2. 2. 6. 2.
2. මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙනෙක් ලෝකයෙහි උපදනට සමත් වූවාහු ආශ්චර්ය්ය මනුෂ්ය ව උපදිත්. කවර දෙදෙනෙක යත්: තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ හා චක්රවර්තති රජ හා දෙදෙනයි. මහණෙනි, ලෝකයෙහි උපදනට සමත් මේ පුද්ගලයෝ දෙදෙන ආශ්චර්ය්ය මනුෂ්ය ව උපදනාහ.
2. 2. 6. 3.
3. මහණෙනි, පුද්ගලයන් දෙදෙනක්හුගේ කාලක්රියාව බොහෝ දෙනාට අනුතාපකර වෙයි. කවර දෙදෙනක්හුගේ ය යත්: තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේගේ ය, චක්රවර්තති රජහුගේ ය. මහණෙනි, මේ පුද්ගලයන් දෙදෙනාගේ කාලක්රියාව බොහෝ දෙනාට අනුතාප කර වේ.
2. 2. 6. 4.
4. මහණෙනි, මේ ස්තුපාර්හයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ හා චක්රවර්තති රජ හා දෙදෙනයි. මහණෙනි, මොහු වනාහි ස්තුපාර්හයෝ දෙදෙන වෙත්.
2. 2. 6. 5.
5. මහණෙනි, මේ බුදුවරු දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: තථාගත අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ හා ප්රත්යෙක බුදුන්වහන්සේ හා දෙදෙනයි. මහණෙනි, මොහු බුදුවරු දෙදෙන වෙත්.
2. 2. 6. 6.
6. මහණෙනි, මොහු දෙදෙනෙක් සේන ගිගිරි කරණ කල්හි නොබත්. කවර දෙදෙනෙක යත්: ක්ෂීණාස්රව තෙමේ ද ආජානේය හස්ති තෙමේ ද යන දෙදෙන යි. මහණෙනි, මේ දෙදෙන සේන ගුගුරත් නො බති.
2. 2. 6. 7.
7. මහණෙනි, මොහු දෙදෙන සේන ගිගිරි කරත් ම නො බානහ. කවර දෙදෙනෙක යත්: ක්ෂීණාස්රව තෙමේ ද ආජානේය අශ්වයා ද යන දෙදෙන යි. මහණෙනි, මේ දෙදෙන සේන ගුගුරන කල්හි තැති නො ගණිත්.
2. 2. 6. 8.
8. මහණෙනි, මොහු දෙදෙන සේන ගොහන කල්හි තැති නො ගණිත්: කවර දෙදෙනෙක යත්: ක්ෂීණාස්රව මහණ ද මෘගරාජන් වූ සිංහයා හා දෙදෙනයි. මහණෙනි, මොහු දෙදෙන සේන ගොහන කල්හි තැති නො ගණිත්.
2. 2. 6. 9.
9. මහණෙනි, මේ කරුණු දෙකක් දක්නා කිංපුරුෂයෝ මිනිස්බස් නො බෙණෙත්. කවර දෙකෙක යත්: නහමක් මුසවා බණමෝව යි, මෙරමා අභූතයෙන් නහමක් අභ්යාඛ්යාන කරමෝ ව යි යන දෙකයි. මහණෙනි, මේ කරුණු දෙක දක්නා කිංපුරුෂයෝ මිනිස්බස් නොබණන්නාහ.
2. 2. 6. 10.
10. මහණෙනි, මේ ධර්ම දෙකක් පිළිබඳව මාගම අතෘප්ත ව නොපසුබට ව සිට කලුරිය කරයි. කවර දෙකක් පිළිබඳවය යත්: මෙවුන්දම්සෙවීම හා ප්රසූතිය හා යන දෙක පිළිබඳව යි. මහණෙනි, මේ ධර්ම දෙක පිළිබඳ මාගම අතෘප්ත ව නොපසුබට ව සිට කලුරිය කෙරේ ය යි.
2. 2. 6. 11.
11. මහණෙනි, තොපට අසත්පුරුෂ සන්නිවාසය හා සත්පුරුෂසන්නිවාසය දෙසමි. එය අසව ...
මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂ සන්නිවාසය වේය යත්: කෙසේ නම් අසත්පුරුෂයෝ එක්ව වෙසෙත්ය යත්:
මහණෙනි, මෙ සස්නෙහි ස්ථවිර භික්ෂූහට මෙබඳු සිතෙක් වෙයි: වැඩිහිටි තෙරද මට නහමක් කියාවා, මධ්යම තෙර ද මට නහමක් කියාවා, නවක තෙමේ ද මට නහමක් කියාවා, මම ද මහලු තෙරුන්ට නහමක් කියම්වා, මම මැදුම් තෙරුන් ට ද නහමක් කියම්වා, නවක භික්ෂුහට ද නහමක් කියම්වා, මහලු තෙර ද මට කියන්නේ නම්, හිතානුකම්පා නැත්තේ ම මට කියයි. හිතානුකම්පා ඇති ව නො කියයි ඔහුට නැතැයි ද කියනෙමි. ඔහුට වෙහෙස ද කරමි, එය දක්නෙම් නමුදු පිළියම් නො කරමි. ඉදින් මැදුම් තෙර ද මට කියා නම් ... ඉදින් නවක භික්ෂූ ද මට කියා නම්, අහිතානුකම්පා ඇති ව මට කියනේය. හිතානුකම්පා ඇති ව නො වේ. ඔහුට මම නැතැ’යි කියමි. ඔහුට වෙහෙස ද කරමි. දක්නෙම් නමුදු එයට පිළියම් නො කරමි. මැදුම් මහණහට ද මෙබඳු සිතෙක් වෙයි ... නවක භික්ෂුහට ද මෙබඳු සිතෙක් වෙයි: මහලු තෙර ද මට නහමක් කියාවා, මැදුම් තෙර ද මට නහමක් කියාවා, නවක භික්ෂු තෙමේ ද මට නහමක් කියාවා, මම ද මහලු තෙරුන්ට නහමක් කියමි. මැදුම් තෙරුන්ට ද මම නහමක් කියමි. නවක භික්ෂූහට ද මම නහමක් කියමි. ඉදින් මහලු තෙර ද මට කියා නම්, (මට) අහිතානුකම්පී ව කියන්නේය. හිතානුකම්පී ව නො වේ. නැතැයි ඔහුට කියමි, ඔහුට වෙහෙස ද කරමි. දක්නෙම් නමුදු එයට පිළියම් නො කරමි. ඉදින් මැදුම් තෙර ද මට කියා නම් ... ඉදින් නවක භික්ෂූ තෙමේ ද මට කියා නම්, අහිතානුකම්පී ව මට කියන්නේය, හිතානුකම්පී ව නො වේ. නැතැයි ඔහුට කියමි, ඔහුට වෙහෙස ද කරමි. දක්නෙම් නමුදු එයට පිළියම් නො කරමි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂ සන්නිවාසය වේ. මෙසේ ද අසත්පුරුෂයෝ එක්ව වෙසෙත්.