5. 2. 5. 10.
[කකුධ සූත්රය]
50. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්යවතුන් වහන්සේ කොසඹෑනුවර සමීපයෙහි වූ ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සේක. එකල ආයුෂ්මත් මහාමෞද්ගල්යාන තෙරණුවන්ගේ උපස්ථායක වූ කකුධ නම් කෝලිය පුත්ර නොබෝ දිනෙකින් කලුරිය කෙළේ අන්යතර මනෝමයදේවනිකායේක්හි උපන්නේ වෙයි. ඔහුට මෙබඳු වූ අත්මභාව (ශරීර) ප්රතිලාභයෙක් වෙයි. එනම්: මගධදේශයට අයත් ග්රාමක්ෂේත්ර දෙකෙක් හෝ තුණෙක් යම් පමණ වේ නම්, එ පමණ වූවෙකි. හේ එ ආත්මභාව ප්රතිලාභයෙන් තමා වේවයි මෙරමා වේවයි නො මැ පෙළයි.
ඉක්බිති කකුධ දේවපුත්ර ආයුෂ්මත් මහමුගලන් තෙරුන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරුන් සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත් පසෙක සිටි කකුධදෙවපුත්ර ආයුෂ්මත් මහමුගලන් තෙරුන්හට තෙල කී ය: “වහන්ස, දෙව්දතුනට ‘මම බික් සඟුන් පිළිදගුම්ව’යි යන මෙබඳු ඉච්ඡායෙක් උපන. වහන්ස, චිත්තෝත්පාදය හා සමඟ මැ දේවදත්ත එ ඉදුහයෙන් පිරිහිනැ”යි කකුධදෙවපුත්ර මෙය කී ය. මෙය කියා ආයුෂ්මත් මහමුගලන් තෙරුන් සකසා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් කෙළේ ය.
එකළ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කළහ:
“වහන්ස, මාගේ උපස්ථායක වූ කකුධ නම් කෝලියපුත්ර නොබෝදා කලුරිය කෙළේ අන්යතර මනෝමයකායයෙක්හි උපන. ඔහුගේ ආත්මභාවප්රතිලාභය මගධ දෙශීය ග්රාමක්ෂේත්ර දෙකෙක් හෝ තුණෙක් යම් පමණ වේ නම්, එපමණ වූයේ වෙයි. හේ ඒ අත්බැවින් තමා හෝ මෙරමා නො මැ පෙළයි. වහන්ස, ඉක්බිති කකුධ දේවපුත්ර මා කරා එළඹියේ ය. එළඹ මා සකසා වැඳ එකත්පස්ව සිටියේ ය. වහන්ස, එකත්පස්ව සිටි කකුධ දේවපුත්රයා මට තෙල කරුණ කී ය: වහන්ස, දේවදත්ත හට ‘මම බික්සඟුන් පරිහරණය කෙරෙමි’ යන මෙබඳු ඉච්ඡායෙක් උපන. වහන්ස, චිත්තෝත්පාදයාගේ උපත් හා සමඟ මැ දේවදත්ත එ ඉදුහයෙන් පිරිහිනැ යි. වහන්ස, කකුධදේවපුත්රයා මෙය කී ය. මෙය කියා මා සකසා වැඳ පැදකුණු කොට එහි මැ අතුරුදහන් කෙළේ” යයි.
මුගලන කිමෙක, තා විසින් කකුධදේවපුත්රයා සියසිතින් ඔහු සිත පිරිසිඳ දන්නා ලද ද: ‘යමක් කකුධ දේවපුත්රයා කියා නම්’ එ හැම අන් පරිද්දෙකින් නොව එපරිද්දෙන් මැ වේ ය’ යි කියා යි.
වහන්ස, “කකුධ දේවපුත්ර යමක් කියා නම්, එ හැම එපරිදි මැ වෙයි. අන්පරිදි නො වේ ය”යි ම විසින් මා සිතින් ඹහු සිත පිරිසිඳ කකුධ දේවපුත්ර දන්නා ලද්දේ ය. මුගලන, තෙල බස රකුව. දැන් එ (දේවදත්ත) මෝඝපුරුෂයා තෙමේ මැ තමා පළ කරන්නේ ය යි.
