5. 3. 2. 5.
[මච්ඡරී සූත්රය]
[සැවැත්නිදාන යි]
15. මහණෙනි, පඤ්චධර්මයෙකින් සමන්වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් නිරයෙහි (උපදනී) වෙයි. කවර පසෙකින් යත්:
ආවාසයෙහි මසුරුබව ඇත්තී වෙයි, කුලයෙහි මසුරුබව ඇත්තී වෙයි, ලාභයෙහි මසුරුබව ඇත්තී වෙයි, වර්ණ (ගුණ) යෙහි මසුරුබව ඇත්තී වෙයි, ධර්මයෙහි මසුරුබව ඇත්තී වෙයි.
මහණෙනි, මෙ පස් කරුණින් සමන්වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබුවක සෙයින් නිරයෙහි (උපදනී) වෙයි.
මහණෙනි, පඤ්චධර්මයෙකින් සමන්වාගත මෙහෙණ ගෙණවුත් තැබූවක සෙයින් ස්වර්ගයෙහි (උපදිනී) වෙයි. කවර පසෙකින් යත්:
ආවාසමාත්සර්ය්ය ඇත්තී නො වෙයි, කුල (උපස්ථායක කුලයෙහි) මාත්සර්ය්ය ඇත්තී නො වෙයි, ලාභමාත්සර්ය්ය ඇත්තී නො වෙයි, වර්ණමාත්සර්ය්ය ඇත්තී නො වෙයි, ධර්මමාත්සර්ය්ය ඇත්තී නොවේ.
මහණෙනි, මේ ධර්මපසින් සමන්වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්ගයෙහි (උපදනී) වෙයි.
5. 3. 2. 6.
[වණ්ණා සූත්රය]
[සැවැත්නිදාන යි]
16. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත මෙහෙණ ගෙණවුත් තැබුවක සෙයින් නිරයෙහි (උපදනී) වෙයි. කවර පසෙකින් යත්:
නො දැන නො විමසා අවර්ණාර්හයාට (ගුණනැත්තාහට) වර්ණ (ගුණ) බෙණෙයි, නො දැනැ නො විමසා වර්ණාර්හයාට (ගුණැත්තාහට) අවර්ණ (අගුණ) බෙණෙයි, නො දැනැ නො විමසා නො පැහැදිය යුතු තන්හි ප්රසාදය උපදවයි. නො දැනැ නො විමසා පැහැදිය යුතු තන්හි අප්රසාදය උපදවයි. ශ්රද්ධාදෙයය (සැදැහැයෙන් දුන් දෙය) විනිපාතන (නසාලිම්) කෙරෙයි.
මහණෙනි, මේ පඤ්ච ධර්මයෙන් සමන්වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබුවක සෙයින් නිරයෙහි (උපදනී) වෙයි.
මහණෙනි, පඤ්චධර්මයෙකින් සමන්වාගත මෙහෙණ ගෙණවුත් තැබූවක සෙයින් ස්වර්ගයෙහි (උපදිනී) වෙයි. කවර පසෙකින් යත්:
දැනැ (කරුණු) විමසා අවර්ණාර්හයාට අවර්ණ බෙණෙයි, දැනැ විමසා වර්ණාර්හයාට වර්ණ බෙණෙයි, දැනැ විමසා නො පැහැදිය යුතු තන්හි අප්රසාදය උපදවයි, දැනැ විමසා පැහැදිය යුතු තන්හි ප්රසාදය උපදවයි, ශ්රද්ධාදෙයය (සැදැහැයෙන් දුන් දැය) විනිපාතන (විනාශ) නො කෙරෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක එසෙයින් ස්වර්ගයෙහි වේ යයි.
5. 3. 2. 7.
[ඉස්සුකී සූත්රය]
[සැවැත්නිදාන යි]
17. මහණෙනි, ධර්ම පසෙකින් සමන්වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් නිරයෙහි වෙයි. කවර පසෙකින් යත්:
නො දැනැ නො විමසා අවර්ණාර්හයාට ගුණ කියයි, නො දැනැ නො විමසා වර්ණාර්හයාට නුගුණ කියයි. ඊර්ෂ්යා ඇත්තී ද වෙයි, මාත්සර්ය්ය ඇත්තී ද වෙයි, ශ්රද්ධාදෙයය විනිපාතන කෙරෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබුවක සෙයින් නිරයෙහි වෙයි.
මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්ගයෙහි වෙයි. කවර පසෙකින් යත්:
දැනැ විමසා අවර්ණාර්හයාට අවර්ණ කියයි, දැනැ විමසා වර්ණාර්හයාට වර්ණ කියයි, ඊර්ෂ්යා නැත්තී ද වෙයි, මාත්ස්යර්ය නැත්තී ද වෙයි, ශ්රද්ධාදෙයය විනිපාතන නො කෙරෙයි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්ගයෙහි වේ යයි.
5. 3. 2. 8.
[මිච්ඡාදිට්ඨික සූත්රය]
[සැවැත්නිදාන යි]
18. මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබුවක සෙයින් නිරයෙහි වෙයි. කවර පසෙකින් යත්:
නො දැනැ නො විමසා ගුණ නො වැණිය යුතුවහුගේ ගුණ කියයි. නො දැනැ නො විමසා ගුණ වැණිය යුතුවහුගේ අගුණ කියයි. මිසදිටු ඇත්තී ද වෙයි. මිථ්යාසංකල්ප ඇත්තී ද වෙයි. ශ්රද්ධාදෙයය විනිපාතන කෙරෙයි.