2. 2. 6. 12.
12. මහණෙනි, යම් අධිකරණයෙක (උනුන් ආක්රෝශවශයෙන් සමවලා ගැණීම වූ) වාක්සංසරණය ද, (දෘෂ්ටිය නිසා උපදනා යුගග්රාහ සඞ්ඛ්යාත) පළාසය ද, චිත්තයෙහි වූ කෝපය ද, නොසතුට ද, නො ඇල්ම ද, අධ්යාත්මයෙහි මැනැවින් නොසන්හිඳුනේ වේ ද, මහණෙනි, ඒ අධිකරණයෙහි මෙය බොහෝ කල් පැවැත්මට රළුබවට සැඩබවට වැටෙන්නේය. භික්ෂූහු ද සුවසේ නො වෙසෙන්නාහ’ යි කැමැති විය යුත්තේ යි.
2. 2. 6. 13.
13. මහණෙනි, යම් අධිකරණයෙක දෙපස වාක් සංසරණය, දිට්ඨිපළාසය, චිත්තයාගේ ආඝාතය අසන්තුෂ්ටිය, අනභිරද්ධිය, අධ්යාත්මයෙහි මැනැවින් සන්හිඳුනේ වේ ද, මහණෙනි, මෙය ඒ අධිකරණයෙහි බොහෝ කල් පැවැත්මට රළුබවට සැඩබවට නො වැටෙන්නේය. භික්ෂූහු ද සුවසේ වෙසෙන්නාහ යි කැමැති විය යුත්තේ යි.
සවන පුඟුල්වගයි.
[7. සුඛ වර්ගය]
2. 2. 7. 1.
[සැවැත්නිදාන යි]
14. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: ගිහි සුඛ හා පැවිදි සුඛ හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුඛ දෙක ය. මහණෙනි මේ සුව දෙක අතුරෙන් යම් පැවිදි සුවයෙක් වේ නම්, තෙල අග්ර වේ.
2. 2. 7. 2.
15. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: කාමසුඛය හා නෙක්ඛම්මසුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුඛ දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් නෙක්ඛම්මසුඛයෙක් වේ නම්, තෙල අග්ර වේ.
2. 2. 7. 3.
16. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (ත්රෛභූමකසුඛ සඞ්ඛ්යාත) උපධි සුඛය හා (ලෝකෝත්තරසුඛ සඞ්ඛ්යාත) නිරුපධිසුඛය හා යන දෙකයි. මහණෙනි, මේ සුව දෙකය. මහණෙනි, මේ සුඛ දෙක අතුරෙන් යම් නිරුපධිසුඛයෙක් වේ නම්, තෙල අග්ර වේ.
2. 2. 7. 4.
17. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (වට්ටසුඛ සඞ්ඛ්යාත) සාසවසුඛය හා (විවට්ටසුඛ සඞ්ඛ්යාත) අනාසවසුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුඛ දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් අනාසවසුඛයෙක් වේ නම්, තෙල අග්ර වේ.
2. 2. 7. 5.
18. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (වට්ටගාමීසුඛ සඞ්ඛ්යාත) සාමිස සුඛය හා (විවට්ටගාමී සුඛ සඞ්ඛ්යාත) නිරාමිස සුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුඛ දෙක ය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් නිරාමිසසුඛයෙක් වේ ද, තෙල අග්ර වේ.
2. 2. 7. 6.
19. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: ආර්ය්යසුඛය හා අනාර්ය්ය සුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුඛ දෙක ය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් ආර්ය්යසුඛයෙක් වේ නම්, තෙල අග්ර වේ.