මුගලන, ලොව්හි මේ ශාස්තෲහු පස් දෙනෙක් විද්යමාන වෙත්. කවර පස් දෙනක යත්:
මුගලන, මෙ ලොව්හි අන්යතර ශාස්තෘයෙක් නොපිරිසිදු සිල් ඇතියේ මැ “පිරිසිදු සිල් ඇතියෙමි, මාගේ ශීලය පරිශුද්ධ ය, පර්ය්යවදාත ය, අසංක්ලිෂ්ට ය”යි ප්රතිඥා කරයි. ශ්රාවකයෝ තෙල ස්ථරහු මෙසේ හඳුනත්: “මෙ භවත් ශාස්තෘ තෙමේ අපරිශුද්ධ ශීල ඇතියේ මැ ‘පරිශුද්ධ ශීලයෙමි, මාගේ ශීලය පරිශුද්ධ ය, පර්ය්යවදාත ය, නොකිලිටි ය’යි පිළින කරයි. අපිදු වනාහි එ බව් ගිහීනට සැළ කරමෝ නම්, ඔහට එ මනාප නොවන්නේ ය. යම් කිසිවක් ඔහට අමනාප වේ නම්, අපි කිසෙයින් නම් එය කියමෝ ද! සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරින් ලෝකයා ඔහු සගන්නේ ම ය. තෙමේ යමක් කෙරේ ද, එයින් හේ තෙමේ මැ පළට වන්නේ ය”යි. මුගලන, ශ්රාවකයෝ මෙබඳු ස්ථරහු ශීලයෙන් රක්නාහ. මෙබඳු ශාස්තෘ තෙමේ ශ්රාවකයන්ගෙන් ශීල හේතුයෙන් ආරක්ෂාව පතන්නේ ය. (1)
තවද මුගලන, මෙලොව්හි ඇතැම් ශාස්තෘයෙක් නො පිරිසිදු ආජීව ඇතියේ මැ ‘පිරිසිදු ආජීව ඇතියෙමි, මාගේ ආජීවය පරිශුද්ධ ය, පර්ය්යවදාත ය, නොකිලිටි ය’යි ප්රතිඥා කෙරෙයි. ශ්රාවකයෝ තෙල ස්ථරහු මෙසේ හඳුනත්: “මෙ භවත් ශාස්තෘ තෙමේ අපරිශුද්ධ ආජීව ඇතියේ මැ ‘පිරිසිදු ආජීව ඇතියෙමි, මාගේ ආජීවය පරිශුද්ධ ය, පර්ය්යවදාත ය, නොකිලිටි ය’යි පිළින කෙරෙයි. අපිදු එබව් ගිහියනට සැළ කරමෝ නම්, එය ඔහට මනාප නොවන්නේ ය. යමක් ඔහට අමනාප වේ නම්, කිසෙයින් අපි ඔහු එයින් කියමෝ ද! ලෝකයා ඔහුට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරින් බුහුමන් කෙරේ මැයි. තෙමේ යමක් කෙරේ නම්, හෙ තෙමේ මෑ එයින් පළට වන්නේ ය”යි. මුගලන, ශ්රාවකයෝ මෙබඳු ශාස්තෲහු ආජීවයෙන් රක්නාහ. මෙබඳු ශාස්තෘ තෙමේත් ශ්රාවකයන්ගෙන් ආජීවහේතුයෙන් ආරක්ෂාව පතයි. (2)
තවද මුගලන, මෙලොව්හි ඇතැම් ශාස්තෘයෙක් අපරිශුද්ධ ධර්මදේශනා ඇතියේ මැ ‘පරිශුද්ධධර්ම දේශනා ඇතියෙමි, මාගේ ධර්මදේශනාව පරිශුද්ධ ය, පර්ය්යාවදාත ය, නොකිලිටි ය’යි පිළින කරයි. සව්වෝ තෙල ස්ථරහු මෙසේ හඳුනත්: “මෙ භවත් ශාස්තෘ තෙමේ අපරිශුද්ධ ධර්මදේශනා ඇතියේ මැ ‘පරිශුද්ධධර්මදේශනා ඇතියෙමි, මාගේ ධර්මදේශනාව පරිශුද්ධ ය, පර්ය්යාවදාත ය, අසංක්ලිෂ්ට ය’යි පිළින කරයි. අපිදු ගිහිනට මෙබව් සැළ කරමෝ නම්, එය ඔහට මනාප නොවන්නේ ය. යමක් ඔහට අමනාප වේ නම්, කිසෙයින් අපි ඔහු එයින් කියමෝ ද! ලෝකයා ඔහුට චීවරපිණ්ඩපාතශයනාසන-ග්ලානප්රත්යයභෛෂජ්යපරිෂ්කාරයෙන් බුහුමන් කෙරේ මැයි. යමක් තෙමේ කෙරේ නම්, එයින් හෙ තෙමේ මැ පළට වන්නේ ය”යි. මුගලන, ශ්රාවකයෝ මෙබඳු ස්ථරහු ධර්මදේශනා හේතුයෙන් රක්නාහ. මෙ බඳු ශාස්තෘ තෙමේත් ශ්රාවකයන් වෙතින් ධර්මදේශනා හේතුයෙන් රක්ෂා පතන්නේ ය. (3)
තවද මුගලන, මෙලොවිහි ඇතැම් ශාස්තෘයෙක් නොපිරිසිදු ව්යාකරණ (කථා) ඇත්තේ මැ ‘පිරිසිදු ව්යාකරණ ඇතියෙම් වෙමි, මාගේ ව්යාකරණය පරිශුද්ධ ය, පර්ය්යාවදාත ය, නො කිලිටි ය’යි පිළින කෙරෙයි. ශ්රාවකයෝ තෙල පුඟුල්හු ‘මෙ භවත් ශාස්තෘ තෙමේ නොපිරිසිදු ව්යාකරණ ඇතියේ මැ පිරිසිදු ව්යාකරණ ඇතියෙමි, මාගේ ව්යාකරණය පිරිසිදු ය, පර්ය්යාවදාත ය, නො කිලිටිය’යි පිළින කරයි. ඉදින් අපිදු මෙබව් ගිහිනට සැළ කරමෝ නම්,