3. 6. 2.
මහණෙනි, මේ ප්‍රතිපත්තීහු තුන් දෙනෙකි.
කවර තුන් දෙනෙක යත්:
ආගාඪප්‍රතිපත්තිය, පරිතප්තප්‍රතිපත්තිය, මධ්‍යම ප්‍රතිපත්ති යි.
මහණෙනි, ආගාඪප්‍රතිපත්ති කවර? ... මහණෙනි, මේ ආගාඪප්‍රතිපත්තිය යි කියනු ලැබේ.
මහණෙනි, පරිතප්ත ප්‍රතිපත්ති කවර? ... මහණෙනි, මේ පරිතප්ත ප්‍රතිපත්තිය යි කියනු ලැබේ.
මහණෙනි, මධ්‍යම ප්‍රතිපත්ති කවර?
මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් පාපක අකුශලධර්‍මයන්ගේ නූපදීම පිණිස ඡන්‍දය උපදවයි. ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සිත දැඩි කොට ගණී. ප්‍රධන් වීර්‍ය්‍යය කෙරෙයි. උපන් පාපක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස ... නූපන් කුශලධර්‍මයන්ගේ ඉපදීම පිණිස ... උපන් කුශලධර්‍මයන්ගේ ස්ථිතිය පිණිස අසම්මොෂය පිණිස, බොහෝ බව පිණිස, විපුලබව පිණිස, භාවනාවගේ පාරිපූරිය පිණිස, ඡන්‍දය උපදවයි ව්‍යායාම කෙරෙයි. වීර්‍ය්‍යාරම්භ කෙරෙයි. සීත දැඩි කොට ගණී. ප්‍රධන් වීර්‍ය්‍යය කෙරෙයි. ...
3. 6. 3.
මහණෙනි, මේ ප්‍රතිපත්ති තුනෙකි ...
ඡන්‍දය නිසා පැවැති සමාධි හා ප්‍රධානසංස්කාර යන මෙයින් සමන්‍වාගත ඍද්ධිපාදය වඩයි. ... වීර්‍ය්‍යසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධි හා ප්‍රධානසංස්කාර යන මෙයින් සමන්‍වාගත ඍද්ධිපාදය වඩයි. ...
3. 6. 4.
මහණෙනි, මේ ප්‍රතිපත්ති තුනෙකි ...
ශ්‍රද්ධේන්‍ද්‍රියය වඩයි. වීර්ය්‍යේන්‍ද්‍රියය වඩයි. ස්මෘතීන්‍ද්‍රියය වඩයි. සමාධින්‍ද්‍රියය වඩයි. ප්‍රඥේන්‍ද්‍රියය වඩයි. ...
3. 6. 5.
මහණෙනි, මේ ප්‍රතිපත්ති තුනෙකි ...
ශ්‍රද්ධාබලය වඩයි. වීර්‍ය්‍යබලය වඩයි. ස්මෘතිබලය වඩයි. සමාධිබලය වඩයි. ප්‍රඥාබලය වඩයි. ...