4. 5. 1. 10.
[දෙවන පාපධම්ම - කල්යාණධම්ම සූත්රය]
10. මහණෙනි, පාපධර්මයා ද පාපධර්මයාට වැඩසිටි පාපධර්මතරයා ද කල්යාණධර්මයා ද කල්යාණධර්මයාට වැඩිසිටි කල්යාණධර්මතරයා ද දෙසමි. ඒ අසව …
මහණෙනි, පාපධර්ම කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මිථ්යාදෘෂ්ටික වෙයි ... මිථ්යාඥාන ඇත්තේ වෙයි. මිථ්යාවිමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ පාපධර්මය යි කියනු ලැබේ.
මහණෙනි, පාපධර්මයාට වැඩි සිටි පාපධර්මතරයා කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් මිථ්යාදෘෂ්ටික වෙයි. මෙරමාත් මිථ්යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි ... තෙමේත් මිථ්යාඥාන ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්යාඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්යාවිමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්යාවිමුක්තියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ පාපධර්මයාට වඩා පාපධර්මතරය යි කියනු ලැබේ.
මහණෙනි, කල්යාණධර්ම නම් කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සම්යග්දෘෂ්ටික වෙයි ... සම්යග්ඥාන ඇත්තේ වෙයි. සම්යග් විමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ කල්යාණධර්මය යි කියනු ලැබේ.
මහණෙනි, කල්යාණධර්මයාට වැඩි සිටි කල්යාණධර්මතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් සම්යග්දෘෂ්ටික වෙයි. මෙරමාත් සම්යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි ... තෙමේත් සම්යග්ඥාන ඇත්තේ වෙයි. මෙරමාත් සම්යග්ඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්යග්විමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් සම්යග්විමුක්තියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ කල්යාණධර්මයාට වඩා කල්යාණධර්මතරය යි කියනු ලැබේ.
සත්පුරුෂ වර්ගය පළමුවැනි යි