන්වාගත නුවට ... නුවටසවු ... දුළුලු … පිරිවැජි … මාගන්දික තීර්ත්ථක ... තෙදණ්ඩික තීර්ත්ථක ... ආරූද්ධක තීර්ත්ථක ... ගෝතමක තීර්ත්ථක ... දේවධම්මික තීර්ත්ථක ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේය. කවර පසෙකින් යත්:
ප්රාණවධ කරනුයේ වෙයි, අයිනාදන් ගන්නේ වෙයි, අබ්රම්සැරි වෙයි, මුසාවා බණනුයේ වෙයි, මදප්රමාදකාරණ වූ රහමෙර පානය කරනුයේ වේ.
මහණෙනි, මෙ පස් කරුණෙන් සමන්වාගත දේවධම්මික ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේ ය යි.
(ආජිවකාදීන්ගේ සිල්පරීමක් නැති බැවින් ස්වර්ගපක්ෂය නො වදාරන ලද)
(ආජිවකාදීන්ගේ සිල්පරීමක් නැති බැවින් ස්වර්ගපක්ෂය නො වදාරන ලද)
රාගාදිපෙය්යාලය
[රාගාදිපෙය්යාලය සූත්ර]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, රාගය (ස්වලක්ෂණ විසින්) දැනීම පිණිස පස් දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. කවර පස් දහම් කෙනෙක් යත්:
අශුභසංඥා යැ, මරණසංඥා යැ, ආදීනවසංඥා යැ, ආහාරයෙහි ප්රතිකූල සංඥා යැ, සියලු ත්රෛධාතුකලෝකයෙහි අනභිරත (නො ඇලීම්) සංඥා යි.
මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මේ පස් දහම්හු වැඩිය යුත්තාහ යි.
2. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස පස් දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. කවර පස් දහම් කෙනෙක් යත්:
අනිත්යසංඥා යැ, අනාත්මසංඥා යැ, මරණසංඥා යැ, ආහාරයෙහි ප්රතිකූල සංඥා යැ, සියලු ත්රෛධාතුකලෝකයෙහි අනභිරත සංඥා යි.
මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මෙ පස් දහම්හු වැඩිය යුත්තාහ යි.
3. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස පස් දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. කවර පස් දහම් කෙනෙක යත්:
අනිත්යසංඥා යැ, අනිත්යයෙහි දුඃඛසංඥා යැ, දුඃඛයෙහි අනාත්මසංඥා යැ, ප්රහාණසංඥා යැ, විරාගසංඥා යි.
මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මෙ පස් දහම්හු වැඩිය යුත්තාහ යි.
4. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස පස් දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. කවර පස් දහම් කෙනෙක යත්:
ශ්රද්ධේන්ද්රිය යැ, වීර්ය්යෙන්ද්රිය යැ, ස්මෘතීන්ද්රිය යැ, සමාධීන්ද්රිය යැ, ප්රඥේන්ද්රිය යි.
මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මෙ පස් දහම්හු වැඩිය යුත්තාහ යි.
5. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස පස් දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. කවර පස් දහම් කෙනෙක යත්:
ශ්රද්ධාබල යැ, වීර්ය්යබල ය, ස්මෘතිබල යැ, සමාධිබල යැ, ප්රඥාබල යි.
මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මෙ පස් දහම්හු වැඩිය යුත්තාහ යි.