4. 3. 4. 2.
[පටිභානපුග්ගල සූත්රය]
32. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
අර්ත්ථයුක්තප්රතිභාන (වැටහීම්) ඇත්තේ, වහා අවුල් මුදා බණන ප්රතිභාන නැත්තේ ය. අවුල් මුදා බණන ප්රතිභාන ඇත්තේ, අර්ත්ථයුක්ත ප්රතිභාන නැත්තේ ය. අවුල් මුදා බණන ප්රතිභාන ද ඇත්තේ, අර්ත්ථ යුක්ත ප්රතිභාන ද ඇත්තේ ය. අර්ත්ථයුක්ත ප්රතිභාන නැත්තේ අවුල් මුදා බණන ප්රතිභාන ද නැත්තේ ය.
මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගලයෝ විද්යමානයහ.
4. 3. 4. 3.
[නෙය්යපුග්ගල සූත්රය]
33. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
උද්ඝාටිතඥ ය, විපථතඥ ය, නෙය්ය ය, පදපරම යි.
මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙන විද්යමානයහ.
4. 3. 4. 4.
[ඵලූපජීවීපුග්ගල සූත්රය]
34. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්යමානයහ. කවර සතර දෙනෙක යත්?
උට්ඨානවීර්ය්යඵලයෙන් ජීවත් වනසුලු කර්මඵලයෙන් ජීවත් නොවනසුලු පුද්ගල ය, කර්මඵලයෙන් ජීවත් වනසුලු උට්ඨානවීර්ය්යඵලයෙන් ජීවත් නොවනසුලු පුද්ගල ය, උට්ඨානවීර්ය්යඵලයෙනුදු ජීවත් වනසුලු කර්මඵලයෙනුදු ජීවත් වනසුලු පුද්ගල ය, උට්ඨානවීර්ය්යඵලයෙන් ජීවත් නො වනසුලු කර්මඵලයෙනුදු ජීවත් නොවනසුලු පුද්ගල යි.
මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙන විද්යමානයහ.
4. 3. 4. 5.
[වජ්ජපුග්ගල සූත්රය]
35. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්යමානයහ. කවර සතර දෙනෙක යත්:
සාවද්යය, වද්යබහුලය, අල්පවද්යය, අනවද්ය යි.
මහණෙනි, කෙසේ පුද්ගල සාවද්ය වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සාවද්ය කායකර්මයෙන් සමන්වාගත වෙයි. සාවද්ය වාක්කර්මයෙන් සමන්වාගත වෙයි. සාවද්ය මනඃකර්මයෙන් සමන්වාගත වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල සාවද්ය වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල වද්යබහුල වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් බොහෝසෙයින් සාවද්ය කායකර්මයෙන් සමන්වාගත වෙයි, අනවද්ය කායකර්මයෙන් අල්ප කොට ය. බොහෝසෙයින් සාවද්ය වාක්කර්මයෙන් සමන්වාගත වෙයි, අනවද්ය වාක්කර්මයෙන් අල්ප කොට ය. බොහෝසෙයින් සාවද්ය මනඃකර්මයෙන් සමන්වාගත වෙයි, අනවද්ය මනඃකර්මයෙන් අල්පකොට ය. මහණෙනි, මෙසේ පුද්ගල වද්යබහුල වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල අල්පවද්ය වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් අනවද්ය කායකර්මයෙන් බහුලකොට සමන්වාගත වෙයි. සාවද්ය කායකර්මයෙන් අල්ප කොට ය. අනවද්ය වාක්කර්මයෙන් බහුල කොට සමන්වාගත වෙයි. සාවද්ය වාක්කර්මයෙන් අල්ප කොට ය. අනවද්ය මනඃකර්මයෙන් බහුල කොට සමන්වාගත වෙයි. සාවද්ය මනඃකර්මයෙන් අල්ප කොට ය. මහණෙනි, මෙසේ පුද්ගල අල්පවද්ය වෙයි.
මහණෙනි, කෙසේ පුද්ගල අනවද්ය වේ ද? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් අනවද්ය කායකර්මයෙන් සමන්වාගත වෙයි. අනවද්ය වාක්කර්මයෙන් සමන්වාගත වෙයි. අනවද්ය මනඃකර්මයෙන් සමන්වාගත වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල අනවද්ය වේ.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්යමානයහ.
4. 3. 4. 6.
[පරිපූරකාරීපුග්ගල සූත්රය]
36. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්යමානයහ. කවර සතර දෙනෙක යත්?
මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලයෙහි පරිපූරකාරී නො වේ. සමාධියෙහි පරිපූරකාරී නො වේ. ප්රඥායෙහි පරිපූරකාරී නො වේ. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලයෙහි පරිපූරකාරී වේ. සමාධියෙහි පරිපූරකාරී නො වේ. ප්රඥායෙහි පරිපූරකාරී නො වේ. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලයෙහි පරිපූරකාරී වේ. සමාධියෙහි පරිපූරකාරී වේ. ප්රඥායෙහි පරිපූරකාරී නො වේ. මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශීලයෙහි පරිපූරකාරී වේ. සමාධියෙහි පරිපූරකාරී වේ. ප්රඥායෙහි පරිපූරකාරී වේ.
මහණෙනි, මේ සතර පුද්ගලයෝ ලෝකයෙහි විද්යමානයහ.