1. 10. 5.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ද, මහණෙනි, මහේච්ඡතාව බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, මහේච්ඡතාව මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 10. 6.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ද, මහණෙනි, අල්පේච්ඡතාව බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, අල්පේච්ඡතාව මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 10. 7.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ද, මහණෙනි, අසන්තුට්ඨිතාව බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, අසන්තුට්ඨිතාව මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 10. 8.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ද, මහණෙනි, සන්තුට්ඨිතාව බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, සන්තුට්ඨිතාව මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 10. 9.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමෙක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, අයෝනිසෝ මනසිකාරය බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, අයෝනිසෝ මනසිකාරය මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 10. 10.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමෙක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, යෝනිසෝ මනසිකාරය බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, යෝනිසෝ මනසිකාරය මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 10. 11.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමෙක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, අසම්පජඤ්ඤය බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, අසම්පජඤ්ඤය මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 10. 12.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමෙක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, සම්පජඤ්ඤය බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, සම්පජඤ්ඤය මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 10. 13.
මහණෙනි, ‘බාහිර අඞ්ගය’ යි කොට ගෙණ යමක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ද, මහණෙනි, පාපමිත්‍රතාව බඳු අන් එක අඞ්ගයකුදු නො දක්මි. මහණෙනි, පාපමිත්‍රතාව මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 10. 14.
මහණෙනි, ‘බාහිර අඞ්ගය’ යි කොට ගෙණ යමක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ද, මහණෙනි, කල්‍යාණමිත්‍රතාව බඳු අන් එක අඞ්ගයකුදු නො දක්මි. මහණෙනි, කල්‍යාණමිත්‍රතාව මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 10. 15.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමෙක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, අකුශලධර්‍මයන්හි යෙදීම හා කුශලධර්‍මයන්හි නොයෙදීම බඳු අන් එක අඞ්ගයකුදු නො දක්මි. මහණෙනි, අකුශලධර්‍මයන්හි යෙදීම හා කුශලධර්‍මයන්හි නො යෙදීම මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 10. 16.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමෙක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, කුශලධර්‍මයන්හි යෙදීම හා අකුශලධර්‍මයන්හි නොයෙදීම බඳු අන් එක අඞ්ගයකුදු මම නොදක්මි. මහණෙනි, කුශලධර්‍මයන්හි යෙදීම හා අකුශලධර්‍මයන්හි නො යෙදීම. මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 10. 17.
මහණෙනි, යමෙක් මෙසේ සද්ධර්‍මයාගේ විනාශය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේ ද, මහණෙනි, ප්‍රමාදය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, ප්‍රමාදය සද්ධර්‍මයාගේ විනාශය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේ ය.
1. 10. 18.
මහණෙනි, යමෙක් මෙසේ සද්ධර්‍මයාගේ පැවැත්ම පිණිස අවිනාශය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නේ ද, මහණෙනි, අප්‍රමාදය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අප්‍රමාදය සද්ධර්‍මයාගේ පැවැත්ම පිණිස අවිනාශය පිණිස අතුරුදන් නො වීම පිණිස පවත්නේ ය.
1. 10. 19.
මහණෙනි, යමෙක් මෙසේ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේ ද, මහණෙනි, කුසීත බව බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, කුසීත බව සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේ ය.