3. 7. 14.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් සම්ඵප්පලාපයෙන් දුරුවූයේ වෙයි. මෙරමාත් සම්ඵප්පලාපයෙන් දුරුවීමෙහි සමාදන් කරවයි. සම්ඵප්පලාපයෙන් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
3. 7. 15.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් අභිධ්‍යාබහුල වෙයි. මෙරමාත් අභිධ්‍යායෙහි සමාදන් කරවයි. අභිධ්‍යායෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
3. 7. 16.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් අභිධ්‍යාබහුල නොවෙයි. මෙරමාත් අනභිධ්‍යාවෙහි සමාදන් කරවයි. අනභිධ්‍යායෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
3. 7. 17.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් ව්‍යාපාදයට පත් සිතැතියේ වෙයි. මෙරමාත් ව්‍යාපාදයෙහි සමාදන් කරවයි. ව්‍යාපාදයෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
3. 7. 18.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් ව්‍යාපාදයට නොපත් සිතැතියේ වෙයි. මෙරමාත් අව්‍යාපාදයෙහි සමාදන් කරවයි. අව්‍යාපාදයෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
3. 7. 19.
[මහණෙනි, දහම් තුණෙකින් ...]
තෙමේත් මිථ්‍යාදෘෂ්ටික වෙයි. මෙරමාත් මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. මිථ්‍යාදෘෂ්ටියෙහි අනුදන්නේත් වෙයි ... එපරිදි නිරයෙහි සිටියේ වේ.
3. 7. 20.
[මහණෙනි, දහම් තුණෙකින් ...]
තෙමේත් සම්‍යග්දෘෂ්ටික වෙයි. මෙරමාත් සම්‍යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි. සම්‍යග්දෘෂ්ටියෙහි අනුදන්නේත් වෙයි.
මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම්සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි සිටියේ වේ.
කම්මපථපෙය්‍යාලය නිමි.*
[8. රාගපෙය්‍යාලය]
3. 8. 1-170.
මහණෙනි, රාගයාගේ අභිඥානය (වෙසෙසින් දැනීම) පිණිස දහම්හු තුන් දෙනෙක් වැඩිය යුත්තාහ.
කවර තුන් දෙනෙක යත්:
සුඤ්ඤතසමාධිය, අනිමිත්තසමාධිය, අප්පණිහිතසමාධි යි. මහණෙනි, රාගයාගේ වෙසෙසින් දැනීම පිණිස මේ තුන් දහම්හු වැඩිය යුත්තාහ.
මහණෙනි, රාගයාගේ පරිජානනය පිණිස - පරික්‍ෂය පිණිස - ප්‍රහාණය පිණිස - ක්‍ෂය පිණිස - ව්‍යය පිණිස - විරාගය පිණිස - නිරෝධය පිණිස - ත්‍යාගය පිණිස - දුරලීම පිණිස මේ තුන් දහම්හු වැඩිය යුත්තාහ.
ද්වේෂයාගේ ... මෝහයාගේ ... ක්‍රෝධයාගේ ... උපනාහයාගේ ... මක්ඛයාගේ ... පලාසයාගේ ... ඊර්‍ෂ්‍යාවගේ .. මාත්සර්‍ය්‍යයාගේ ... මායාවගේ ... සාඨෙය්‍යයාගේ ... ථම්භයාගේ ... සාරම්භයාගේ ... මානයාගේ ... අතිමානයාගේ ... මදයාගේ ... ප්‍රමාදයාගේ අභිඥානය පිණිස - පරිඥානය පිණිස - පරික්‍ෂය පිණිස - ප්‍රහාණය පිණිස - ක්‍ෂය පිණිස - ව්‍යය පිණිස - විරාගය පිණිස - නිරෝධය පිණිස - ත්‍යාගය පිණිස - නෙරනා පිණිස මේ තුන් දහම්හු වැඩිය යුත්තාහ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුසිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ කොට ගෙණ සතුටුවූහු.
රාගපෙය්‍යාලය නිමි.
තිකනිපාත යි.
ඒකකනිපාත - දුකනිපාත - තිකනිපතයෝ සමාප්තයහ.