3. 3. 4. 12.
42. මහණෙනි, ධර්ම තුණෙකින් සමන්වාගත මහණ අත්යන්තනිෂ්ඨ වෙයි, අත්යන්තයෝගක්ෂේමී වෙයි, අත්යන්තපර්ය්යවසාන ඇතියේ දෙවිමිනිස්නට ශ්රේෂ්ඨ වූ අත්යන්තබ්රහ්මචාරී වෙයි.
කවර තුන් දහමින යත්:
ඍද්ධිප්රාතිහාර්ය්යයෙන. ආදේශනාප්රාතිහාර්ය්යයෙන. අනුශාසනාප්රාතිහාර්ය්යයෙන.
මහණෙනි, මේ තුන් දහමින් සමන්වාගත මහණ අත්යන්තනිෂ්ඨ වෙයි, අත්යන්තයෝගක්ෂේමී වෙයි ... දෙවිමිනිස්නට ශ්රේෂ්ඨ වූ අත්යන්තබ්රහ්මචාරී වෙයි.
3. 3. 4. 13.
43. මහණෙනි, දහම් තුණෙකින් සමන්වාගත මහණ අත්යන්තනිෂ්ඨ වෙයි ... දෙවිමිනිස්නට ශ්රේෂ්ඨ වූ අත්යන්තබ්රහ්මචාරී වෙයි.
කවර තුන් දහමින යත්:
සම්යග්දෘෂ්ටියෙන, සම්යග්ඥානයෙන, සම්යග්විමුක්තියෙන.
මහණෙනි, මේ තුන් දහමින් යුක්ත වූ මහණ අත්යන්තනිෂ්ඨ වෙයි, අත්යන්තයෝගක්ෂේමී වෙයි, අත්යන්තපර්ය්යවසාන ඇති, දෙවිමිනිස්නට ශ්රේෂ්ඨ වූ අත්යන්තබ්රහ්මචාරී වෙයි.
සතරවැනි යෝධාජීව වර්ග යි.
[5. මඞ්ගල වර්ගය]
3. 3. 5. 1.
[සැවැත්නිදාන යි]
44. මහණෙනි, දහම් තුණෙකින් සමන්විත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද එපරිදි නිරයෙහි වෙයි.
කවර දහම් තුණෙකින යත්:
අකුශලකායකර්මයෙන්, අකුශලවාක්කර්මයෙන්, අකුශලමනඃකර්මයෙන්.
මහණෙනි, මේ තුන් දහමින් සමන්වාගත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි සිටියේ වේ.
මහණෙනි, දහම් තුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි සිටියේ වේ.
කවර දහම් තුණෙකින යත්:
කුශලකායකර්මයෙන්, කුශලවාක්කර්මයෙන්, කුශලමනඃකර්මයෙන්.
මහණෙනි, මේ තුන් දහමින් සමන්වාගත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි සිටියේ වේ.
3. 3. 5. 2.
45. මහණෙනි, ධර්ම තුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම්සේ ද, එපරිදි නිරයෙහි සිටියේ වේ.
කවර දහම් තුණෙකින යත්:
සදොස් කාකමින, සදොස් විසිකමින, සදොස් මුනිකමින.
මහණෙනි, මේ තුන් දහමින් සමන්වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම්සේ ද, එපරිදි නිරයෙහි වේ.
මහණෙනි, දහම් තුණෙකින් සමන්විත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ.
කවර තුණෙකින යත්:
නිර්දෝෂකායකර්මයෙන්, නිර්දොෂවාක්කර්මයෙන්, නිර්දෝෂමනඃකර්මයෙන්.
මහණෙනි, මේ තුන් දහමින් සමන්වාගත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්ගයෙහි වේ.
3. 3. 5. 3.
46. මහණෙනි, දහම් තුණෙකින් සමන්වාගත වූයේ ... නිරයෙහි සිටියේ වේ. කවර දහම් තුණෙකින යත්:
විෂම වූ කාකමින, විෂම වූ විසිකමින, විෂම වූ මුනිකමින ... මහණෙනි, මේ තුන් දහමින් ... නිරයෙහි වේ.
මහණෙනි, දහම් තුණෙකින් ... ස්වර්ගයෙහි වේ.
කවර දහම් තුණෙකින යත්:
සම වූ කායකර්මයෙන්, සම වූ වාක්කර්මයෙන්, සම වූ මනඃකර්මයෙන් ... මහණෙනි, මේ තුන් දහමින් ... ස්වර්ගයෙහි වේ.
3. 3. 5. 4.
47. මහණෙනි, දහම් තුණෙකින් සමන්වාගත වූයේ නිරයෙහි සිටියේ වේ. කවර තුණෙකින යත්:
අපවිත්ර වූ කායකර්මයෙන්, අපවිත්ර වූ වාක්කර්මයෙන්, අපවිත්ර වූ මනඃකර්මයෙන්. මහණෙනි, මේ තුන් දහමින් ... එපරිදි නිරයෙහි වේ.
මහණෙනි, දහම් තුණෙකින් ... ස්වර්ගයෙහි වේ.
කවර තුණෙකින යත්:
පවිත්ර වූ කායකර්මයෙන්, පවිත්ර වූ වාක්කර්මයෙන්, පවිත්ර වූ මනඃකර්මයෙන්.
මහණෙනි, මේ තුන් දහමින් සමන්වාගත වූයේ ගෙණවුත් සිටියේ යම් සේ ද, එපරිද්දෙන් ස්වර්ගයෙහි වේ.
3. 3. 5. 5.
48. මහණෙනි, කරුණු තුණෙකින් සමන්වාගත අව්යක්ත වූ අසත්පුරුෂ වූ බාලයා ගුණවිසින් සාළ නටු ආත්මයක් පරිහරණය කරයි. සාවද්ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ පව් ද රැස් කෙරෙයි.
කවර තුන් දහමකින යත්:
අකුශලකායකර්මයෙන්, අකුශලවාක්කර්මයෙන්, අකුශලමනඃකර්මයෙන්.