5. 3. 2. 10.
[මිච්ඡාවායාම සූත්රය]
[සැවැත්නිදාන යි]
20. මහණෙනි, ධර්ම පසෙකින් සමන්වාගත භික්ෂුණී ගෙණවුත් බහා තැබුවක සෙයින් නිරයෙහි (උපදිනී) වෙයි. කවර පසෙකින් යත්:
නො දැනැ කරුණු නො විමසා අවර්ණාර්හයාගේ ගුණ කියයි. නො දැනැ කරුණු නො විමසා වර්ණාර්හයාගේ නුගුණ කියයි. මිථ්යාව්යායාම ඇත්තී ද වෙයි. මිථ්යාස්මෘති ඇත්තී ද වෙයි. ශ්රද්ධාදෙයය විනිපාතන කෙරෙයි.
මහණෙනි, මේ ධර්ම පසින් සමන්වාගත භික්ෂුණී ගෙණවුත් බහා තැබූවක සෙයින් නිරයෙහි වෙයි.
මහණෙනි, කරුණු පසෙකින් යුත් භික්ෂුණී ගෙණවුත් බහා තැබූවක සේ ස්වර්ගයෙහි වෙයි. කවර පසෙකින් යත්:
දැනැ කරුණු විමසා අවර්ණාර්හයාගේ නුගුණ කියයි. දැනැ කරුණු විමසා වර්ණාර්හයාගේ ගුණ කියයි. සම්යග්ව්යායාම ඇත්තී ද වෙයි. සම්යක්ස්මෘති ඇත්තී ද වෙයි. ශ්රද්ධාදෙයය විනිපාතන නො කෙරෙයි.
මහණෙනි, මේ කරුණු පසින් සමන්වාගත භික්ෂුණී ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්ගයෙහි (උපදිනී) වේ ය යි.
අන්ධකවින්දවර්ගය දෙවැනි යි.
එහි උද්දානය:
කුලූපග සූත්රය, පච්ඡාසමණ සූත්රය, සම්මාසමාධි සූත්රය, අන්ධකවින්ද සූත්රය, මච්ඡරිනී සූත්රය, වණ්ණ සූත්රය, ඉස්සුකීය සූත්රය, මිච්ඡාදිට්ඨික සූත්රය, මිච්ඡාවාචා සූත්රය, මිච්ඡාවායාම සූත්රය යි සූත්ර දශයෙකි.