4. 1. 3. 10.
[පරිබ්බාජක සූත්රය]
30. [මා විසින් මෙසේ අසන ලදී.] එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එසමයෙහි ඉතා ප්රකට වූ බොහෝ පිරිවැජියෝ සප්පිනියා හෝතෙර පිරිවැජි අරම්හි වෙසෙති. ඔහු කවරහ: “අන්නභාර යැ, වරධර යැ, සකුලුදායී පිරිවැජි යැ, අන්ය වූත් ඉපහළ (ප්රකට) පිරිවැජියෝ”යි.
එකල්හි භාග්යවතුන් වහන්සේ සවස්වේලෙහි පිළිසලනින් නැගීසිටි සේක් සප්පිනියා හෝතෙර පිරිවැජි අරම් කරා වැඩි සේක. වැඩ පැනවූ අස්නෙහි වැඩහුන් සේක. භාග්යවතුන් වහන්සේ වැඩහිඳ ඒ පිරිවැජියන් බණවා තෙල සුත් වදාළහ:
පිරිවැජියෙනි, මේ සතර ධර්මපද කෙනෙක් අග්රයහයි දත යුත්තාහ. දිගුකල් පැවැතියහයි දත යුත්තාහ, ආර්ය්යයන්ගේ වංශයහයි දත යුත්තාහ. පෞරාණිකයහ. අවිකීර්ණයහ. (අතීතයෙහි බුදුවරුන් විසිනුත් මෙයින් කිමැයි) බැහැර නො කරණ ලදහ. දැනුදු බැහැර නො කරණු ලැබෙති. අනායෙහිත් බැහැර නො කරණු ලබන්නාහ. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් හෙළා නො දක්නා ලදහ. කවර සතර ධර්මපද කෙනෙක යත්:
පිරිවැජියෙනි, අනභිධ්යා ධර්මපදය අග්රය යි දත යුතු ය. දිගුකල් පැවැත්තැ’යි දත යුතු ය. ආර්ය්යවංශ යයි දතයුතුය. පෞරාණික ය. අසඞ්කීර්ණ ය. පෙර බුදුවරුන් විසිනුත් බැහැර නො කරණ ලදී. දැනුදු බැහැර නො කරණු ලැබේ. අනායෙහි දු බැහැර නො කරණු ලබන්නේ ය. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නො ගරහන ලදී. පිරිවැජියෙනි, අව්යාපාද සඞ්ඛ්යාත ධර්මපදය ... පිරිවැජියෙනි, සම්යක්ස්මෘති සඞ්ඛ්යාත ධර්මපදය ... පිරිවැජියෙනි, සම්යක්සමාධි සඞ්ඛ්යාත ධර්මපදය අග්ර යයි දතයුතු ය. දිගුකල් පැවැත්තැ’යි දතයුතු ය. ආර්ය්යවංශ යයි දතයුතුය. පෞරාණික ය. අසඞ්කීර්ණ ය. පෙර බුදුවරුන් විසින් බැහැර නො කරණ ලදී. දැනුදු බැහැර නො කරණු ලැබෙයි. අනායෙහිත් බැහැර නො කරණු ලබන්නේ ය. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නො නිගන්නා ලදී.
පිරිවැජියෙනි, මේ සතර ධර්මපදයෝ අග්රයහයි දත යුත්තාහ. දිගුකල් පැවැතියහයි දතයුත්තාහ. ආර්ය්යවංශයහයී දතයුත්තාහ. පෞරාණිකයහ. අසඞ්කීර්ණයහ. පෙර බුදුවරුන් විසින් බැහැර නො කරණ ලදහ. දැනුදු බැහැර නො කරණු ලැබෙති. අනායෙහිත් බැහැර නො කරණු ලබන්නාහ. මහණුන් විසින් බමුණන් විසින් නුවණැතියන් විසින් නො නිගන්නා ලදහ.
පිරිවැජියෙනි, යමෙක් “මම තෙල අනභිධ්යා ධර්මපදය හැරැපියා අභිධ්යාබහුල වූ වස්තුකාමයෙහි තීව්රසංරාග ඇති මහණකු හෝ බමුණකු හෝ පණවමී” මෙසේ බෙණේ නම් එහි දී මම ඔහුට මෙසේ කියමි: “එන්නේ යැ. කියන්නෙ යැ. පවසන්නෙ යැ. ඔහුගේ අනුභාවය දක්මී” යි.
පිරිවැජියෙනි, ඒකාන්තයෙන් හෙතෙම අනභිධ්යා ධර්මපදය හැරපියා අභිධ්යා බහුල කොටගෙන වසන වස්තුකාමයෙහි තීව්රසංරාග ඇති මහණකු හෝ බමුණකු හෝ පණවන්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ.
පිරිවැජියෙනි, යමෙක් “මම තෙල අව්යාපාද ධර්මපදය හැරැපියා ව්යාපාදයට වන් සිතැති ප්රදුෂ්ට වූ මනස්සඞ්කල්ප ඇති මහණකු හෝ බමුණකු හෝ පණවමී” මෙසේ බෙණේ නම්, මම ඒ වචනයෙහි දී ඔහුට මෙසේ කියමි: “එන්නේ යැ. කියන්නෙ යැ. පවසන්නෙ යැ. ඔහුගේ අනුභාව දක්මී” යි.
පිරිවැජියෙනි, හෙතෙම ඒකාන්තයෙන් අව්යාපාද ධර්මපදය හැරැපියා ව්යාපාදයට වන් සිතැති ප්රදුෂ්ට වූ මනස්සඞ්කල්ප ඇති මහණකු හෝ බමුණකු හෝ පණවන්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ.
පරිව්රාජකයෙනි, යමෙක් “මම තෙල සම්යක්ස්මෘතිධර්මපදය හැරපියා මුළා සිහි ඇති නුවණින් නො දන්නා මහණකු හෝ බමුණකු හෝ පණවන්නෙමී” මෙසේ බෙණේ නම්, මම එහි දී ඔහුට මෙසේ කියමි:” එන්නේ යැ. කියන්නෙ යැ. පවසන්නෙ යැ. ඔහුගේ අනුභාව දක්මී” යි.
පිරිවැජියෙනි, හෙතෙම ඒකාන්තයෙන් සම්යක්ස්මෘතිධර්මපදය හැරපියා මුළාසිහි ඇති සම්යග්ඥාන නැති මහණකු හෝ බමුණකු හෝ පණවන්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ.