4. 5. 2. 5.
[සිවුවන නිරය - සග්ග නික්ඛිත්ත සූත්රය]
15. [මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...]
මිසදිටු ඇතියේ වෙයි. මිථ්යාසඞ්කල්ප ඇතියේ වෙයි. මිථ්යාවචන ඇතියේ වෙයි. මිථ්යාකර්මාන්ත ඇතියේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.]
[මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...]
සම්යග්දෘෂ්ටි ඇත්තේ වෙයි. සම්යක්සඞ්කල්ප ඇතියේ වෙයි. සම්යග්වචන ඇත්තේ වෙයි. සම්යක්කර්මාන්ත ඇත්තේ වෙයි ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්ගයෙහි වෙයි.]
4. 5. 2. 6.
[පස්වන නිරය - සග්ග නික්ඛිත්ත සූත්රය]
16. [මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...]
මිථ්යාජීව ඇතියේ වෙයි. මිථ්යා ව්යායාම ඇතියේ වෙයි. මිථ්යාස්මෘති ඇතියේ වෙයි. මිථ්යාසමාධි ඇතියේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.]
[මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...]
සම්යග් ආජීව ඇතියේ වෙයි. සම්යග්ව්යායාම ඇතියේ වෙයි. සම්යක්ස්මෘති ඇතියේ වෙයි. සම්යක්සමාධි ඇතියේ වෙයි ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්ගයෙහි වෙයි.]
4. 5. 2. 7.
සවන නිරය - සග්ග නික්ඛිත්ත සූත්රය
17. [මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...]
නොදුටු රූපායතනයෙහි දෘෂ්ටවාද ඇත්තේ වෙයි. නොඇසූ ශබ්දායතනයෙහි ශ්රැතවාද ඇත්තේ වෙයි. එයින් සෙසු අමුත-ආයතනයෙහි මුතවාද ඇත්තේ වෙයි. අවිඥාතධර්මයෙහි විඥාතවාද ඇත්තේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.]
[මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...]
නොදුටු රූපායතනයෙහි අදෘෂ්ටවාද ඇත්තේ වෙයි. නොඇසූ ශබ්දායතනයෙහි අශ්රැතවාද ඇතියේ වෙයි. එයින් සෙසු අමුත-ආයතනයෙහි අමුතවාද ඇතියේ වෙයි. අවිඥාතධර්මයෙහි අවිඥාතවාද ඇත්තේ වෙයි ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්ගයෙහි වෙයි.]
4. 5. 2. 8.
සත්වන නිරය - සග්ග නික්ඛිත්ත සූත්රය
18. [මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...]
දෘෂ්ටායතනයෙහි අදෘෂ්ටවාද ඇත්තේ වෙයි. ශ්රැතායතනයෙහි අශ්රැතවාද ඇත්තේ වෙයි. මුතායතනයෙහි අමුතවාද ඇත්තේ වෙයි. විඥාතආයතනයෙහි අවිඥාතවාද ඇත්තේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.]
[මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...]
දෘෂ්ටායතනයෙහි දෘෂ්ටවාද ඇත්තේ වෙයි. ශ්රැතායතනයෙහි ශ්රැතවාද ඇත්තේ වෙයි. මුතායතනයෙහි මුතවාද ඇත්තේ වෙයි. විඥාතධර්මයෙහි වඥාතවාද ඇත්තේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්ගයෙහි වෙයි.]