10. ආධ්‍යාත්මික වර්‍ගය
[සැවැත්නිදාන යි]
1. 10. 1.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි (තමා තුළ වැටෙන හේතුය යි) මෙසේ කොට ගෙණ, (පරාඞ්ගසඞ්ඛ්‍යතබාහිර හේතු හැරපියා බණත් මැ) යමෙක් මෙසේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, ප්‍රමාදය බඳු අන් එක කාරණයකුදු නො දක්මි. මහණෙනි, ප්‍රමාදය මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 10. 2.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ, යමෙක් මෙසේ මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, අප්‍රමාදය බඳු අන් එක අඞ්ගයකුදු නො දක්මි. මහණෙනි, අප්‍රමාදය මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 10. 3.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ, යමෙක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, කුසීත බව බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, කුසීතබව මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 10. 4.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ, යමෙක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, වීර්‍ය්‍යාරම්භය බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, වීර්‍ය්‍යාරම්භය මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේය.
1. 10. 5.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ද, මහණෙනි, මහේච්ඡතාව බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, මහේච්ඡතාව මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 10. 6.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ද, මහණෙනි, අල්පේච්ඡතාව බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, අල්පේච්ඡතාව මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 10. 7.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ද, මහණෙනි, අසන්තුට්ඨිතාව බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, අසන්තුට්ඨිතාව මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 10. 8.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ද, මහණෙනි, සන්තුට්ඨිතාව බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, සන්තුට්ඨිතාව මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 10. 9.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමෙක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, අයෝනිසෝ මනසිකාරය බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, අයෝනිසෝ මනසිකාරය මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 10. 10.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමෙක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, යෝනිසෝ මනසිකාරය බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, යෝනිසෝ මනසිකාරය මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 10. 11.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමෙක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, අසම්පජඤ්ඤය බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, අසම්පජඤ්ඤය මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 10. 12.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමෙක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, සම්පජඤ්ඤය බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, සම්පජඤ්ඤය මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.