4. 3. 4. 7.
[ගරුපුග්ගල සූත්රය]
37. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලගරුක නො වේ, ශීලය අධිපති කොට ඇත්තේ ද නො වේ. සමාධිගරුක නො වේ. සමාධිය අධිපති කොට ඇත්තේ ද නො වේ. ප්රඥාගරුක නො වේ. ප්රඥාව අධිපති කොට ඇත්තේ ද නො වේ.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලගරුක වේ, ශීලය අධිපති කොට ඇත්තේ ද වේ. සමාධිගරුක නො වේ. සමාධිය අධිපති කොට ඇත්තේ ද නො වේ. ප්රඥාගරුක නො වේ. ප්රඥාව අධිපති කොට ඇත්තේ ද නො වේ.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලගරුක වේ, ශීලය අධිපති කොට ඇත්තේ වේ. සමාධිගරුක වේ, සමාධිය අධිපති කොට ඇත්තේ ද වේ. ප්රඥාගරුක නො වේ. ප්රඥාව අධිපතිකොට ඇත්තේ ද නො වේ.
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලගරුක වේ, ශීලය අධිපති කොට ඇත්තේ වේ. සමාධිගරුක වේ. සමාධිය අධිපති කොට ඇත්තේ වේ. ප්රඥාගරුක වේ. ප්රඥාව අධිපතිකොට ඇත්තේ වේ.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ.
4. 3. 4. 8.
[නිකට්ඨපුග්ගල සූත්රය]
38. මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
(වෙනෙන්) ඇද ගත් කය ඇත්තේ (වනයට) වැද ගත් සිත් ඇත්තේ ය. වැද ගත් කය ඇත්තේ ඇද ගත් සිත් ඇත්තේ ය. වැද ගත් කය ඇත්තේ වැද ගත් සිත් ද ඇත්තේ ය. ඇද ගත් කය ඇත්තේ ඇද ගත් සිත් ද ඇත්තේ ය.
මහණෙනි, කෙසේ පුද්ගල ඇද ගත් කය ඇත්තේ වැද ගත් සිත් ඇත්තේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුල්ගලයෙක් අරණ්ය සෙනසුන් ද, වානප්රස්ථයන් ද, ගැඹුරු වල් සෙනසුන් ද, සෙවුනේ ය. හේ එහි ලා කාමවිතර්කය ද විතර්කණය කෙරේ. ව්යාපාදවිතර්කය ද විතර්කණය කෙරේ. විහිංසාවිතර්කය ද විතර්කණය කෙරේ. මහණෙනි, මෙසේ පුද්ගල ඇදගත්, කය ඇත්තේ වැද ගත් සිත් ඇත්තේ වේ.
මහණෙනි, කෙසේ පුද්ගල වැද ගත් කය ඇත්තේ ඇද ගත් සිත් ඇත්තේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුල්ගලයෙක් අරණ්යයන් ද, වානප්රස්ථයන් ද, ගැඹුරු වල් සෙනසුන් ද නො ම සෙවුනේ ය. හේ එහි නෙක්ඛම්ම විතර්කය ද, විතර්කණය කෙරෙයි, අව්යාපාද විතර්කය ද විතර්කණය කෙරෙයි, අවිහිංසා විතර්කය ද විතර්කණය කෙරෙයි. මහණෙනි, මෙසේ පුද්ගල වැද ගත් කය ඇත්තේ ඇද ගත් සිත් ඇත්තේ වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල වැද ගත් කය ඇත්තේ වැද ගත් සිත් ද ඇත්තේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුල්ගලයෙක් අරණ්යයන් ද, වානප්රස්ථයන් ද, ගැඹුරු වන සෙනසුන් ද නොම සෙවුනේ ය. හේ එහි කාමවිතර්කය ද විතර්කණය කෙරෙයි. ව්යාපාදවිතර්කණය ද විතර්කණය කෙරෙයි. විහිංසාවිතර්කය ද විතර්කණය කෙරෙයි. මහණෙනි, මෙසේ පුද්ගල වැද ගත් කය ඇත්තේ වැද ගත් සිත් ද ඇත්තේ ය.
මහණෙනි, කෙසේ පුද්ගල ඇද ගත් කය ඇත්තේ ඇද ගත් සිත් ඇත්තේ වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් අරණ්යයන් ද, වානප්රස්ථයන් ද, ගැඹුරු වන සෙනසුන් ද සෙවුනේ ය. හේ එහි නෙක්ඛම්මවිතර්කය ද විතර්කණය කෙරේ. අව්යාපාදවිතර්කය ද විතර්කණය කෙරේ. අවිහිංසාවිතර්කය ද විතර්කණය කෙරේ. මහණෙනි, මෙසේ පුද්ගල ඇද ගත් කය ඇත්තේ ඇද ගත් සිත් ඇත්තේ ද වෙයි.
මහණෙනි, මේ පුද්ගලයෝ සතර දෙන ලෝකයෙහි විද්යමානයහ.
4. 3. 4. 9.
[ධම්මකථික සූත්රය]
39. මහණෙනි. මේ ධර්මකථිකයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, මෙලොව ඇතැම් ධර්මකථිකයෙක් අල්ප කොට ද අර්ත්ථයෙන් අසංයුක්ත කොට ද බෙණේ. පිරිස ද අර්ත්ථනිඃශ්රිත වූ හෝ අනිඃශ්රිත වූ හෝ බසට අදක්ෂ වේ. මහණෙනි, මෙබඳු ධර්මකථික මෙබඳු අදක්ෂ පිරිසෙහි “ධර්මකථිකයෙක් ම ය” යි ගණයට යේ.
මහණෙනි, මෙලොව ඇතැම් ධර්මකථිකයෙක් අල්ප කොට ද අර්ත්ථ සංයුක්ත කොට ද බෙණේ. පිරිස ද අර්ත්ථනිඃශ්රිත වූ හෝ අනිඃශ්රිත වූ බසට දක්ෂ වේ. මහණෙනි, මෙබඳු ධර්මකථික මෙබඳු දක්ෂපිරිසෙහි “ධර්මකථිකයෙක් ම ය” යි ගණයට යේ.
මහණෙනි, මෙලොව ඇතැම් ධර්මකථිකයෙක් බොහෝ කොට ද අර්ත්ථයෙන් අසංයුක්ත කොට ද බෙණේ. පිරිස ද අර්ත්ථනිඃශ්රිත වූ හෝ අනිඃශ්රිත වූ බසට දක්ෂ නො වේ. මහණෙනි, මෙබඳු ධර්මකථික මෙබඳු අදක්ෂ පිරිසෙහි ‘ධර්මකථිකයෙක් ම ය’යි ගණයට යේ.
මහණෙනි, මෙලොව ඇතැම් ධර්මකථිකයෙක් බොහෝ කොට ද අර්ත්ථ සංයුක්ත කොට ද බෙණේ. පිරිස ද අර්ත්ථනිඃශ්රිත වූ හෝ අනිඃශ්රිත වූ බසට දක්ෂ වේ. මහණෙනි, මෙබඳු ධර්මකථික මෙබඳු දක්ෂ පිරිසෙහි “ධර්මකථිකයෙක් ම ය” යි ගණයට යේ.
මහණෙනි, මේ සතර ධර්මකථිකයෝ යි.