1. 10. 21-30.
මහණෙනි, යමක් මෙසේ සද්ධර්මයාගේ ප්රමෝෂය පිණිස අතුරුදන් වීම පිණිස පවත්නී ද, මහණෙනි, මහේච්ඡතාව බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. … අල්පේච්ඡතාව … අසන්තුට්ඨිතාව … සන්තුට්ඨිතාව … අයෝනිසෝමනසිකාරය … යෝනිසෝමනසිකාරය … අසම්පජඤ්ඤය … සම්පජඤ්ඤය … පාපමිත්රයන් ඇති බව … කල්යාණමිත්රයන් ඇති බව. මහණෙනි, කල්යාණමිත්රතාව සද්ධර්මයාගේ ස්ථිතිය පිණිස අප්රමෝෂය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නේ ය.
1. 10. 31.
මහණෙනි, යමෙක් මෙසේ සද්ධර්මයාගේ ප්රමෝෂය පිණිස අන්තර්ධානය පිණිස පවත්නේ ද, මහණෙනි, අකුශලධර්මයන්හි යෙදීම හා කුශලධර්මයන්හි නොයෙදීම බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, අකුශලධර්මයන්හි යෙදීම හා කුශලධර්මයන්හි නො යෙදීම සද්ධර්මයාගේ ප්රමෝෂය පිණිස අතුරුදන්වීම පිණිස පවත්නේ ය.
1. 10. 32.
මහණෙනි, යමෙක් මෙසේ සද්ධර්මයාගේ ස්ථිතිය පිණිස අප්රමෝෂය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නේ ද මහණෙනි, කුශලධර්මයන්හි යෙදීම හා අකුශලධර්මයන්හි නොයෙදීම බඳු අන් එක ධර්මයකුදු මම නො දක්මි. මහණෙනි, කුශලධර්මයන්හි යෙදීම හා අකුශලධර්මයන්හි නො යෙදීම සද්ධර්මයාගේ ස්ථිතිය පිණිස අප්රමෝෂය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නේ ය.
චතුකෝටිකය නිමි.
1. 10. 33.
මහණෙනි, යම් ම මහණ කෙනෙක් (ඒ ඒ ධර්මප්රදේශ ඌනාධිකවශයෙන් ගෙණ) අධර්මය ධර්මය යි ප්රකාශ කෙරෙත් ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්ත්ථය පිණිස දෙවිමිනිසුනට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ පව් ද උදා කෙරෙති. ඔහු ම මේ සද්ධර්මය අතුරුදන් කෙරෙත්.
1. 10. 34-42.
මහණෙනි, යම් ම මහණ කෙනෙක් ධර්මය අධර්මය යි ප්රකාශ කෙරෙත් ද … අවිනය විනය යි ප්රකාශ කෙරෙත් ද … විනය අවිනය යි ප්රකාශ කෙරෙත් ද … තථාගතයන් වහන්සේ විසින් නොදෙසන ලද්ද නොතෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් දෙසන ලදැයි තෙපලන ලදැයි ප්රකාශ කෙරෙත් ද … තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද්ද තෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නොදෙසන ලදැයි නොතෙපලන ලදැයි ප්රකාශ කෙරෙත් ද … තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි ප්රකාශ කෙරෙත් ද … තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු නො කරණ ලදැයි ප්රකාශ කෙරෙත් ද … තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැයි ප්රකාශ කෙරෙත් ද … තථාගතයන් වහන්සේ විසින් පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නොපණවන ලදැයි ප්රකාශ කෙරෙත් ද … මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්ත්ථය පිණිස දෙවිමිනිසුනට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පව් ද උදා කෙරෙති. ඔහු ම මේ සද්ධර්මය අතුරුදන් කෙරෙත්.
දසවන වග යි.
11. අධම්ම වර්ගය
1. 11. 1.
[සැවැත්නිදාන යි]
මහණෙනි, යම් ම මහණ කෙනෙක් අධර්මය අධර්මය යි දක්වත් ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පින් ද උපදවත්. ඔහු ම මේ සද්ධර්මය තබත්.
1. 11. 2-10.
මහණෙනි, යම් ම මහණ කෙනෙක් ධර්මය ධර්මය යි (යථාවිධියෙන් ගෙණ) දක්වත් ද …, අවිනය අවිනය යි දක්වත් ද …, විනය විනය යි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් නොදෙසන ලද්ද නොතෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නොදෙසන ලදැයි නොතෙපලන ලදැයි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද්ද තෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් දෙසන ලදැයි තෙපලන ලදැයි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නො කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු නො කරණ ලදැයි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලදැයි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැයි දක්වත් ද …, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පින් ද උපදවත්. ඔහු ම මේ සද්ධර්මය තබත්.
එකොළොස් වන වග යි.