මහණෙනි, මෙසේ ධර්‍මයෝ ම ධර්‍මයන් පවත්වන්නාහ. ධර්‍මයෝ ම මෙ ත්‍රෛභූමික වර්‍තතීරයෙන් නිර්‍වාණ සඞ්ඛ්‍යාත පාරිමතීරයට යනු සඳහා ධර්‍මයන් ද පුරන්නාහයි.
11. 1. 3.
පඨම උපනිස සූත්‍රය
මහණෙනි, විපන්සිල් ඇති දුසිල්හුගේ අවිප්‍රතිසාරය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. අවිප්‍රතිසාරය නැතිවත් ම නට අවිප්‍රතිසාර ඇත්තහුගේ ප්‍රමෝදය නට කරුණු ඇතියේ වෙයි. ප්‍රමෝදය නැතිවත් ම නට ප්‍රමෝද ඇතියහුගේ ප්‍රීති තොමෝ නට උපනිඃශ්‍රය ඇත්තී වෙයි. ප්‍රීතිය නැතිවත් ම විපන් ප්‍රීතිඇතියහුගේ ප්‍ර‍්‍රශ්‍රබ්ධි තොමෝ නට උපනිඃශ්‍රය ඇත්තී වෙයි. ප්‍ර‍්‍රශ්‍රබ්ධිය නැතිවත් ම විපන් ප්‍ර‍්‍රශ්‍රබ්ධි ඇතියහුගේ සුඛය නටමුල් වෙයි. සුඛ නැතිවත් ම සුඛවිපන්නයාගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සම්‍යක්සමාධිය නැතිවත් ම සම්‍යක්සමාධිවිපන්නයාගේ යථාභූතඥානදර්‍ශනය නැතිවත් ම විපන් යථාභූතඥානදර්‍ශනය ඇතියහුගේ නිර්වේදය නට උපනිඃශ්‍රය ඇති වෙයි. නිර්වේදය නැතිවත් ම විපන් නිර්වේද ඇත්තහුගේ විරාගය නට උපනිඃශ්‍රය ඇති වෙයි. විරාගය නැතිවත් ම විපන් විරාග ඇතියහුගේ විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.
මහණෙනි, යම් පරිද්දෙන් විපන් අතුපත් ඇති වෘක්‍ෂයෙක් වේ නම් එ රුක්හුගේ පතුරුදු පරිපූර්‍ණභාවයට නො යෙයි. සිවිදු ... බොරුදු ... හර ද පරිපූර්‍ණභාවයට නො යෙයි.
මහණෙනි, එ පරිද්දෙන් ම විපන්සිල් ඇති දුසිල්හුගේ අවිප්‍රතිසාරය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. අවිප්‍රතිසාරය නැතිවත් ම විපන් අවිප්‍රතිසාරය ඇතියහුගේ ප්‍රමෝදය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. -පෙ- විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි.
මහණෙනි, සිල්සපන් සිල්වත්හුගේ අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරසම්පන්නයාගේ ප්‍රමෝදය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රමෝදය ඇතිවත් ම ප්‍රමෝදසම්පන්නයාගේ ප්‍රීතිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රීතිය ඇතිවත් ම ප්‍රීතිසම්පන්නයාගේ ප්‍ර‍්‍රශ්‍රබ්ධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍ර‍්‍රශ්‍රබ්ධිය ඇතිවත් ම සුඛය උපනිඃශ්‍රය සම්පන්න වෙයි. සුඛය ඇතිවත් ම සුඛසම්පන්නයාගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇතිවත් ම සම්‍යක්සමාධි, සම්පන්නයාගේ යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇතිවත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නයාගේ නිර්වේදය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිර්වේදය ඇතිවත් ම නිර්වේදසම්පන්නයාගේ විරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. විරාගය ඇතිවත් ම විරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
මහණෙනි, යම් සෙයෙකින් අතුපත් සපන් වෘක්‍ෂයෙක් වේ නම්, එ රුක්හුගේ පතුරුදු පිරිපුන්බවට යෙයි. සිවිදු … බොරුදු ... හරදු පිරිපුන්බවට යෙයි. මහණෙනි, එසෙයින් ම සිල්සපන් සිල්වත්හුගේ අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරසම්පන්නයාගේ ප්‍රමෝදය … විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
11. 1. 4.
දුතිය උපනිස සූත්‍රය
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ “ඇවැත්නි මහණෙනි,”යි භික්‍ෂූන් ඇමතූහ. “ඇවැත්නි”යි එ මහණහු ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල වදාළහ.
ඇවැත්නි, සිල්විපන් දුසිල්හුගේ අවිප්‍රතිසාරය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. අවිප්‍රතිසාරය නැතිවත් ම නට අවිප්‍රතිසාරය ඇතියහුගේ ප්‍රමෝදය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. ප්‍රමෝදය නැතිවත් ම ප්‍රමොදවිපන්නයාගේ ප්‍රීතිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. ප්‍රීතිය නැතිවත් ම ප්‍රීතිවිපන්නයාගේ ප්‍රශ්‍රබ්ධිය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. ප්‍රශ්‍රබ්ධිය නැතිවත් ම ප්‍රශ්‍රබ්ධිවිපන්නයාගේ සුඛය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සුඛ නැතිවත් ම සුඛවිපන්නයාගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සම්‍යක්සමාධිය නැතිවත් ම සම්‍යක්සමාධිවිපන්නයාගේ යථාභූතඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි. යථාභූතඥානදර්‍ශනය නැතිවත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නයාගේ නිර්වේදය නට උපනිඃශ්‍රය ඇති වෙයි. නිර්වේදය නැතිවත් ම නිර්වේදවිපන්නයාගේ විරාගය නට උපනිඃශ්‍රය ඇති වෙයි. විරාගය නැතිවත් ම විරාගවීපන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.