2. 2. 7. 3.
16. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (ත්රෛභූමකසුඛ සඞ්ඛ්යාත) උපධි සුඛය හා (ලෝකෝත්තරසුඛ සඞ්ඛ්යාත) නිරුපධිසුඛය හා යන දෙකයි. මහණෙනි, මේ සුව දෙකය. මහණෙනි, මේ සුඛ දෙක අතුරෙන් යම් නිරුපධිසුඛයෙක් වේ නම්, තෙල අග්ර වේ.
2. 2. 7. 4.
17. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (වට්ටසුඛ සඞ්ඛ්යාත) සාසවසුඛය හා (විවට්ටසුඛ සඞ්ඛ්යාත) අනාසවසුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුඛ දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් අනාසවසුඛයෙක් වේ නම්, තෙල අග්ර වේ.
2. 2. 7. 5.
18. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (වට්ටගාමීසුඛ සඞ්ඛ්යාත) සාමිස සුඛය හා (විවට්ටගාමී සුඛ සඞ්ඛ්යාත) නිරාමිස සුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුඛ දෙක ය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් නිරාමිසසුඛයෙක් වේ ද, තෙල අග්ර වේ.
2. 2. 7. 6.
19. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: ආර්ය්යසුඛය හා අනාර්ය්ය සුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුඛ දෙක ය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් ආර්ය්යසුඛයෙක් වේ නම්, තෙල අග්ර වේ.
2. 2. 7. 7.
20. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: කායිකසුඛය හා චෛතසික සුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුව දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් චෛතසිකසුඛයෙක් වේ නම්, තෙල අග්ර වේ.
2. 2. 7. 8.
21. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (ප්රථම ද්විතීයධ්යාන සඞ්ඛ්යාත) සප්රීතික සුඛය හා (තෘතීය චතුර්ත්ථ ධ්යාන සඞ්ඛ්යාත) නිෂ්ප්රීතික සුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුව දෙක ය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් නිෂ්ප්රීතික සුවයෙක් වේ නම්, තෙල අග්ර වේ.
2. 2. 7. 9.
22. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (ප්රථම-ද්විතීය-තෘතීයධ්යාන සඞ්ඛ්යාත) සාතසුඛය හා (චතුර්ත්ථ ධ්යාන සඞ්ඛ්යාත) උපේක්ෂාසුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුව දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් උපේක්ෂාසුඛයෙක් වේ නම්, තෙල අග්ර වේ.
2. 2. 7. 10.
23. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (අර්පණාවට හෝ උපචාරයට පැමිණි) සමාධිසුඛය හා (එසේ නො පැමිණි) අසමාධිසුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුව දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් සමාධිසුඛයෙක් වේ නම්, තෙල අග්ර වේ.
2. 2. 7. 11.
24. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (ප්රථම-ද්විතීය ධ්යාන දෙක ප්රත්යවේක්ෂාකරන්නහුට උපන්) සප්රීතිකාලම්බන සුඛය හා (තෘතීය චතුර්ත්ථධ්යාන ප්රත්යවේක්ෂාකරන්නහුට උපන්) නිෂ්ප්රීතිකාලම්බන සුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුව දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් නිෂ්ප්රීතිකාලම්බන සුඛයෙක් වේ නම්, තෙල අග්ර වේ.
2. 2. 7. 12.
25. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (ප්රථම-ද්විතීය-තෘතීය ධ්යාන සඞ්ඛ්යාත) සාතාලම්බන සුඛය හා (චතුර්ත්ථධ්යාන සඞ්ඛ්යාත) උපේක්ෂාලම්බන සුඛය හා යන දෙක යි. මහණෙනි, මේ වනාහි සුව දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් උපේක්ෂාලම්බනසුඛයෙක් වේ නම්, තෙල අග්ර වේ.
2. 2. 7. 13.
26. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (රූපාවචර-චතුර්ත්ථධ්යානය අරමුණුකොට ඇති) රූපාලම්බන සුඛය හා අරූපාවචරධ්යාන අරමුණු කොට ඇති අරූපාලම්බන සුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුව දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් අරූපාලම්බන සුඛයෙක් වේ නම්, තෙල අග්ර වේය යි.
සත්වැනි සුවවග යි.