2. 2. 9. 6.
42. මහණෙනි, මේ ධර්ම දෙකෙකි. කවර දෙකෙක යත්: (පවට ලජ්ජා නැති බව වූ) අහ්රිකය හා (පවට නො බානා බව වූ) අනපත්රපාව හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්ම දෙකය.
2. 2. 9. 7.
43. මහණෙනි, මේ ධර්ම දෙකෙකි. කවර දෙකෙක යත්: (පවට ලජ්ජා ඇති බව වූ) හ්රීය හා (පවට බානා බව වූ) අපත්රපාව හා යන දෙක ය. මහණෙනි, මේ වනාහි ධර්ම දෙක ය.
2. 2. 9. 8.
44. මහණෙනි, මේ ධර්ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ඔවා නොපිළිගන්නා බව වූ) දෝවචස්සතාව හා (පවිටු මිතුරන් සෙවුනා බව වූ) පාපමිත්තතාව හා යන දෙක ය. මහණෙනි, මේ වනාහි ධර්ම දෙක ය.
2. 2. 9. 9.
45. මහණෙනි, මේ ධර්ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ඔවා පිළිගන්නා බව වූ) සොවචස්සතාව හා (කලණමිතුරන් සෙවුනා බව වූ) කල්යාණමිත්තතාව හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ධර්ම දෙකය.
2. 2. 9. 10.
46. මහණෙනි, මේ ධර්ම දෙකෙකි. කවර දෙකෙක යත්: (අෂටාදශ) ධාතුන් දැනීමෙහි දක්ෂ බව හා (ඒ) ධාතුන් අනිත්යාදි වශයෙන් මෙනෙහි කිරීමෙහි දක්ෂ බව හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ධර්ම දෙකය.
2. 2. 9. 11.
47. මහණෙනි, මේ ධර්ම දෙකෙකි. කවර දෙකෙක යත්: සප්තාපත්තිස්කන්ධයන් දැනීමෙහි දක්ෂ බව හා ඇවැතින් නැගීසිටීමෙහි දක්ෂ බව හා යන දෙක ය. මහණෙනි, මේ වනාහි ධර්ම දෙකය.
නවවන වග යි.
[10. බාල වර්ගය]
[සැවැත්නිදාන යි]
2. 2. 10. 1.
48. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙක් නො පැමිණි බර උසුලනුයේ ද, යමෙකුත් පැමිණි බර නො උසුලනුයේ නම් හේය යන මේ දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.
2. 2. 10. 2.
49. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් පැමිණි බර උසුලනුයේ ද, යමෙකුත් නො පැමිණි බර නො උසුලනුයේ ද යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.
2. 2. 10. 3.
50. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් නො කැප දැයෙහි කැපය යන සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් කැප දැයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.
2. 2. 10. 4.
51. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අකැප දැයෙහි අකැපය යන සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් කැප දැයෙහි කැපය යන සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.
2. 2. 10. 5.
52. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අනාපත්තියෙහි ආපත්ති සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ආපත්තියෙහි අනාපත්තිසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.
2. 2. 10. 6.
53. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අනාපත්තියෙහි අනාපත්ති සංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ආපත්තියෙහි ආපත්තිසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.
2. 2. 10. 7.
54. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අධර්මයෙහි ධර්මසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ධර්මයෙහි අධර්මසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.
2. 2. 10. 8.
55. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අධර්මයෙහි අධර්මසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ධර්මයෙහි ධර්මසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.
2. 2. 10. 9.
56. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් අවිනයෙහි විනයසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් විනයෙහි අවිනය සංඥා ඇත්තේ වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.
2. 2. 10. 10.
57. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: අවිනයෙහි අවිනයසංඥා ඇති යමෙකුත් වේ ද, විනයෙහි විනයසංඥා ඇති යමෙකුත් වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.