11. 1. 2.
න චේතනාය කරණීය සූත්‍රය
මහණෙනි, සිල්සපන් සිල්වත්හට ‘මට අවිප්‍රතිසාරය උපදීවා’යි චේතනායෙන් කර්‍තව්‍යයෙක් නැත. මහණෙනි, සිල්පහන් සිල්වත්හට අවිප්‍රතිසාරය උපදනේය යන, තෙල ධර්‍මතාහෙයිනි.
මහණෙනි, අවිප්‍රතිසාරය අතියහුට ‘මට ප්‍රමෝදය උපදීවා’යි චේතනායෙන් කර්‍තව්‍යයෙක් නැත. මහණෙනි, අවිප්‍රතිසාරය ඇතියහුට ප්‍රමෝදය උපදනේය යන තෙල ධර්‍මතා හෙයිනි.
මහණෙනි, ප්‍රමුදිතයාහට ‘මට ප්‍රීතිය උපදීවා’යි චේතනායෙන් කර්‍තව්‍යයෙක් නැත. මහණෙනි, ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදීය යන, තෙල ධර්‍මතා හෙයිනි.
මහණෙනි, ප්‍රීතමනස් ඇත්තාහට ‘මාගේ නාමකාය සන්හිඳේවා’යි චේතනායෙන් කටයුතු නැත. මහණෙනි, ප්‍රීතමනස්කයාගේ කය සන්හිඳෙන්නේ ය යන තෙල ධර්‍මතා හෙයිනි.
මහණෙනි, සන්හුන් කය ඇතියහුට ‘සුඛවේදනා විඳිනෙම්ව’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, සන්හුන් කය ඇතියහුට සුඛය උපදනේ ය යන තෙල ධර්‍මතා හෙයිනි.
මහණෙනි, සුඛ ඇතියහුට’මාගේ සිත සමාධි වේවා’යි චේතනායෙන් කරණී නැති. මහණෙනි, සුඛ ඇතියහුගේ සිත සමාහිත වේ ය යන තෙල ධර්‍මතායෙක.
මහණෙනි, සමාධිගත සිත් ඇත්තාහට ‘යථාභූත ව දන්මි දක්මි’යි චේතනායෙන් කරණී නැති. මහණෙනි, සමාධිගත සිතැතියේ යථාභූත ව දන්නේ දක්නේ ය යන තෙල ධර්‍මතායෙක.
මහණෙනි, යථාභූත ව දන්නා දක්නාහට ‘සසරට කලකිරෙමි’යි චේතනායෙන් කරණී නැති. මහණෙනි, යථාභූත ව දන්නේ දක්නේ සසර කලකිරෙයි යන, තෙල ධර්‍මතායෙක.
මහණෙනි, නිර්වේදයට පැමිණියහුට ‘විරාගයට පැමිණෙමි’යි චේතනායෙන් කරණී නැති. මහණෙනි, නිර්විග්න වූයේ නො ඇලේ යන තෙල ධර්‍මතායෙක.
මහණෙනි, විරක්තයාහට ‘විමුක්තිඥානදර්‍ශනය පසක් කෙරෙමි’යි චේතනායෙන් කරණී නැති. මහණෙනි, විරක්ත වූයේ විමුක්තිඥානදර්‍ශන පසක් කෙරේ යන, තෙල ධර්‍මතායෙකි.
මහණෙනි, මෙසේ විරාගය විමුක්තිඥානදර්‍ශනය අර්‍ත්‍ථ කොට ඇත. විමුක්තිඥානදර්‍ශනය අනුසස් කොට ඇත. නිර්වේදය විරාගය අර්‍ත්‍ථ කොට විරාගය අනුසස් කොට ඇත. යථාභූතඥානදර්‍ශනය නිර්වේදය අර්‍ත්‍ථ කොට නිර්වේදය අනුසස් කොට ඇත. සමාධිය යථාභූතඥානදර්‍ශනය අර්‍ත්‍ථ කොට යථාභූතඥානදර්‍ශනය අනුසස් කොට ඇත. සුඛය සමාධිය අර්‍ත්‍ථ කොට සමාධිය අනුසස් කොට ඇත. ප්‍රශ්‍රබ්ධිය සුඛය අර්‍ත්‍ථ කොට සුඛය අනුසස් කොට ඇත. ප්‍රීතිය ප්‍රශ්‍රබ්ධිය අර්‍ත්‍ථ කොට ප්‍රශ්‍රබ්ධිය අනුසස් කොට ඇත.