4. 3. 5. 2.
[පභා සූත්රය]
42. මහණෙනි, මේ ප්රභාවෝ (දීප්ත රශ්මිහු) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
චන්ද්රප්රභා ය, සූර්ය්යප්රභා ය, අග්නිප්රභා ය, ප්රඥාප්රභා යි.
මහණෙනි, මේ ප්රභාවෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර ප්රභාවන් කෙරෙහි ප්රඥාප්රභායෙක් ඇද්ද, තෙල අග්ර යි.
4. 3. 5. 3.
[ආලෝක සූත්රය]
43. මහණෙනි, මේ ආලෝකයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
චන්ද්රාලෝක ය, සූර්ය්යාලොක ය, අගන්යාලෝක ය, ප්රඥාලොක යි.
මහණෙනි, මේ ආලෝකයෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර ආලෝකයන් කෙරෙහි ප්රඥාලෝකයෙක් ඇද්ද, තෙල අග්ර යි.
4. 3. 5. 4.
[ඕභාස සූත්රය]
44. මහණෙනි, මේ අවභාසයෝ (බබලන්නෝ) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
චන්ද්රාවභාස ය, සූර්ය්යාවභාස ය, අගන්යවභාස ය, ප්රඥාවභාස යි.
මහණෙනි, මේ අවභාසයෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර අවභාසයන් කෙරෙහි ප්රඥාවභාසයෙක් ඇද්ද, තෙල අග්රයි.
4. 3. 5. 5.
[පජ්ජෝත සූත්රය]
45. මහණෙනි, මේ ප්රද්යොතයෝ (ප්රභාස්වරයෝ) සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
චන්ද්රප්රද්යොත ය, සූර්ය්යප්රද්යොත ය, අගනිප්රද්යොත ය, ප්රඥාප්රද්යොත යි.
මහණෙනි, මේ ප්රද්යොතයෝ සතර දෙන වෙති. මහණෙනි, මේ සතර ප්රද්යොතයන් කෙරෙහි ප්රඥාප්රද්යොතයෙක් ඇද්ද, තෙල අග්ර යි.
4. 3. 5. 6.
[කාල සූත්රය]
46. මහණෙනි, මේ කාලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
නිසි කාලයෙහි ධර්මශ්රවණ ය, නිසි කාලයෙහි ධර්මසාකච්ඡා ය, නිසි කාලයෙහි සමථ ය, නිසි කාලයෙහි විදර්ශනා යි.
මහණෙනි, මේ කාලයෝ සතර දෙන වෙති.