2. 16. 46-50.
මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් දහම් දෙකෙකින් සමන්‍වාගත වූයේ කාබුන් මරණින් මතු සුගති නම් වූ, ස්වර්‍ගලෝකයට (පටිසන්‍ධි විසින්) පැමිණේ. කවර දෙකෙකින යත්: අක්‍රෝධයෙන් හා අනුපනාහයෙන් හා දෙකෙනි. ... අමක්ඛයෙන් හා අපලාසයෙන් හා දෙකෙනි. ... අනීර්‍ෂ්‍යායෙන් හා අමාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... අමායාවෙන් හා අසාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... හිරියෙන් හා ඔත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් දහම් දෙකින් සමන්‍වාගත වූයේ කාබුන් මරණින් මතු සුගති නම් වූ, ස්වර්‍ගලෝකයට (පටිසන්‍ධි විසින්) පැමිණේ.
සොළොස්වන වග යි.
[17. සතළොස්වනවග]
1. අකුශල පෙය්‍යාලය
1-50.
මහණෙනි, මේ අකුසල් දහම්හු දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ කුසල් දහම්හු දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ සාවද්‍යධර්‍මයෝ දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ අනවද්‍යධර්‍මයෝ දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ දුක් වඩන දහම්හු දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ සුව වඩන දහම්හු දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ දුඃඛවිපාක ඇති දහම්හු දෙදෙනෙක් වෙති. … මහණෙනි, මේ සුඛ විපාක ඇති දහම්හු දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ දුක් සහිත ඇති දහම්හු දෙදෙනෙක් වෙති. … මහණෙනි, මේ නිදුක් දහම්හු දෙදෙනෙක් වෙති. … කවර දෙදෙනෙක යත්: අක්‍රෝධය හා අනුපනාහය හා. ... අමක්ඛය හා අපලාසය හා ... අනීර්‍ෂ්‍යාව හා අමාත්සර්‍ය්‍යය හා ... අමායාව හා අසාඨෙය්‍ය හා ... හිරිය හා ඔත්තප්පය හා දෙදෙන වෙති. මහණෙනි, මේ දහම්හු දෙදෙන නිදුක් දහම්හු වෙති.
අකුශල පෙය්‍යාලය නිමි.
2. විනය පෙය්‍යාලය
1-10.
මහණෙනි, කරුණු දෙකක් පිණිස තථාගතයන් වහන්සේ විසින් සව්වනට සිකපද පණවන ලදි.
කවර දෙකෙක යත්: සඞ්ඝයාගේ සුෂ්ඨුභාවය පිණිස හා සඞ්ඝයාගේ ඵාසුභාවය පිණිස හා යී ... දුසිල් පුඟුලනට නිගා පිණිස හා පේශල මහණුනට ඵාසුවිහාරය පිණිස හා යී ... ඉහාත්මයෙහි වන ආස්‍රවයන් ගේ සංවරය පිණිස හා පරලොව්හි වන ආස්‍රවයන් වැළහීම පිණිස හා යි ... ඉහාත්මයෙහි වන වෙරයන් ගේ සංවරය පිණිස හා පරලොව්හි වන වෙරයන්ගේ වැළහීම පිණිස හා යී ... ඉහාත්මයෙහි වන දෝෂයන්ගේ සංවරය පිණිස හා පරලොව්හි වන දෝෂයන්ගේ වැළහීම පිණිස හා යී ... ඉහාත්මයෙහි වන බිය වැළහීම පිණිස හා පරලොව්හි වන බිය වැළහීම පිණිස හා යී ... ඉහාත්මයෙහි වන අකුශල ධර්‍මයන්ගේ වැළහීම පිණිස හා පරලොව්හි වන අකුශලධර්‍මයන්ගේ වැළහීම පිණිස හා යී. ... ගිහියනට අනුකම්පා පිණිස හා පාපෙච්ඡයන්ගේ පක්‍ෂෝපච්ඡේදය පිණිස හා යි. ... අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හා ප්‍රසන්නයන්ගේ භූයෝභාවය පිණිස හා යි ... සද්ධර්‍මයාගේ චිරස්ථිතිය පිණිස හා විනයානුග්‍රහය පිණිස හා යි. ... මහණෙනි, මේ කරුණු දෙක පිණිස තථාගතයන් වහන්සේ විසින් සව්වනට සිකපද පණවන ලදී.
11-300.
මහණෙනි, කරුණු දෙකක් පිණිස තථාගතයන් වහන්සේ විසින් සව්වනට පාමොක් පණවන ලදී. ... පාමොක් උදෙසුම් පණවන ලදි. ... පාමොක් තැබීම් පණවන ලදි. ... පවාරණා පණවන ලදු ... පවාරණ තැබුම් පණවන ලදී. ... තජ්ජනීය කර්‍මය පණවන ලදී. ... නියස්සකර්‍මය පණවන ලදී. ... පබ්බාජනීයකර්‍මය පණවන ලදී. ... පටිසාරණීයකර්‍මය පණවන ලදී. ... උක්ඛේපනීයකර්‍මය පණවන ලදී. ... පරිවාසදානය පණවන ලදී. ... මූලායපටිකස්සනය පණවන ලදී. ... මානත්තදානය පණවන ලදී. ... අබ්භානය පණවන ලදී. ... ඔසාරණීයය පණවන ලදී. ... නිස්සාරණීයය පණවන ලදී. ... උපසපුව පණවන ලදී. ... ඤත්තිකර්‍මය පණවන ලදී. ... ඤත්තිදුතියකර්‍මය පණවන ලදී. ... ඤත්තිචතුත්‍ථකර්‍මය පණවන ලදී. ... නො පණවන ලද්දෙහි (සිකපද) පණවන ලදී. ... පණවන ලද්දෙහි අනුප්පඤ්ඤත්ති පණවන ලදු. ... සම්මුඛාවිනය පණවන ලදී. ... සතිවිනය පණවන ලදී. ... අමූළ්හවිනය පණවන ලදී. ... පටිඤ්ඤාතකරණය පණවන ලදී. යේභුය්‍යසිකාව පණවන ලදී. ... තස්සපාපිය්‍යසිකාව පණවන ලදී. තිණවත්‍ථාරකය පණවන ලදී. ...