5. 3. 2. 8.
[මිච්ඡාදිට්ඨික සූත්රය]
[සැවැත්නිදාන යි]
18. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබුවක සෙයින් නිරයෙහි වෙයි. කවර පසෙකින් යත්:
නො දැනැ නො විමසා ගුණ නො වැණිය යුතුවහුගේ ගුණ කියයි. නො දැනැ නො විමසා ගුණ වැණිය යුතුවහුගේ අගුණ කියයි. මිසදිටු ඇත්තී ද වෙයි. මිථ්යාසංකල්ප ඇත්තී ද වෙයි. ශ්රද්ධාදෙයය විනිපාතන කෙරෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් නිරයෙහි වෙයි.
මහණෙනි, කරුණු පසෙකින් යුත් මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්ගයෙහි වෙයි. කවර පසෙකින් යත්:
නුවණින් දැනැ කරුණු විමසා නුගුණ කියයුත්තාහට නුගුණ කියයි. දැනැ කරුණු විමසා ගුණ කියයුත්තාහට ගුණ කියයි. සම්යක්දෘෂ්ටි ඇත්තී ද වෙයි. සම්යක්සංකල්ප ඇත්තී ද වෙයි. ශ්රද්ධාදෙයය විනිපාතන නො කෙරෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් යුත් මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සේ ස්වර්ගයෙහි වේ ය යි.
5. 3. 2. 9.
[මිච්ඡාවාචා සූත්රය]
[සැවැත්නිදාන යි]
19. මහණෙනි, ධර්ම පසෙකින් සමන්වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් නිරයෙහි වෙයි. කවර පසෙකින් යත්:
නො දැනැ කරුණු නො විමසා අවර්ණාර්හයාගේ ගුණ වර්ණනය කියයි. නො දැනැ කරුණු නො විමසා වර්ණාර්හයාගේ අවර්ණය කියයි. මිථ්යාවචන ඇත්තී වෙයි. මිථ්යාකර්මාන්ත ඇත්තී වෙයි. ශ්රද්ධාදෙයය විනිපාතන කරයි.
මහණෙනි, මේ පඤ්චධර්මයෙන් සමන්වාගත භික්ෂුණී ගෙණවුත් බහා තැබූවක සෙයින් නිරයෙහි (උපදිනී) වෙයි.
මහණෙනි, ධර්ම පසෙකින් සමන්වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්ගයෙහි (උපදිනී) වෙයි. කවර පසෙකින් යත්:
දැනැ කරුණු විමසා අවර්ණාර්හයාගේ අවර්ණය කියයි. දැනැ කරුණු විමසා වර්ණාර්හයාගේ ගුණ කියයි. සම්යග්වචන ඇත්තී වෙයි. සම්යක්කර්මාන්ත ඇත්තී ද වෙයි. ශ්රද්ධාදෙයය විනිපාතන නො කරයි.
මහණෙනි, මෙ දහම් පසින් සමන්වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්ගයෙහි උපදිනී වේ ය යි.
5. 3. 2. 10.
[මිච්ඡාවායාම සූත්රය]
[සැවැත්නිදාන යි]
20. මහණෙනි, ධර්ම පසෙකින් සමන්වාගත භික්ෂුණී ගෙණවුත් බහා තැබුවක සෙයින් නිරයෙහි (උපදිනී) වෙයි. කවර පසෙකින් යත්:
නො දැනැ කරුණු නො විමසා අවර්ණාර්හයාගේ ගුණ කියයි. නො දැනැ කරුණු නො විමසා වර්ණාර්හයාගේ නුගුණ කියයි. මිථ්යාව්යායාම ඇත්තී ද වෙයි. මිථ්යාස්මෘති ඇත්තී ද වෙයි. ශ්රද්ධාදෙයය විනිපාතන කෙරෙයි.