1. 14. 7. 1-10.
මහණෙනි, යම් සේනානීධිතු සුජාතා නම් උපාසිකාවක් ඇද්ද, සියල්ලන්ට පළමු ව සරණයෙහි පිහිටි මාගේ ශ්රාවිකා උපාසිකාවන් අතුරෙහි තුලු අග්ර වේ. … යම් මිගාරමාතු විසාඛා නම් උපාසිකාවක් ඇද්ද, දීමෙහි ඇලුනු මාගේ ශ්රාවිකා උපාසිකාවන් අතුරෙහි … යම් ඛුජ්ජුත්තරා නම් උපාසිකාවක් ඇද්ද, බහුශ්රුත වූ මාගේ ශ්රාවිකා උපාසිකාවන් අතුරෙහි … යම් සාමාවතී නම් උපාසිකාවක් ඇද්ද, මෛත්රීවිහරණ ඇති මාගේ ශ්රාවිකා උවැසියන් අතුරෙහි … යම් උත්තරා නන්දමාතු නම් උපාසිකාවක් ඇද්ද, ධ්යානයෙහි අභිරත වූ මාගේ ශ්රාවිකා උවැසියන් අතුරෙහි … යම් කෝලියධීතු සුප්පාවාසා නම් උපාසිකාවක් ඇද්ද, ප්රණීත රසදායිකා වූ මාගේ ශ්රාවිකා උවැසියන් අතුරෙහි … යම් සුප්පියා නම් උපාසිකාවක් ඇද්ද, ග්ලානෝපස්ථායිකා වූ මාගේ ශ්රාවිකා උවැසියන් අතුරෙහි … යම් කාතියානි නම් උපාසිකාවක් ඇද්ද, අවෙත්යප්රසාදයෙන් සමන්විත මාගේ ශ්රාවිකා වූ උවැසියන් අතුරෙහි … යම් නකුලමාතු ගහපතානී නම් උපාසිකාවක් ඇද්ද, විශ්වාස කථා ඇති මාගේ ශ්රාවිකා වූ උවැසියන් අතුරෙහි … යම් කුරරඝර වැසි කාළි නම් උපාසිකාවක් ඇද්ද, අනුශ්රවයෙන් උපන් ප්රසාද ඇති මාගේ ශ්රාවිකා වූ උපාසිකාවන් අතුරෙහි තුලු අග්ර වේ.
සත්වැනි වග යි.
15. අට්ඨාන පාළිය
1. 15. 1.
[සැවැත්නිදාන යි]
මහණෙනි, යම් හෙයෙකින් මාර්ගදෘෂ්ටියෙන් යුත් (=සෝවන්) පුද්ගල තෙමේ කිසි සංස්කාරයක් නිත්යය යි ගන්නේය යන තෙල කරුණ විද්යමාන නො වේ. තෙල අවිද්යමාන තැනෙකි. ප්රත්යය රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ කිසියම් සංස්කාරයක් නිත්යය යි ගන්නේ ය යන යමෙක් වේද, තෙල කරුණ විද්යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 2.
මහණෙනි, යම් හෙයෙකින් දර්ශනසම්පන්න පුද්ගල තෙමේ කිසි සංස්කාරයක් සුඛය යි ගන්නේය යන තෙල කරුණ විද්යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ කිසි සංස්කාරයක් සුඛය යි ගන්නේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්යමාන වෙයි. තෙල හේතු ඇත.
1. 15. 3.
මහණෙනි, යම් හෙයෙකින් දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ කිසි ධර්මයක් ආත්මය යි ගන්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ කිසි ධර්මයක් ආත්මය යි ගන්නේ ය යන යමෙක් වේද, තෙල කරුණ විද්යමාන වේ. තෙල හේතු ඇත.
1. 15. 4.
මහණෙනි, යම් හෙයෙකින් දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ මව දිවියෙන් තොර කරන්නේය යන තෙල කරුණ විද්යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ මව දිවියෙන් තොර කරන්නේ ය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්යමාන වෙයි. තෙල හේතු ඇත.
1. 15. 5.
මහණෙනි, යම් හෙයෙකින් දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ පියා දිවියෙන් තොර කරන්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ පියා දිවියෙන් තොර කරන්නේ ය යන යමෙක් වේද, තෙල කරුණ විද්යමාන වෙයි. තෙල හේතු ඇත.
1. 15. 6.
මහණෙනි, යම් හෙයෙකින් දෘෂ්ටිසම්පන්න පුද්ගල තෙමේ රහතකු දිවියෙන් තොර කරන්නේ ය යන තෙල කරුණ විද්යමාන නො වේ. තෙල හේතු රහිත යෙකි. අවකාශ රහිත යෙකි. මහණෙනි, යම් හෙයෙකින් පෘථග්ජන තෙමේ රහතකු දිවියෙන් තොර කරන්නේය යන යමෙක් වේ ද, තෙල කරුණ විද්යමාන වෙයි. තෙල හේතු ඇත.