2. 1. 5. 4.
45. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: අනාර්ය්ය (ශ්රාවක) පිරිස හා ආර්ය්ය (ශ්රාවක) පිරිස හා දෙකයි.
මහණෙනි, අනාර්ය්ය පිරිස කවර: මහණෙනි, මෙ සස්නෙහි යම් පිරිසෙක භික්ෂූහු මේ (තෘෂ්ණාව තබා පඤ්චස්කන්ධය) දුකැයි තත් වූ පරිදි නො දනිත් ද, මේ (තෘෂ්ණාව) දුඃඛසමුදයයි තත් වූ පරිදි නො දනිත් ද, මේ (තෘෂ්ණාවගේ නැවැත්ම) දුඃඛනිරෝධ යයි තත් වූ පරිදි නො දනිත් ද, මේ (අරීඅටඟිමග) දුඃඛනිරෝධගමී ප්රතිපත්ති යයි තත් වූ පරිදි නො දනිත් ද, මහණෙනි මේ අනාර්ය්ය පිරිසැ යි කියනු ලැබේ.
මහණෙනි, ආර්ය්ය පිරිස කවර: මහණෙනි, මෙ සස්නෙහි යම් පිරිසෙක භික්ෂූහු මේ දුකැයී තත් වූ පරිදි දනිත් ද, මේ දුඃඛසමුදයයි තත් වූ පරිදි දනිත් ද, මේ දුඃඛනිරෝධයයි තත් වූ පරිදි දනිත් ද,මේ දුඃඛනිරොධගමි ප්රතිපත්ති යයි තත් වූ පරිදි දනිත් ද, මහණෙනි, මේ ආර්ය්ය පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස් දෙකයි. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් ආර්ය්ය පිරිසෙක් වේ නම්, තෙල අගී.
2. 1. 5. 5.
46. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: කසළ පිරිස හා නිකසළ පිරිස හා දෙකයි.
මහණෙනි, කසළ පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක භික්ෂූහු ඡන්දයෙන් අගතියට යෙත් ද, ද්වේෂයෙන් අගතියට යෙත් ද, මෝහයෙන් අගතියට යෙත් ද, භයින් අගතියට යෙත් ද, මහණෙනි මේ කසළ පිරිසැ යි කියනු ලැබේ.
මහණෙනි, නිකසළ පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක භික්ෂූහු ඡන්දයෙන් අගතියට නො යෙත් ද, ද්වේෂයෙන් අගතියට නො යෙත් ද, මෝහයෙන් අගතියට නො යෙත් ද, භයින් අගතියට නො යෙත් ද, මහණෙනි මේ නිකසළ පිරිසැ යී කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් නිකසළ පිරිසෙක් වේ නම්, තෙල අගී.
2. 1. 5. 6.
47. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: අවිනීත වූ පිළිවිස නොහික්මුනු පිරිසය, දුර්විනීත නො වූ පිළිවිස හික්මුනු පිරිසය යන දෙකය.
මහණෙනි, අවිනීත වූ පිළිවිස නො හික්මුනු පිරිස කවර: මහණෙනි, මෙ සස්නෙහි යම් පිරිසෙක භික්ෂූහු තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද (පාළි වසයෙන්) ගැඹුරු වූ, ගැඹුරු අරුත් ඇති, ලෝකෝත්තර අර්ත්ථය ප්රකාශ කරණ (සත්ත්ව පුද්ගල) ශුන්යතායෙන් යුත් යම් සූත්රාන්ත කෙනෙක් වෙත් ද, ඒ සූත්රාන්ත දෙසනු ලබන කල්හි ඇසීමට නො කැමැති වෙත්, ඇසීමට කන් රුකොට නොගණිත්, දැන ගැණීමට සිත් නො එළවත්, ඒ ධර්මයන් උගත යුතු කොට පුහුණු කළ යුතු කොට නො හඟිත්, කවීන් විසින් කරණ ලද, කවීන්ට හිත වූ, විසිතුරු අකුරු ඇති, විසිතුරු ව්යඤ්ජන ඇති, සස්නෙන් බැහිරි වූ, සව්වන් විසින් කියන ලද යම් ඒ සූත්රාන්ත කෙනෙක් වෙත් නම්, එය කියත් කියත් ඇසීමට කැමැති වෙත්, කන් රුකොට ගණිත්, ඇසීමට සිත් එළවත්, ඒ ධර්මයන් උගත යුතු කොට පුහුණු කළ යුතු කොට හඟිත්. ඔහු ඒ ධර්මයන් පුහුණු කොට ඔවුනොවුන් නො ද පිළිවිසිත්. මෙය කෙසේ ය? මෙහි අරුත් කිමැ යි පිළිවිසුමට නො ම සැරිසරත්. ඔහු පිළිසන් අරුත විවර නො කෙරෙත්. අප්රකට අර්ත්ථය ප්රකට නො කෙරෙත්. නන් වැදෑරුම් සැකයට කරුණු වූ ධර්මයන් විෂයෙහි සැක දුරු නො කෙරෙත්. මහණෙනි, මේ අවිනීත නො පිළිවිස හික්මුනු පිරිස වෙයි.