5. 3. 3. 10.
[සම්පදා සූත්රය]
[සැවැත්නිදාන යි]
30. මහණෙනි, මේ ව්යසන (විපත්) පසෙකි. කවර පසෙක යත්:
ඥාතිව්යසනය, භෝගව්යසනය, රෝගව්යසනය, ශීලව්යසනය, ද්රෂ්ටිව්යසන යී.
මහණෙනි, සත්ත්වයෝ ඥාතිව්යසනහේතුවින් වේවයි, භෝගව්යසනහේතුවින් වේවයි, රොගව්යසනහේතුවින් වේවයි, කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්ගති නම්වූ විනිපාත නම් වූ නිරයට නො පැමිණෙත්.
මහණෙනි, ශීලව්යසනහේතුවින් වේවයි, දෘෂ්ටිව්යසනහේතුවින් වේවයි සත්ත්වයෝ කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙත්.
මහණෙනි, මේ ව්යසන පස යි.
මහණෙනි, මේ සම්පත් පසෙකි. කවර පසෙක යත්:
ඥාතිසම්පද් හා භෝගසම්පද් හා ආරොග්යසම්පද් හා ශීලසම්පද් හා දෘෂ්ටිසම්පද් හා යැ.
මහණෙනි, සත්ත්වයෝ ඥාතිසම්පද්හේතුවින් වේවයි, භෝගසම්පද්හේතුවින් වේවයි, ආරොග්යසම්පද්හේතුවින් වේවයි කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්යාත ස්වර්ගලෝකයට නො පැමිණෙත්.
මහණෙනි, සත්ත්වයෝ ශීලසම්පද්හේතුවින් හෝ දෘෂ්ටිසම්පද්හේතුවින් හෝ කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්යාත ස්වර්ගලෝකයට පැමිණෙත්.
මහණෙනි, මේ සම්පත් පස යි.
ගිලාන වර්ගය තුන් වැනි යි.
එහි උද්දානය:
ගිලාන සූත්ර ය, සතිසූපට්ඨිත සූත්ර ය, උපට්ඨාක සූත්ර දෙක ය, අනායුස්ස සූත්ර දෙක ය, වපකාස සූත්ර ය, සමණසූඛ සූත්ර ය, පරිකුප්ප සූත්ර ය, සම්පදා සූත්රය දැ යි සූත්ර දශයෙකි.
4. රාජ වර්ගය
5. 3. 4. 1.
[ප්රථම චක්කානුවත්තන සූත්රය]
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත සක්විති රජ (දසකුසල්) දැහැමින් ම අණසක් පවත්වයි. කිසිදු මනුෂ්ය වූ පසමිතුරු ප්රාණියකු විසින් එ අණසක් ප්රතිවර්තන නො කළ හැකි වෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ ලොව්හි සක්විතිරජ (හේතු සඞ්ඛ්යාත) අර්ත්ථය දනුයේ ද, ප්රවේණිධර්මය දනුයේ ද, (දඬුවම්හි වේවයි, කරවුවරෙහි වේවයි) මාත්රා දනුයේ ද, (රාජ්යසුඛානුභව - විනිශ්චයකරණ - චාරිකා පිළිබඳ) කාලය දනුයේ ද, (ක්ෂත්රිය-බ්රාහ්මණ-වෛශ්ය-ශ්රද්ර-ශ්රමණපර්ෂද් ආදි) පර්ෂද් දනුයේ ද වෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත සක්විති රජ දැහැමින් ම අණසක් පවත්වයි. එ අණසක් වනාහි කිසිදු මනුෂ්ය වූ පසමිතුරු ප්රාණියකු විසින් ප්රතිවර්තන නො කළ හැකි වෙයි.
මහණෙනි, එ පරිද්දෙන් ම දහම් පසෙකින් සමන්වාගත තථාගත අර්හත් සම්යක්සම්බුද්ධයන් වහන්සේ දැහැමින් ම (නවලෝකොත්තර ධර්මයෙන්) අනුත්තර වූ ධර්මචක්රය පවත්වන සේක. එ ශ්රේෂ්ඨචක්රය වනාහි ශ්රමණයකු විසින් වේවයි, බ්රාහ්මණයකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මාරයකු විසින් වේවයි, බ්රහ්මහකු විසින් වේවයි, ලොව්හි කිසිවකු විසින් වේවයි ප්රතිවර්තනය කළ හැකි නො වෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ ලොව්හි තථාගත අර්හත් සම්යක්සම්බුද්ධයන් වහන්සේ (පඤ්චවිධ) අර්ත්ථ දන්නාහ. (සතර) ධර්මයන් දන්නාහ. (සිවුපසෙහි) මාත්රා දන්නාහ. (පටිසල්ලානආදි) කාල දන්නාහ. පිරිස් දන්නාහ.
මහණෙනි, මේ පඤ්චධර්මයෙන් සමන්වාගත තථාගත අර්හත් සම්යක්සම්බුද්ධයන් වහන්සේ ධර්මයෙන් ම අනුත්තරධර්මචක්රය පවත්වන්නාහ. එ ධර්මචක්රය ශ්රමණයකු විසින් වේවයි, බ්රාහ්මණයකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මාරයකු විසින් වේවයි, බ්රහ්මයකු විසින් වේවයි, ලොව්හි කිසිවකු විසින් වේවයි ප්රතිවර්තනය කළ හැකි නො වේ ය යි.
5. 3. 4. 2.
[දෙවැනි චක්කානුවත්තන සූත්රය]
[සැවැත්නිදාන යි]
32. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත වූ සක්විති රජුගේ දෙටු පුත් පියහු විසින් පවත්වන ලද ආඥාචක්රය දැහැමින් ම අනුව පවත්වයි. එ අණසක් මනුෂ්ය වූ කිසිදු පසමිතුරු ප්රාණියකු විසින් ප්රතිවර්තන කළ හැකි නො වෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ ලොව්හි සක්විති රජහුගේ ජ්යේෂ්ඨ පුත්ර අර්ත්ථඥ ද වෙයි, ධර්මඥ ද වෙයි, මාත්රඥ ද වෙයි, කාලඥ ද වෙයි, පර්ෂද් දන්නේ ද වේ.