2. 2. 7. 13.
26. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (රූපාවචර-චතුර්‍ත්‍ථධ්‍යානය අරමුණුකොට ඇති) රූපාලම්බන සුඛය හා අරූපාවචරධ්‍යාන අරමුණු කොට ඇති අරූපාලම්බන සුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුව දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් අරූපාලම්බන සුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේය යි.
සත්වැනි සුවවග යි.
[8. සනිමිත්ත වර්‍ගය]
2. 2. 8. 1.
[සැවැත්නිදාන යි]
27. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සනිමිත්ත ව උපදිත්. අනිමිත්ත ව නූපදිත්. ඒ නිමිත්තයාගේ ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වෙත් ය යි.
2. 2. 8. 2.
28. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සනිදාන ව උපදිත්. අනිදාන ව නූපදිත්. ඒ නිදානයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වෙත් ය යි.
2. 2. 8. 3.
29. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සහේතුක ව උපදිත්. අහේතුක ව නූපදිත්. ඒ හේතුහුගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වෙත් ය යි.
2. 2. 8. 4.
30. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සංස්කාර සහිත ව උපදිත්. සංස්කාර රහිත ව නූපදිත්. ඒ සංස්කාරයන්ගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වෙත් ය යි.
2. 2. 8. 5.
31. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ ප්‍රත්‍යය සහිත ව උපදිත්. ප්‍රත්‍යය රහිත ව නූපදිත්. ඒ ප්‍රත්‍යයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශල ධර්‍මයෝ නො වෙත් ය යි.
2. 2. 8. 6.
32. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ රූපසහිත ව උපදනාහ. රූප රහිත ව නූපදනාහ. ඒ රූපයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වන්නාහ යි.
2. 2. 8. 7.
33. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ වේදනා සහිත ව උපදනා හ. වේදනා රහිත ව නූපදනා හ. ඒ වේදනාහුගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වන්නාහ යි.
2. 2. 8. 8.
34. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ සංඥා සහිත ව උපදනාහ. සංඥා රහිත ව නූපදනාහ. ඒ සංඥාහුගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නොවන්නා හයි.