24. මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්යාඛ්යාන කෙරෙත්. කවර දෙදෙන යත්: යමෙක් එළවා කිය යුතු අර්ත්ථය ඇති සූත්රාන්තය හෙළි කළ අරුත් ඇති සූත්රාන්තය යි දක්වා ද, යමෙකුත් හෙළි කළ අරුත් ඇති සූත්රාන්තය එළවා කිය යුතු අරුත් ඇති සූත්රාන්තය යි දක්වා ද (යන මේ දෙදෙන වෙති.) මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්යාඛ්යාන කෙරෙත්.
2. 1. 3. 5.
25. මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්යාඛ්යාන නො කෙරෙත්. කවර දෙදෙන යත්: යමෙක් එළවා කිය යුතු අරුත් ඇති සූත්රාන්තය එළවා කිය යුතු අරුත් ඇති සූත්රාන්තය යි දක්වා ද, යමෙකුත් හෙළි කළ අරුත් ඇති සූත්රාන්තය හෙළි කළ අරුත් ඇති සූත්රාන්තය යි දක්වා ද, (යන මේ දෙදෙන වෙති.) මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්යාඛ්යාන නො කෙරෙත්.
2. 1. 3. 6.
26. මහණෙනි, පිළිසන්කමත්හට (පව්කම් ඇත්තහුට) නිරය හෝ තිරිසන් යෝනිය හෝ යයි දෙගතීන් අතුරෙන් එක්තරා ගතියෙක් කැමති විය යුතුයි.
2. 1. 3. 7.
27. මහණෙනි, නො පිළිසන් කමත්හට දේවගතිය හෝ මනුෂ්යගතිය හෝ යයි දෙගතීන් අතුරෙන් එක්තරා ගතියෙක් කැමති විය යුතුයි.
2. 1. 3. 8.
28. මහණෙනි, මිථ්යාදෘෂ්ටිකයාට නිරය හෝ තිරිසන් යෝනිය හෝ යයි දෙගතීන් අතුරෙන් එක්තරා ගතියෙක් කැමති විය යුතුයි.
2. 1. 3. 9.
29. මහණෙනි, සම්යක්දෘෂ්ටිකයාට දේවගතිය හෝ මනුෂ්යගතිය හෝ යයි දෙගතීන් අතුරෙන් එක්තරා ගතියෙක් කැමති විය යුතුයි.
2. 1. 3. 10.
30. මහණෙනි, දුශ්ශීලයාගේ පිළිගාවෝ (ප්රතිග්රාහකයෝ) දෙදෙනෙකි. නිරය හෝ තිරිසන් යෝනිය හෝ යි. මහණෙනි, සිල්වත්හුගේ පිළිගාවෝ දෙදෙනෙකි. දෙවියෝ හෝ මනුෂ්යයෝ හෝ යි.
2. 1. 3. 11.
31. මහණෙනි, මම කරුණු දෙකක් දක්නෙම් අරන් ද, වනපෙත් ද, ගැඹුරු වල් ද යන සෙනසුන් සේවනය කරමි. කවර දෙකෙක යත්: තමන්හට ඉහාත්මසුඛවිහරණය දක්නෙම් හෝ පශ්චිමජනතාවට අනුකම්පා කරන්නෙම් හෝ යි මහණෙනි, මම මේ කරුණු දෙක දක්නෙම් අරන් ද, වනපෙත් ද, ගැඹුරු වල් ද යන සෙනසුන් සේවනය කරමි.
2. 1. 3. 12.
32. මහණෙනි, මේ විද්යාභාගීය ධර්මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ශමථය හා විදර්ශනාව හා යන දෙදෙනායි. මහණෙනි, ශමථය වඩන ලද්දේ කිනම් අර්ත්ථයක් සපයා ද? මාර්ගචිත්තය වැඩෙයි. වැඩුනු සිත කිනම් අර්ත්ථයක් සපයා ද?යම් රාගයෙක් වේ නම්, එය පැහෙයි (ප්රහීණ වේ.) මහණෙනි, විදර්ශනාව වඩන ලද්දී කිනම් අර්ත්ථයක් සපයා ද? මාර්ගප්රඥාව වැඩෙයි. වැඩුනු ප්රඥාව කිනම් අර්ත්ථයක් සපයා ද? යම් අවිද්යායෙක් වේ නම් එය පැහෙයි. මහණෙනි, රාගයෙන් කිලිටි වූ සිත නො මිදෙයි. අවිද්යායෙන් කිලිටි වූ ප්රඥාව නො වැඩෙයි. මහණෙනි, මෙසේ වනාහි රාගයාගේ ක්ෂයවිරාගයෙන් (ඵලසමාධිසඞ්ඛ්යාත) චිත්තවිමුක්තිය වේ. අවිද්යාවගේ ක්ෂයවිරාගයෙන් (ඵලප්රඥාසඞ්ඛ්යාත) ප්රඥාවිමුක්තිය වේ.
බාල වග තෙවැනි යි.
4. සමචිත්ත වර්ගය
2. 1. 4. 1.
[සැවැත්නිදාන යි]
32. මහණෙනි, තොපට අසත්පුරුෂ භූමිය හා සත්පුරුෂ භූමිය දෙසමි. එය අසව, මනාකොට මෙනෙහි කරව. කියමි (වදාළහ.) වහන්ස, එසේ ය යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, අසත්පුරුෂ භූමිය කවර? මහණෙනි, අසත්පුරුෂ තෙමේ අකෘතඥ වෙයි, කෙළෙහිගුණ පාළකොට නො දන්නේ ද වෙයි. මහණෙනි, යම් මේ අකෘතඥ බවෙක් වේ ද, අකෘතවේදී බවෙක් වේ ද, මෙය අසත්පුරුෂයන් විසින් ම පසස්නා ලදී. මහණෙනි, යම් අකෘතඥ බවෙක් අකෘතවේදී බවෙක් වේ ද, මේ සම්පූර්ණ අසත්පුරුෂ භූමිය වෙයි.