5. 6. 1. 7-9.
[දුතියජ්ඣානාදි සූත්ර]
[සැවැත්නිදාන යි]
7-9. මහණෙනි, මෙ කරුණු පස ප්රහීණ නො කොට ද්විතීයධ්යානය … තෘතීයධ්යානය ... චතුර්ත්ථධ්යානය … උපයා වාසය කරන්නට අභව්ය වෙයි. කවර පසෙක යත්:
ආවාසමාත්සර්ය්ය ය, කුලමාත්සර්ය්ය ය, ලාභමාත්සර්ය්ය ය, වර්ණමාත්සර්ය්ය ය, ධර්මමාත්සර්ය්ය යි.
මහණෙනි, මෙ කරුණු පස ප්රහීණ නො කොට ද්විතීයධ්යානය … තෘතීයධ්යානය ... චතුර්ත්ථධ්යානය … උපයා වාසය කරන්නට අභව්ය වේ.
මහණෙනි, මෙ කරුණු පස ප්රහීණ කොට ද්විතීයධ්යානය … තෘතීයධ්යානය ... චතුර්ත්ථධ්යානය … උපයා වාසය කරන්නට භව්ය වෙයි. කවර පසෙක යත්:
ආවාසමාත්සර්ය්ය ය, කුලමාත්සර්ය්ය ය, ලාභමාත්සර්ය්ය ය, වර්ණමාත්සර්ය්ය ය, ධර්මමාත්සර්ය්ය යයි.
මහණෙනි, මෙ කරුණු පස ප්රහීණ කොට ද්විතීයධ්යානය … තෘතීයධ්යානය ... චතුර්ත්ථධ්යානය උපයා වාසය කරන්නට භව්ය වේ යයි.
5. 6. 1. 10.
[අපර පඨමජ්ඣාන සූත්රය]
[සැවැත්නිදාන යි]
10. මහණෙනි, මේ කරුණු පස ප්රහීණ නො කොට ප්රථමධ්යානය උපයා වසන්නට අභව්ය වෙයි. කවර පසෙක යත්:
ආවාසමාත්සර්ය්ය ය, කුලමාත්සර්ය්ය ය, ලාභමාත්සර්ය්ය ය, වර්ණමාත්සර්ය්ය ය, අකෘතඥතා අකෘතවේදිතා යි.
මහණෙනි, මේ කරුණු පස ප්රහීණ නො කොට ප්රථමධ්යානය උපයා වසන්නට අභව්ය වෙයි.
මහණෙනි, මෙ කරුණු පස ප්රහීණ කොට ප්රථමධ්යානය උපයා වසන්නට නිසි වෙයි. කවර පසෙක යත්:
ආවාසමාත්සර්ය්ය ය, කුලමාත්සර්ය්ය ය, ලාභමාත්සර්ය්ය ය, වර්ණමාත්සර්ය්ය ය, අකෘතඥතා අකෘතවේදිතා යි.
මහණෙනි, මෙ කරුණු පස ප්රහීණ කොට ප්රථමධ්යානය උපයා වසන්නට නිසි වේ යයි.
5. 6. 1. 11-13.
[අපර දුතියජ්ඣානාදි සූත්ර]
[සැවැත්නිදාන යි]
11-13. මහණෙනි, මේ ධර්ම පස ප්රහීණ නො කොට ද්විතීය ධ්යානය ... තෘතීයධ්යානය ... චතුර්ත්ථධ්යානය උපයා වාසය කරන්නට නිසි නො වෙයි. කවර පසෙක යත්;
ආවාසමාත්සර්ය්ය ය, කුලමාත්සර්ය්ය ය, ලාභමාත්සර්ය්ය ය, වර්ණමාත්සර්ය්ය ය, අකෘතඥතා අකෘතවේදිතා යි.
මහණෙනි, මේ ධර්ම පස ප්රහීණ නො කොට ද්විතීයධ්යානය ... තෘතීයධ්යානය ... චතුර්ත්ථධ්යානය උපයා වාසය කරන්නට නො නිසි වෙයි.
මහණෙනි, මේ ධර්ම පස ප්රහීණ කොට ද්විතීයධ්යානය ... තෘතීයධ්යානය ... චතුර්ත්ථධ්යානය උපයා වාසය කරන්නට නිසි වෙයි. කවර පසෙක යත්:
ආවාසමාත්සර්ය්ය ය, කුලමාත්සර්ය්ය ය, ලාභමාත්සර්ය්ය ය, වර්ණමාත්සර්ය්ය ය, අකෘතඥතා අකෘතවේදිතා යි.
මහණෙනි, මේ ධර්ම පස ප්රහීණ කොට [ද්විතීයධ්යානය ... තෘතීයධ්යානය ... චතුර්ත්ථධ්යානය] උපයා වාසය කරන්නට නිසි වෙයි.
5. 6. 1. 14-17.
[සෝතාපත්ති ඵලාදිසච්ඡිකිරියා සූත්ර]
[සැවැත්නිදාන යි]
14-17. මහණෙනි, මේ ධර්මපස ප්රහීණ නො කොට සෝවත් ඵලය සාක්ෂාත් කරන්නට … සෙදගැමිඵලය ... අනගැමිඵලය ... අර්හත් ඵලය සාක්ෂාත් කරන්නට නො නිසි වෙයි. කවර පසෙක යත්;
ආවාසමාත්සර්ය්යය, කුලමාත්සර්ය්යය, ලාභමාත්සර්ය්යයය, වර්ණමාත්සර්ය්යය, ධර්මමාත්සර්ය්ය යි.
මහණෙනි, මේ ධර්මපස ප්රහීණ නො කොට සෝවත්ඵලය සාක්ෂාත් කරන්නට ... සෙදගැමිඵලය ... අනගැමිඵලය ... රහත්ඵලය සාක්ෂාත් කරන්නට නො නිසි වෙයි.
මහණෙනි, මේ ධර්මපස ප්රහීණ කොට සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නට ... සෙදගැමි ඵලය ... අනගැමි ඵලය ... රහත් ඵලය සාක්ෂාත් කරන්නට නිසි වෙයි. කවර පසෙක යත්:
ආවාසමාත්සර්ය්යය, කුලමාත්සර්ය්යය, ලාභමාත්සර්ය්යය, වර්ණමාත්සර්ය්යය, ධර්මමාත්සර්ය්ය යි.
මහණෙනි, මේ ධර්මපස ප්රහීණ කොට ශ්රෝතාපත්තිඵලය ... සකෘදාගාමිඵලය ... අනාගාමිඵලය ... අර්හත්ඵලය සාක්ෂාත් කරන්නට භව්ය වෙයි.