2. 3. 11. 5.
5. මහණෙනි, ලොව්හි මේ පුඟුලෝ දෙදෙනෙක් (දායකයා විසින්) පහසුවෙන් තර්පණය කළ හැක්කාහු වෙති. කවර දෙදෙනෙක යත්: යමෙකුත් ලද ලද දෑ තැන්පත් නො කෙරේ ද, යමෙකුත් ලද ලද දෑ වියදම් නො කෙරේ ද යන දෙදෙන ය. මහණෙනි, මේ පුඟුලෝ දෙදෙන වනාහි ලොව්හි තර්පණය කළ හැක්කාහු වෙත් ය යි.
2. 3. 11. 6.
6. මහණෙනි, රාගයාගේ ඉපදීමට මේ ප්රත්යයයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: සුභනිමිත්ත හා අයෝනිසෝමනසිකාරය යන දෙකයි. මහණෙනි, මොහු වනාහි රාගයාගේ ඉපදීමට ප්රත්යයයෝ දෙදෙන ය.
2. 3. 11. 7.
7. මහණෙනි, ද්වේෂයාගේ ඉපදීමට මේ ප්රත්යයයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ප්රතිඝනිමිත්ත හා අයෝනිසෝමනසිකාරය යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි ද්වේෂයාගේ ඉපදීමට ප්රත්යයයෝ දෙදෙන ය.
2. 3. 11. 8.
8. මහණෙනි, මිථ්යාදෘෂ්ටිහුගේ ඉපදීමට මේ ප්රත්යයයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: මෙරමාගෙන් (අසද්ධර්මය) ඇසීම හා නුනුවණින් මෙනෙහි කිරීම හා යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි මිථ්යාදෘෂ්ටිහුගේ ඉපදීමට ප්රත්යයයෝ දෙදෙන ය.
2. 3. 11. 9.
9. මහණෙනි, සම්යග්දෘෂ්ටිහුගේ ඉපදීමට මේ ප්රත්යයයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: මෙරමාගෙන් සද්ධර්මය ඇසීම හා නුවණින් මෙනෙහි කිරීම හා යන දෙදෙන යි. මහණෙනි, මොහු වනාහි සම්යග්දෘෂ්ටිහුගේ ඉපදීමට ප්රත්යයයෝ දෙදෙන ය.
2. 3. 11. 10.
10. මහණෙනි, මේ ඇවැත් දෙකෙකි. කවර දෙකෙක යත්: ලුහු ඇවැත හා ගුරු ඇවැත හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ඇවැත් දෙක ය.
2. 3. 11. 11.
11. මහණෙනි, මේ ඇවැත් දෙකෙකි. කවර දෙකෙක යත්: දුළුල් ඇවැත හා නො දුළුල් ඇවැත හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ඇවැත් දෙක ය.
2. 3. 11. 12.
12. මහණෙනි, මේ ඇවැත් දෙකෙකි. කවර දෙකෙක යත්: සාවස්සෝපත්තිය හා අනවස්සොපත්තිය හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ඇවැත් දෙක ය.
එකොළොස්වන වගයි.
[12. ආයාචන වර්ගය]
[සැවැත්නිදාන යි]
2. 3. 12. 1.
13. මහණෙනි, සැදැහැති මහණ මෙසේ මොනොවට යදනේ සැරියුත් මුගලන් දෙදෙන යම්බඳු වෙත් නම්, එබඳු වෙම්ව යි යදනේය. (කවර හෙයින යත්:) මහණෙනි, යම් සැරියුත් මුගලන් දෙදෙනෙක් වෙත් නම්, මාගේ ශ්රාවක භික්ෂූන්ට තෙල තුලාව ය. තෙල ප්රමාණ ය යි.