3. 1. 1. 6.
6. මහණෙනි, ධර්ම තුණෙකින් සමන්වාගත බාල තෙමේ දතයුතු වේ. කවර තුණෙකින යත්: අකුශල වූ කායකර්මයෙන, අකුශල වූ වාක්කර්මයෙන, අකුශල වූ මනඃකර්මයෙන (යන තුණෙනි). මහණෙනි, මේ ධර්ම තුණෙන් සමන්වාගත වූ බාල තෙමේ දතයුතු වේ.
මහණෙනි, ධර්ම තුණෙකින් සමන්වාගත පණ්ඩිත තෙමේ දතයුතු වෙයි. කවර තුණෙකින යත්: කුශල වූ කායකර්මයෙන, කුශල වූ වාක්කර්මයෙන, කුශල වූ මනඃකර්මයෙන (යන තුණෙනි). මහණෙනි, මේ ධර්ම තුණෙන් සමන්වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතු වේ. එහෙයින් ... මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය.
3. 1. 1. 7.
7. මහණෙනි, ධර්ම තුණෙකින් සමන්වාගත වූ බාල තෙමේ දතයුතු වේ. කවර ධර්ම තුණෙකින යත්: වරද සහිත වූ කායකර්මයෙන, වරද සහිත වූ වාක්කර්මයෙන, වරද සහිත වූ මනඃකර්මයෙන (යන තුණෙනි). මහණෙනි, මේ ධර්ම තුණෙන් සමන්වාගත වූ බාල තෙමේ දතයුතු වෙයි.
මහණෙනි, ධර්ම තුණෙකින් සමන්වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතු වෙයි. කවර තුණෙකින යත්: නිරවද්ය වූ කායකර්මයෙන, නිරවද්ය වූ වාක්කර්මයෙන, නිරවද්ය වූ මනඃකර්මයෙන. (යන තුණෙනි). මහණෙනි, මේ ධර්ම තුණෙන් සමන්වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතු වේ. එහෙයින් ... මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය.
3. 1. 1. 8.
8. මහණෙනි, ධර්ම තුණෙකින් සමන්වාගත වූ බාල තෙමේ දතයුතු වෙයි. කවර තුණෙකින යත්: සදොස් වූ කායකර්මයෙන, සදොස් වූ වාක්කර්මයෙන, සදොස් වූ මනඃකර්මයෙන (යන තුණෙනි). නිදොස් වූ කායකර්මයෙන, නිදොස් වූ වාක්කර්මයෙන, නිදොස් වූ මනඃකර්මයෙන (යන තුණෙනි). මහණෙනි, මේ ධර්ම තුණෙන් සමන්වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතු වේ. මහණෙනි, එහෙයින් යම් ධර්ම තුණෙකින් සමන්වාගත වූ බාල තෙමේ දත යුත්තේ නම්, ඒ ධර්ම තුණ නෙරැ යම් ධර්ම තුණෙකින් සමන්වාගත වූ පණ්ඩිත තෙමේ දතයුත්තේ නම්, ඒ ධර්ම තුණ සමාදන් කොට ගෙණ පවත්නම්හ යි මෙසේ හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.
3. 1. 1. 9.
9. මහණෙනි, ධර්ම තුණෙකින් සමන්වාගත අව්යක්ත අසත්පුරුෂ බාල තෙම කැණු ගුණ ඇති නට ගුණ ඇති ආත්මය පිරිවටයි. වරද සහිත ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ පව් ද රැස් කරයි. කවර තුණෙකින යත්: කායදුශ්චරිතයෙන, වාග්දුශ්චරිතයෙන, මනෝදුශ්චරිතයෙන් (යන තුණෙනි.) මහණෙනි, මේ ධර්ම තුණෙන් සමන්වාගත වූ අව්යක්ත අසත්පුරුෂ තෙමේ කැණු ගුණ ඇති නටගුණ ඇති ආත්මය පස්වටයි. සදොස් වූයේ ද නුවණැත්තන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ පව් ද රැස් කරයි.
මහණෙනි, ධර්ම තුණෙකින් සමන්වාගත ව්යක්ත සත්පුරුෂ වූ පණ්ඩිත තෙම නොකිණි ගුණ ඇති, නොනට ගුණ ඇති ආත්මය පිරිවටයි. නිදොස්වූයේද නුවණැත්තන් විසින් උපවාද නොකට යුත්තේ ද වෙයි. බොහෝ (ලොවී ලොවුතුරා) කුසල් ද රැස් කරයි. කවර තුණෙකින යත්: කායසුචරිතයෙන, වාක්සුචරිතයෙන, මනස්සුචරිතයෙන (යන තුණෙනි.) මහණෙනි, මේ ධර්ම තුණෙන් සමන්වාගත වූ ව්යක්ත සත්පුරුෂ වූ පණ්ඩිත තෙම නොකිණි ගුණ ඇති, නොනට ගුණ ඇති ආත්මය පරිහරණය කෙරෙයි. නිදොස් වූයේ නුවණැත්තන් විසින් නො ම උපවාද කටයුතු ද වෙයි. බොහෝ කුසල් ද රැස් කෙරේ.
3. 1. 1. 10.
10. මහණෙනි, ධර්ම තුණෙකින් සමන්වාගත වූයේ ත්රිවිධ මල නො දැහැ (හිසින්) ගෙණවුත් බහා තැබූයේ යම්සේ ද, එසේ නිරයෙහි (පිහිටියේ) වේ. කවර තුණෙකින් යත්: දුශ්ශීල ද වේ. මොහුගේ දෞශ්ශීල්ය මලය ප්රහීණ නුවූයේත් වේ. ඊර්ෂ්යා ඇත්තේත් වේ. මොහුගේ ඊර්ෂ්යාමලය ප්රහීණ නුවූයේත් වේ. මසුරුවූයේ ද වේ. ඔහුගේ මසුරු මල නො ම ප්රහීණ වූයේ ද වේ. (යන තුණෙනි.) මහණෙනි, මේ ධර්ම තුණෙන් සමන්වාගත වූයේ මේ මල තුණ ප්රහීණ නො කොට හිසින් ගෙණවුත් බහා තැබූයේ යම්සේ ද එසේ නිරයෙහි (පිහිටියේ) වේ.
මහණෙනි, ධර්ම තුණෙකින් සමන්වාගත වූයේ ත්රිවිධ මල පහා හිසින් ගෙණ වුත් බහා තැබූයේ යම්සේ ද, එසේ ස්වර්ගයෙහි (පිහිටියේ) වේ. කවර තුණෙකින් යත්: සිල්වත් ද වෙයි. මොහුගේ දෞශ්ශීල්ය මලය ප්රහීණ වූයේත් වෙයි. ඊර්ෂ්යා නැත්තේ ද වෙයි. ඔහුගේ ඊර්ෂ්යා මලය ප්රහීණ වූයේත් වේ. නො මසුරු වූයේ ද වෙයි. ඔහුගේ මසුරුමල ප්රහීණ වූයේත් වේ. මහණෙනි, මේ ධර්ම තුණෙන් සමන්වාගත වූයේ මේ ත්රිවිධමලය ප්රහීණ කොට හිසින් ගෙණවුත් බහා තැබූයේ යම්සේ ද එසේ (ස්වර්ගයෙහි) වේ.
පළමුවන බාල වග යි.