5. 6. 1. 2.
[නිස්සය සූත්රය]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත මහණහු විසින් (ඇදුරු ව සිට) නිස දිය යුතු යි. කවර පසෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අශෛක්ෂ ශීලස්කන්ධයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ සමාධිස්කන්ධයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ ප්රඥාස්කන්ධයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ වූ විමුක්තිස්කන්ධයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ වූ විමුක්තිඥානදර්ශනස්කන්ධයෙන් සමන්වාගත වේ.
මහණෙනි, මේ කරුණු පසින් සමන්වාගත මහණහු විසින් නිස දිය යුතු යි.
5. 6. 1. 3.
[සාමණේර සූත්රය]
[සැවැත්නිදාන යි]
3. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත මහණහු විසින් (වත්තෙර ව සිට) සාමණේරයෙක් එළවා (උපයා) ගතයුත්තේ ය. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අශෛක්ෂ ශීලස්කන්ධයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ සමාධිස්කන්ධයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ ප්රඥාස්කන්ධයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ විමුක්තිස්කන්ධයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ විමුක්තිඥානදර්ශනස්කන්ධයෙන් සමන්වාගත වේ.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත මහණහු විසින් සාමණේරයෙක් එළවා ගතයුත්තේ ය යි.
5. 6. 1. 4.
[මච්ඡරිය සූත්රය]
[සැවැත්නිදාන යි]
4. මහණෙනි, මේ මාත්සර්ය්ය පසෙකි. කවර පසෙක යත්:
ආවාසමාත්සර්ය්ය ය, කුලමාත්සර්ය්ය ය, ලාභමාත්සර්ය්ය ය, වර්ණමාත්සර්ය්ය ය, ධර්මමාත්සර්ය්ය යි.
මහණෙනි, මේ මාත්සර්ය්ය පසයි.
මහණෙනි, මෙ මාත්සර්ය්යයන් අතුරෙන් ධර්මමාත්සර්ය්ය ය යන යමෙක් වේ නම්, තෙල අතිශයින් ලමු වේ යයි.
5. 6. 1. 5.
[මච්ඡරියපහාන සූත්රය]
[සැවැත්නිදාන යි]
5. මහණෙනි, පඤ්චමාත්සර්ය්යයන්ගේ ප්රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බඹසර වෙසෙයි. කවර පඤ්ච මාත්සර්ය්යකෙනකුගේය යත්:
ආවාසමාත්සර්ය්යයාගේ ප්රහාණය සමුච්ඡේදය පිණිස බඹසර වෙසෙයි. කුලමාත්සර්ය්යයාගේ ... ලාභමාත්සර්ය්යයාගේ ... වර්ණමාත්සර්ය්යයාගේ ... ධර්මමාත්සර්ය්යයාගේ ප්රහාණය සමුච්ඡේදය පිණිස බ්රහ්මචර්ය්යය වෙසෙයි.
මහණෙනි, මේ පඤ්චමාත්සර්ය්යයන්ගේ ප්රහාණය සමුච්ඡේදය සඳහා බඹසර වෙසේ යයි.
5. 6. 1. 6.
[පඨමජ්ඣාන සූත්රය]
[සැවැත්නිදාන යි]
6. මහණෙනි, මෙ දහම් පස ප්රහීණ නො කොට ප්රථම ධ්යානය උපයා ගෙණ වසන්නට අභව්ය වෙයි. කවර පසෙක යත්:
ආවාසමාත්සර්ය්යය ය, කුලමාත්සර්ය්ය ය, ලාභමාත්සර්ය්ය ය, වර්ණමාත්සර්ය්ය ය, ධර්මමාත්සර්ය්ය යි.
මහණෙනි, මේ පඤ්ච මාත්සර්ය්යයන් ප්රහීණ නො කොට ප්රථමධ්යානය උපයා ගෙණ වසන්නට නො නිසි (නොහැකි) වේ යයි.
මහණෙනි, මෙ දහම් පස ප්රහීණ කොට ප්රථම ධ්යානය උපයා ගෙණ වසන්නට භව්ය වෙයි. කවර පසෙක යත්:
ආවාසමාත්සර්ය්ය ය, කුලමාත්සර්ය්ය ය, ලාභමාත්සර්ය්ය ය, වර්ණමාත්සර්ය්ය ය, ධර්මමාත්සර්ය්ය යි.
මහණෙනි, මේ දහම් පස ප්රහීණ කොට ප්රථම ධ්යානය උපයා ගෙණ වසන්නට භව්ය වේ යයි.