ත්රයොදශ සමුත්ථානයෝ
9. උභය විභඞ්ගයෙහි පණවනලද යම් සිකපද සමූහයක් පෙහෙවස් දිනයෙහි උදෙසත් ද, ඒ සිකපද සමූහයා ගේ ආපත්ති සමුට්ඨාන යුක්ති පරිද්දෙන් කියන්නෙමි. ඒ මා කියන වදන් අසවු.
10. යම් ප්රථම පාරාජික සමුට්ඨානයෙක් වේ නම් එය ද ඉන් මත්තෙහි ද්විතීය පාරාජිකසමුට්ඨානය ද සඤ්චරිත්තය ද සමානුභාසනය ද කඨිනය ද,
11. එළක ලෝමය ද පදසෝධම්මය ද භූතාරෝචනය ද අද්ධානගමනය ද ථෙය්ය සත්ථය ද ධම්මදේසනා ද වොරිවුට්ඨාපනය ද අනනුඤ්ඤාතය දැයි තෙළෙසෙකි.
12. මේ තෙළෙස් සමුට්ඨාන ක්රමයෝ නුවණැත්තන් විසින් සිතන ලද්දාහ, එක් එක් සමුට්ඨානයෙහි (ඇතුළත්වන අන්යවූ) සමසමුට්ඨානයෝ ද මේ උභයවිභඞ්ගයේ පෙණෙත්.
ප්රථම පාරාජික සමුට්ඨානය
13. මෛථුනය ද සුක්කවිස්සට්ඨිය ද කායසංසර්ගය ද පළමුවන අනියතය ද පුබ්බුපහතය ද (භික්ෂුණී) පරිපාචිතය ද භික්ෂුණියක සමග රහෝනිසජ්ජනය ද,
14. සභොජනය ද රහෝනිසජ්ජා දෙක ද අඞ්ගුලිපතෝදය ද උදකහස්සධම්මය ද පහාරදානය ද තලසත්තිඋග්ගිරණය ද තෙපණස් සේඛියාවෝ ද,
15. අධක්ඛකය ද ගාමන්තරගමනය ද අවස්සුතය ද තලඝාතය ද ඡතුමට්ටය ද උදකසුද්ධිය ද වස්සංවුත්ථය ද ඕවාද අගමනය ද නානුබන්ධපවත්තිනිය දැයි,
16. මේ සසැත්තෑ සිඛයෝ කායචිත්තසමුට්ඨානිකයෝ කරණලදහ. (මේ) සියලු සිකපදයෝ ප්රථම පාරාජිකය මෙන් එක් සමුට්ඨානයක් ඇත්තෝ වෙත්.
පඨම පාරාජික සමුට්ඨානය නිමි.
ද්විතීය පාරාජික සමුට්ඨානය
17. අදත්තාදානය ද මනුස්සවිග්ගහය ද උත්තරීමනුස්සධම්මය ද දුට්ඨුල්ලය ද අත්තකාමපාරිචරියාව ද අමූලය ද අඤ්ඤභාගිය ද දෙවන අනියතය ද,
18. අච්ජින්දනය ද පරිණාමනය ද මුසාවාදය ද ඔමසවාදය ද (භික්ඛු) පෙසුඤ්ඤය ද උදුට්ඨුල්ලාපත්තිආරෝචනය ද පඨවිඛණනය ද භූතගාමය ද අඤ්ඤවාදකය ද උජ්ඣාපනය ද,
19. නික්කඩ්ඪනය ද සිඤ්චනය ද ආමිසහේතුව ද භූත්තාවි (පවාරණ) ය ද ඒහාවුසො ගාමං වා යනු ද අනාදරිය ද හිංසාපනකය ද අපනිධානය ද ජීවිතවෝරෝපනය ද,
20. ජානං සප්පාණකං යනු ද (උක්කෝටන) කම්මය ද ඌනවිසතිවස්සය ද සංවාසය ද නාසනය ද සහධම්මිකය ද විලේඛය ද මොහනකය ද අමූලකය ද,
21. කුක්කුච්චය ද ධම්මිකය ද චීවරය ද පුග්ගලපරිණාමනය ද ‘කිංතො’ යනු ද අකාලචීවරය ද චීවර අච්ජින්දනය ද දුග්ගහීතය ද (නිරයාදීන්) අභිසපනය ද,
22. ගණචීවරන්තරාය ද චීවරවිහඞ්ගය ද දුබ්බලචීවරය ද කඨිනුද්ධාරය ද අඵාසුකරණය ද උපස්සය ද අක්කෝසනය ද චණ්ඩීකෘත්යය ද මච්ඡරිය ද ගබ්භිනී වුට්ඨාපනය ද පායන්තී වුට්ඨාපනය ද,
23. “ද්වෙ වස්සා“ යනු ද “සඞ්ඝේන අසම්මතං” යනු ද ගිහීගත තෙසිඛය ද කුමාරීභූත තෙසිඛය ද ඌන ද්වාදසවුට්ඨාපනය ද (පරිපුණ්ණද්වාදස) අසම්මත වුට්ඨාපනය ද,
24. ‘අලං තාව’ යනු ද “සොකාවස්සං” යනු ද ඡන්දදානය ද අනුවස්සවුට්ඨාපනය ද ද්වේවුට්ඨාපනය දැයි, මේ සැත්තෑ සිකපදයෝ තිකසමුට්ඨානහ යි කරණ ලද හ.
25. කයින් ද සිතින් ද නැගෙති, වචනයෙන් නො නැගෙත්, වචනයෙන් ද සිතින් ද නැගෙති, කයින් නො නැගෙත්, මෙසේ දෙවන පරිජිය මෙන් තිදොරින් උපදිත්.
දුතිය පාරාජික සමුට්ඨානය නිමි.