4. 8. 3.
[චතුරිද්ධිපාද සූත්රය]
3. මහණෙනි, රාගයාගේ අභිඥා පිණිස ධර්මයෝ සතර දෙනෙක් වැඩිය යුත්තාහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ඡන්දසමාධි පූර්වක ප්රධන්වීර්ය්ය සඞ්ඛ්යාත සංස්කාරයෙන් සමන්වාගත ඍද්ධිපාදය භවයි. වීර්ය්යසමාධිපූර්වක ... චිත්තසමාධිපූර්වක ... විමංසාසමාධිපූර්වක ප්රධන්වීර්ය්ය සඞ්ඛ්යාත සංස්කාරයෙන් සමන්වාගත ඍද්ධිපාදය භවයි:
මහණෙනි, රාගයාගේ අභිඥා පිණිස මේ සතර ධර්මයෝ භාවිතව්යයෝ යි.
[4.8.4-30]
මහණෙනි, රාගයාගේ පරිඥා පිණිස ... ධර්මයෝ සතර දෙනෙක් වැඩිය යුත්තාහ. මහණෙනි, රාගයාගේ පරික්ෂය පිණිස ... ප්රහාණය පිණිස ක්ෂය පිණිස ... ව්යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්යාගය පිණිස ... ප්රතිනිස්සර්ගය පිණිස මේ සතර ධර්මයෝ භාවිතව්යයෝ යි.
[4.8.31-60]
මහණෙනි, ද්වේෂයාගේ අභිඥා පිණිස ධර්මයෝ සතර දෙනෙක් වැඩිය යුත්තාහ. මහණෙනි, ද්වේෂයාගේ පරිඥා පිණිස ... පරික්ෂය පිණිස ... ප්රහාණය පිණිස ... ක්ෂය පිණිස ... ව්යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්යාගය පිණිස ... ප්රතිනිස්සර්ගය පිණිස ... මේ සතර ධර්මයෝ වැඩිය යුත්තාහ.
[4.8.61-480]
මහණෙනි, මෝහයාගේ ... ක්රෝධයාගේ ... උපනාහයාගේ ... මක්ඛයාගේ ... පලාසයාගේ ... ඊර්ෂ්යාවගේ ... මාත්සර්ය්යයාගේ ... මායාවගේ සඨභාවයාගේ ස්තම්භයාගේ ... සාරම්භයාගේ ... මානයාගේ ... මදයාගේ ... ප්රමාදයාගේ ... අභිඥා පිණිස ... පරිඥා පිණිස ... පරික්ෂය පිණිස ... ප්රහාණය පිණිස ... ක්ෂය පිණිස ... ව්යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්යාගය පිණිස ... ප්රතිනිස්සර්ගය පිණිස ධර්මයෝ සතර දෙනෙක් වැඩිය යුත්තාහ. කවර සතර දෙනෙක යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කයෙහි කය නුවණින් දක්නේ ... වේදනාවන්හි වේදනා නුවණින් දක්නේ ... ධර්මයන්හි ධර්ම නුවණින් දක්නේ වෙසෙයි ... අකුශල ධර්මයන්ගේ අනුත්පාදය පිණිස ... ප්රහාණය පිණිස ... කුශලධර්මයන්ගේ උත්පාදය පිණිස ... භාවනායෙන් පරිපූර්ණත්වය පිණිස ඡන්දය දනවයි ... ඡන්ද සමාධි ප්රධන්වීර්ය්ය සමන්වාගත ඍද්ධිපාදය ... වීර්ය්ය සමාධි ... චිත්ත සමාධි ... විමංසාසමාධි ප්රධන්වීර්ය්ය සමන්වාගත ඍද්ධිපාදය වඩයි. මහණෙනි, ප්රමාදයාගේ අභිඥා පිණිස ... ප්රතිනිස්සර්ගය පිණිස මේ සතර ධර්මයෝ වැඩිය යුත්තාහ.
රාගාදි පෙය්යාලය නිමි.
චතුක්ක නිපාතය සමාප්ත යි.