4. 5. 2. 8.
සත්වන නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය
18. [මහණෙනි, දහම් සතරෙකින් සමන්‍වාගත වූයේ ...]
දෘෂ්ටායතනයෙහි අදෘෂ්ටවාද ඇත්තේ වෙයි. ශ්‍රැතායතනයෙහි අශ්‍රැතවාද ඇත්තේ වෙයි. මුතායතනයෙහි අමුතවාද ඇත්තේ වෙයි. විඥාතආයතනයෙහි අවිඥාතවාද ඇත්තේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.]
[මහණෙනි, දහම් සතරෙකින් සමන්‍වාගත වූයේ ...]
දෘෂ්ටායතනයෙහි දෘෂ්ටවාද ඇත්තේ වෙයි. ශ්‍රැතායතනයෙහි ශ්‍රැතවාද ඇත්තේ වෙයි. මුතායතනයෙහි මුතවාද ඇත්තේ වෙයි. විඥාතධර්‍මයෙහි වඥාතවාද ඇත්තේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි වෙයි.]
4. 5. 2. 9.
අටවැනි නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය
19. [මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ …]
සැදැහැ නැතියේ වෙයි. සිල් නැතියේ වෙයි. පවට ලජ්ජා නැතියේ වෙයි. පවට බිය නැතියේ වෙයි ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි වැටුනේ වෙයි.]
[මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ …]
සැදැහැ ඇතියේ වෙයි. සිල් ඇතියේ වෙයි. පවට ලජ්ජා ඇතියේ වෙයි. පවට බිය ඇතියේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්ලක් සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වේ.]
4. 5. 2. 10.
[නවවැනි නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය]
20. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි වැටුනේ වේ. කවර සතර කරුණින යත්:
සැදැහැ නැතියේ වෙයි. සිල් නැතියේ වෙයි. කුසීත වෙයි. අප්‍රාඥ වෙයි. මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි වැටුනේ වේ.
මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වේ. කවර සතර කරුණකින යත්:
සැදැහැ ඇතියේ වෙයි. සිල් ඇතියේ වෙයි. ඇරඹූ වැර ඇතියේ වෙයි. පැණ ඇතියේ වෙයි. මහණෙනි, මේ සිවු කරුණින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වේ.
පරිසෝභන වර්‍ගය දෙවැනි යි.