4. 3. 5. 9.
[වචීසුචරිත සූත්රය]
49. මහණෙනි, මේ සතර වාක්සුචරිතයෝ යි. කවර සතරහ යත්:
සත්යවචන ය, අපිශුනවචන ය, මොළොක් වචන ය, නුවණින් පිරිසිඳ කළ කථා යි.
මහණෙනි, මේ සතර වාග්සුචරිතයෝ යි.
4. 3. 5. 10.
[සාර සූත්රය]
50. මහණෙනි, මේ සාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
ශිලසාර ය, සමාධිසාර ය, ප්රඥාසාර ය, විමුක්තිසාර යි.
මහණෙනි, මේ සතර සාරයෝ යි.
ආභාවර්ගය පස්වැනි යි.
තෙවන පණ්ණාසකය යි.