4. 5. 2. 2.
[පළමුවන නිරය - සග්ග නික්ඛිත්ත සූත්රය]
12. මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි නිඃක්ෂිප්ත වෙයි. කවර සතරෙකින යත්:
කායදුශ්චරිතයෙන, වාග්දුශ්චරිතයෙන, මනෝදුශ්චරිතයෙන, මිථ්යා දෘෂ්ටියෙන. මහණෙනි, මේ දහම් සතරින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.
මහණෙනි, කරුණු සතරෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්ගයෙහි සිටුනේ ය. කවර සතර කරුණෙකින යත්:
කායසුචරිතයෙන,වාක්සුචරිතයෙන,මනඃසුචරිතයෙන, සම්යග්දෘෂ්ටියෙන. මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්ගයෙහි සිටුනේ ය.
4. 5. 2. 3.
[දෙවන නිරය - සග්ග නික්ඛිත්ත සූත්රය]
13. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි වේ. කවර සතර කරුණෙන යත්:
කායදුශ්චරිතයෙන, වාග්දුශ්චරිතයෙන, මනෝදුශ්චරිතයෙන, අකෘතඥතා - අකෘතවේදිතායෙන. මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බහා තැබුනේ ය.
මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම් සේ ද එපරිදි ස්වර්ගයෙහි වේ. කවර සතර කරුණෙන යත්:
කායසුචරිතයෙන,වාක්සුචරිතයෙන,මනඃසුචරිතයෙන, කෘතඥතා-කෘතවෙදිතායෙන. මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද එපරිදි ස්වර්ගයෙහි වෙයි.
4. 5. 2. 4.
[තෙවන නිරය - සග්ග නික්ඛිත්ත සූත්රය]
14. [මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...]
පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.]
[මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...]
පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මුසවායෙන් දුරුවූයේ වෙයි. ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්ගයෙහි වෙයි.]
4. 5. 2. 5.
[සිවුවන නිරය - සග්ග නික්ඛිත්ත සූත්රය]
15. [මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...]
මිසදිටු ඇතියේ වෙයි. මිථ්යාසඞ්කල්ප ඇතියේ වෙයි. මිථ්යාවචන ඇතියේ වෙයි. මිථ්යාකර්මාන්ත ඇතියේ වෙයි … [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි බැහෙයි.]
[මහණෙනි, දහම් සතරෙකින් සමන්වාගත වූයේ ...]
සම්යග්දෘෂ්ටි ඇත්තේ වෙයි. සම්යක්සඞ්කල්ප ඇතියේ වෙයි. සම්යග්වචන ඇත්තේ වෙයි. සම්යක්කර්මාන්ත ඇත්තේ වෙයි ... [ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් ස්වර්ගයෙහි වෙයි.]