4. 5. 1. 8.
[දෙවන පාප - කල්‍යාණ සූත්‍රය]
8. මහණෙනි, පාපයා ද පාපයාට වැඩිසිටි පාපතරයා ද කල්‍යාණයා ද කල්‍යාණයාට වැඩි සිටි කල්‍යාණතරයා ද දෙසමි. ඒ අසව …
මහණෙනි, පාප කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මිසදිටු වේ ... මිථ්‍යාඥාන ඇතියේ වේ. මිථ්‍යාවිමුක්ති ඇතියේ වේ. මහණෙනි, මේ පාප යි කියනු ලැබේ.
මහණෙනි, පාපයාට වැඩිසිටි පාපතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් මිථ්‍යාදෘෂ්ටික වෙයි. මෙරමාත් මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි ... තෙමේත් මිථ්‍යාඥාන ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාවිමුක්තියෙහි සමාදන් කරවන්නේ වෙයි. මහණෙනි, මේ පාපයා කෙරෙන් වැඩිසිටි පාපතරය යි කියනු ලැබේ.
මහණෙනි, කල්‍යාණ නම් කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සම්‍යග්දෘෂ්ටික වේ ... සම්‍යග් ඥාන ඇත්තේ වෙයි. සම්‍යග්විමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ කල්‍යාණය යි කියනු ලැබේ.
මහණෙනි, කල්‍යාණයාට වඩා කල්‍යාණතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් සම්‍යග් දෘෂ්ටික වේ. මෙරමාත් සම්‍යග් දෘෂ්ටියෙහි සමාදන් කරවයි ... තෙමේත් සම්‍යග් ඥාන ඇත්තේ වෙයි. මෙරමාත් සම්‍යග් ඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්‍යග් විමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් සම්‍යග් විමුක්තියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ කල්‍යාණයාට වඩා කල්‍යාණතරය යි කියනු ලැබේ.
4. 5. 1. 9.
[පළමුවන පාපධම්ම - කල්‍යාණධම්ම සූත්‍රය]
9. මහණෙනි, පාපධර්‍මයා ද පාපධර්‍මයාට වැඩසිටි පාපධර්‍මතරයා ද කල්‍යාණධර්‍මයා ද කල්‍යාණධර්‍මයාට වැඩිසිටි කල්‍යාණධර්‍මතරයා ද දෙසමි. ඒ අසව …
මහණෙනි, පාපධර්‍ම නම් කවරේය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවා කරන්නේ වෙයි ... මිථ්‍යාදෘෂ්ටික වෙයි. මහණෙනි, මේ පාපධර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, පාපධර්‍මයා කෙරෙන් වැඩිසිටි පාපධර්‍මතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවා කරන්නේ වෙයි. මෙරමාත් පණිවා කිරීමෙහි සමාදන් කරවයි ... තෙමේත් මිථ්‍යාදෘෂ්ටික වෙයි. මෙරමාත් මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ පාපධර්‍මයාට වඩා පාපධර්‍මතරය යි කියනු ලැබේ.
මහණෙනි, කල්‍යාණධර්‍ම නම් කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවායෙන් දුරුවූයේ වෙයි ... සම්‍යග්දෘෂ්ටික වෙයි. මහණෙනි, මේ කල්‍යාණධර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, කල්‍යාණධර්‍මයාට වැඩි සිටි කල්‍යාණධර්‍මතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගයෙක් තෙමේත් පණිවායෙන් දුරුවූයේ වෙයි. මෙරමාත් පණිවායෙන් දුරු වීමෙහි සමාදන් කරවයි ... තෙමේත් සම්‍යග් දෘෂ්ටික වෙයි. මෙරමාත් සම්‍යග් දෘෂ්ටියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ කල්‍යාණධර්‍මයාට වඩා කල්‍යාණධර්‍මතරය යි කියනු ලැබේ.
4. 5. 1. 10.
[දෙවන පාපධම්ම - කල්‍යාණධම්ම සූත්‍රය]
10. මහණෙනි, පාපධර්‍මයා ද පාපධර්‍මයාට වැඩසිටි පාපධර්‍මතරයා ද කල්‍යාණධර්‍මයා ද කල්‍යාණධර්‍මයාට වැඩිසිටි කල්‍යාණධර්‍මතරයා ද දෙසමි. ඒ අසව …
මහණෙනි, පාපධර්‍ම කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මිථ්‍යාදෘෂ්ටික වෙයි ... මිථ්‍යාඥාන ඇත්තේ වෙයි. මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ පාපධර්‍මය යි කියනු ලැබේ.