3. 1. 5. 2.
42. මහණෙනි, මේ කරුණු තුණෙකින් පහන් වූ සැදැහැතියේ දතයුතු වේ. කවර තුණෙකින යත්: සිල්වතුන් දක්නා කැමැතියේ වෙයි, සදහම් අසනු කැමැතියේ වෙයි, වුහුටු ත්යාග ඇත්තේ දීමෙහි දෙවි අත් ඇතියේ හැරපීමෙහි ඇලුනේ යදනට නිසිවූයේ දන් හා සංවිභාගයෙහි ඇලුනේ පහ වූ මසුරු මලින් යුත් සිතින් ගිහිගෙයි වෙසෙයි. මහණෙනි, මේ තෙකරුණින් යුක්ත වූයේ පහන් වූ සැදැහැතියේ යි දත යුතුයි.
45. සිල්වතුන් දක්නට කැමැතියේ වේ ද, සදහම් අසන්නට කැමැති වේ ද, මසුරුමල දුරලා වෙසේ ද, හේ ඒකාන්තයෙන් සැදැහැත්තේ ය යි කියනු ලැබේ.
3. 1. 5. 3.
43. මහණෙනි, මේ කරුණු තුණක් දක්නහු විසින් පරහට දහම් දෙසුමට නිසි ම වේ. කවර තුණෙක යත්: යමෙක් දහම් දෙසා නම්, හේ අටුවා දන්නේත් වෙයි. පෙළදහම් දන්නේත් වෙයි. යමෙක් ධර්මය අසා නම්, හෙ අටුවා දන්නේත් පෙළදහම් දන්නේත් වෙයි. යමෙකුත් දහම් දෙසා නම්, යමෙකුත් දහම් අසා නම්, එ දෙදෙන අටුවා දන්නාහු ද පෙළදහම් දන්නාහු ද වෙත්. මහණෙනි, මේ කරුණු තුණ දක්නහු විසින් පරහට දහම් දෙසනු නිසි මැ යි.
3. 1. 5. 4.
44. මහණෙනි, කරුණු තුණෙකින් කථාව පවත්නී වෙයි. කවර තුණෙකින යත්: යමෙක් දහම් දෙසා නම්, හේ අටුවා දන්නේත් පෙළදහම් දන්නේත් වෙයි. යමෙක් දහම් අසා නම්, හේ අටුවා දන්නේත් පෙළදහම් දන්නේත් වේ. යමෙක් එ දහම් දෙසා නම්, යමෙක් දහම් අසා නම්, යන දෙදෙන ම අටුවා දන්නෝත් පෙළදහම් දන්නෝත් වෙති. මහණෙනි, මේ කරුණු තුණෙන් කථාව පවත්නී වේ යයි.
3. 1. 5. 5.
45. මහණෙනි, පණ්ඩිතයන් විසින් පණවන ලද සත්පුරුෂයන් විසින් පණවන ලද මේ කරුණු තුණෙකි. කවර තුණෙක යත්: මහණෙනි, දානය පණ්ඩිතයන් විසින් පණවන ලද සත්පුරුෂයන් විසින් පණවනලද. මහණෙනි, පැවිද්ද පණ්ඩිතයන් විසින් පණවන ලද සත්පුරුෂයන් විසින් පණවන ලද. මහණෙනි, මවුපියඋවටන පණ්ඩිතයන් විසින් පණවන ලද සත්පුරුෂයන් විසින් පණවනලද. මහණෙනි, මොහු තිදෙන පණ්ඩිතයන් විසින් පණවන ලද්දාහු සත්පුරුෂයන් විසින් පණවන ලද්දාහු වෙති යි.
46. ශ්රේෂ්ඨචර්ය්යා ඇති සත්පුරුෂයන්ගේ දානය ද අහිංසාව ද ශීලසංයමය ද ඉන්ද්රියසංවරය ද මවුපිය උවටන ද යන මේ සත්පුරුෂයන් විසින් පණවන ලද වෙයි.
47. පණ්ඩිත තෙමේ සත්පුරුෂයන් පිළිබඳ වූ යම්බඳු මේ තුන් කරුණු සෙවුනේ නම්, දර්ශන සම්පන්න වූ ඒ ආර්ය්ය තෙම දෙව්ලොව සෙවුනේ යි.
3. 1. 5. 6.
46. මහණෙනි, සිල්වත් පැවිද්දෝ යම් ගමක් හෝ නියම්ගමක් ඇසුරු කොට වෙසෙත් ද, එහි මිනිස්සු කරුණු තුණෙකින් බොහෝ පින් ලබත්. කවර තුණෙකින යත්: කයින් ද, වචනයෙන් ද, සිතින් දැයි. මහණෙනි, සිල්වත් වූ පැවිද්දෝ යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වසත් නම්, එහි මිනිස්සු මේ කරුණු තුණෙන් බොහෝ පින් ලබත්.
3. 1. 5. 7.
47. මහණෙනි, ප්රත්යය සමවායයෙන් සකස් කරණ ලද්දහුගේ මේ සඞ්ඛත ලක්ෂණ තුණෙකි. කවර තුණෙක යත්: ඉපැදීම පැණෙයි, නැස්ම (බිඳීම) පැණෙයි, සිටියහුගේ වෙනස්වීම (නම් වූ ජරාව) පැණෙයි. මහණෙනි, ප්රත්යය සමවායයෙන් සකස් කරණ ලද්දහුගේ මේ සඞ්ඛත ලක්ෂණ තුණයි.
3. 1. 5. 8.
48. මහණෙනි, ප්රත්යයයන් විසින් නො සකස්කළහු (නිර්වාණයා) ගේ මේ අසඞ්ඛත ලක්ෂණ තුණෙකි. කවර තුනෙක යත්: උපත් නොපැණෙයි, ව්යය නොපැණෙයි, සිටියහුගේ අන්යථාත්වය (ජරාව) නො පැණෙයි. මහණෙනි, අසංස්කාර (ධර්මයා) ගේ මේ අසංස්කෘත ලක්ෂණ තුණයි.