3. 6. 4.
මහණෙනි, මේ ප්රතිපත්ති තුනෙකි ...
ශ්රද්ධේන්ද්රියය වඩයි. වීර්ය්යේන්ද්රියය වඩයි. ස්මෘතීන්ද්රියය වඩයි. සමාධින්ද්රියය වඩයි. ප්රඥේන්ද්රියය වඩයි. ...
3. 6. 5.
මහණෙනි, මේ ප්රතිපත්ති තුනෙකි ...
ශ්රද්ධාබලය වඩයි. වීර්ය්යබලය වඩයි. ස්මෘතිබලය වඩයි. සමාධිබලය වඩයි. ප්රඥාබලය වඩයි. ...
3. 6. 6.
මහණෙනි, මේ ප්රතිපත්ති තුණෙකි ...
සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩයි. විරියසම්බොජ්ඣඞ්ගය වඩයි. පීතිසම්බොජ්ඣඞ්ගය වඩයි. පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩයි. සමාධිසම්බොජ්ඣඞ්ගය වඩයි. උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. ...
3. 6. 7.
මහණෙනි, මේ ප්රතිපත්ති තුණෙකි ...
සම්මාදිට්ඨිය වඩයි. සම්මාසඞ්කප්පය වඩයි. සම්මාවාචාව වඩයි. සම්මාකම්මන්තය වඩයි. සම්මාආජීවය වඩයි. සම්මාවායාමය වඩයි. සම්මාසතිය වඩයි. සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ මධ්යමප්රතිපත්තිය යි කියනු ලැබේ.
මහණෙනි, මේ තුන් ප්රතිපත්තීහුයි.
සවන [ප්රතිපදා] වර්ග යි.
[7. කම්මපථ පෙය්යාලය]
3. 7. 1.
මහණෙනි, දහම් තුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම්සේ ද, එපරිදි නිරයෙහි සිටියේ වේ.
කවර දහම් තුණෙකින යත්:
තෙමේ ද පණිවා කරන්නේ වෙයි. පණිවායෙහි මෙරමා ද සමාදන් කරවයි. පණිවායෙහි අනුදන්නේ ද වෙයි.
මහණෙනි, මේ තුන් දහමින් සමන්වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම් සේ ද, එපරිදි නිරයෙහි සිටියේ වේ.
3. 7. 2.
මහණෙනි, දහම් තුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි සිටියේ වේ.
කවර දහම් තුණෙකින යත්:
තෙමේ ද පණිවායෙන් දුරු වූයේ වෙයි. මෙරමා ද පණිවායෙන් දුරු වීමෙහි සමාදන් කරවයි. පණිවායෙහි දුරු වීමෙහි අනුදන්නේ ද වෙයි ... එසේ ස්වර්ගයෙහි සිටියේ වේ.