2. 16. 16-20.
මහණෙනි, මේ දහම් දෙකෙකින් සමන්‍වාගත වූයේ සුවසේ වෙසෙයි. කවර දෙකෙකින යත්: අක්‍රෝධයෙන් හා අනුපනාහයෙන් හා දෙකෙනි. ... අමක්ඛයෙන් හා අපලාසයෙන් හා දෙකෙනි. ... අනිර්‍ෂ්‍යායෙන් හා අමාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... අමායාවෙන් හා අසාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... හිරියෙන් හා ඔත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්‍වාගත වූයේ සුවසේ වෙසේ යී.
2. 16. 21-25.
මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පිරිහීම පිණිස මේ ධර්‍මයෝ දෙදෙනෙක් පවතිත්. කවර දෙදෙනෙක යත්: ක්‍රෝධය හා උපනාහය හා දෙකය. ... මක්ඛය හා පලාසය හා දෙක ය. ... ඊර්‍ෂ්‍යාව හා මාත්සර්‍ය්‍යය හා දෙක ය. ... මායාව හා සාඨෙය්‍ය හා දෙක ය. ... අහිරිකය හා අනොත්තප්පය හා දෙක ය. මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පිරිහීම පිණිස මේ ධර්‍මයෝ දෙදෙන පවතිත්.
2. 16. 26-30.
මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ නො පිරිහීම පිණිස මේ ධර්‍මයෝ දෙදෙනෙක් පවතිත්. කවර දෙදෙනෙක යත්: අක්‍රෝධය හා අනුපනාහය හා දෙක ය. ... අමක්ඛය හා අපලාසය හා දෙක ය. ... අනීර්‍ෂ්‍යාව හා අමාත්සර්‍ය්‍යය හා දෙකය. ... අමායාව හා අසාඨෙය්‍ය හා දෙක ය. ... හිරිය හා ඔත්තප්පය හා දෙක ය. මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ නො පිරිහීම පිණිස මේ ධර්‍මයෝ දෙදෙන පවතිත්.
2. 16. 31-35.
මහණෙනි, ධර්‍මයෝ දෙකෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එසෙයින් නිරයෙහි වේ. කවර දෙකෙකින යත්: ක්‍රෝධයෙන් හා උපනාහයෙන් හා දෙකෙනි. ... මක්ඛයෙන් හා පලාසයෙන් හා දෙකෙනි. ... ඊර්‍ෂ්‍යායෙන් හා මාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... මායාවෙන් හා සාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... අහිරිකයෙන් හා අනොත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එසෙයින් නිරයෙහි වේ.
2. 16. 36-40.
මහණෙනි, ධර්‍මයෝ දෙකෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එසෙයින් ස්වර්‍ගයෙහි ය. කවර දෙකෙකින යත්: අක්‍රෝධයෙන් හා අනුපනාහයෙන් හා දෙකෙනි. ... අමක්ඛයෙන් හා අපලාසයෙන් හා දෙකෙනි. ... අනීර්‍ෂ්‍යායෙන් හා අමාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... අමායාවෙන් හා අසාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... හිරියෙන් හා ඔත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එසෙයින් ස්වර්‍ගයෙහි වේ.
2. 16. 41-45.
මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් දහම් දෙකෙකින් සමන්‍වාගත වූයේ කාබුන් මරණින් මතු අපාය නම් වූ, දුගති නම් වූ, විනිපාත නම් වූ නිරයට (පටිසන්‍ධි විසින්) පැමිණේ. කවර දෙකෙකින යත්: ක්‍රෝධයෙන් හා උපනාහයෙන් හා දෙකෙනි. ... මක්ඛයෙන් හා පලාසයෙන් හා දෙකෙනි. ... ඊර්‍ෂ්‍යායෙන් හා මාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... මායාවෙන් හා සාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... අහිරිකයෙන් හා අනොත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් මේ දහම් දෙකින් සමන්‍වාගත වූයේ කාබුන් මරණින් මතු අපාය නම් වූ, දුගති නම් වූ නිරයට (පටිසන්‍ධි විසින්) පැමිණේ.
2. 16. 46-50.
මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් දහම් දෙකෙකින් සමන්‍වාගත වූයේ කාබුන් මරණින් මතු සුගති නම් වූ, ස්වර්‍ගලෝකයට (පටිසන්‍ධි විසින්) පැමිණේ. කවර දෙකෙකින යත්: අක්‍රෝධයෙන් හා අනුපනාහයෙන් හා දෙකෙනි. ... අමක්ඛයෙන් හා අපලාසයෙන් හා දෙකෙනි. ... අනීර්‍ෂ්‍යායෙන් හා අමාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... අමායාවෙන් හා අසාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... හිරියෙන් හා ඔත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් දහම් දෙකින් සමන්‍වාගත වූයේ කාබුන් මරණින් මතු සුගති නම් වූ, ස්වර්‍ගලෝකයට (පටිසන්‍ධි විසින්) පැමිණේ.
සොළොස්වන වග යි.