3. 6. 7.
මහණෙනි, මේ ප්‍රතිපත්ති තුණෙකි ...
සම්මාදිට්ඨිය වඩයි. සම්මාසඞ්කප්පය වඩයි. සම්මාවාචාව වඩයි. සම්මාකම්මන්තය වඩයි. සම්මාආජීවය වඩයි. සම්මාවායාමය වඩයි. සම්මාසතිය වඩයි. සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ මධ්‍යමප්‍රතිපත්තිය යි කියනු ලැබේ.
මහණෙනි, මේ තුන් ප්‍රතිපත්තීහුයි.
සවන [ප්‍රතිපදා] වර්‍ග යි.
[7. කම්මපථ පෙය්‍යාලය]
3. 7. 1.
මහණෙනි, දහම් තුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම්සේ ද, එපරිදි නිරයෙහි සිටියේ වේ.
කවර දහම් තුණෙකින යත්:
තෙමේ ද පණිවා කරන්නේ වෙයි. පණිවායෙහි මෙරමා ද සමාදන් කරවයි. පණිවායෙහි අනුදන්නේ ද වෙයි.
මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම් සේ ද, එපරිදි නිරයෙහි සිටියේ වේ.
3. 7. 2.
මහණෙනි, දහම් තුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි සිටියේ වේ.
කවර දහම් තුණෙකින යත්:
තෙමේ ද පණිවායෙන් දුරු වූයේ වෙයි. මෙරමා ද පණිවායෙන් දුරු වීමෙහි සමාදන් කරවයි. පණිවායෙහි දුරු වීමෙහි අනුදන්නේ ද වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
3. 7. 3.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් අයිනාදන් ගන්නේ වෙයි. මෙරමාත් අයිනාදනෙහි සමාදන් කරවයි. අයිනාදනෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
3. 7. 4.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් අයිනාදනින් දුරු වූයේ වෙයි. මෙරමා ද අයිනාදනින් දුරු වීමෙහි සමාදන් කරවයි. අයිනාදනින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
3. 7. 5.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මෙරමාත් කාමයෙහි මිසහසරෙහි සමාදන් කරවයි. කාමයෙහි මිසහසරෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
3. 7. 6.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මෙරමාත් කාමයෙහි මිසහසරින් දුරුවීමෙහි සමාදන් කරවයි. කාමයෙහි මිසහසරින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
3. 7. 7.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් මුසවා බණන්නේ වෙයි. මෙරමාත් මුසවා බිණීමෙහි සමාදන් කරවයි. මුසවායෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
3. 7. 8.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් මුසවායෙන් දුරු වූයේ වෙයි. මෙරමාත් මුසවායෙන් දුරුවීමෙහි සමාදන් කරවයි. මුසවායෙන් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.
3. 7. 9.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් පිසුණුබස් ඇතියේ වෙයි. මෙරමාත් පිසුණුබසෙහි සමාදන් කරවයි. පිසුණුබසෙහි අනුදන්නේත් වෙයි ... එසේ නිරයෙහි සිටියේ වේ.
3. 7. 10.
මහණෙනි, දහම් තුණෙකින් ...
තෙමේත් පිසුණුබසින් දුරුවූයේ වෙයි. මෙරමාත් පිසුණුබසින් දුරුවීමෙහි සමාදන් කරවයි. පිසුණුබසින් දුරුවීමෙහි අනුදන්නේත් වෙයි. ... එසේ ස්වර්‍ගයෙහි සිටියේ වේ.