ධම්මදේසන සමුට්ඨානය
54. තථාගතවරයෝ කුඩගත් අත් ඇත්තහුට දහම් නො දෙසත්. එසේ ම දඬුගත් අත් ඇත්තහුට ද සැත්ගත් අත් ඇත්තහුට ද අවිගත් අත් ඇත්තහුට ද,
55. මිරිවැඩි වහන් යාන යහන් නැගිටියහුට ද අකවටු අවුළුවා හුන්නහුට ද හිස්වෙළුම් ඇත්තහුට ද හිස්වැසුවහුට ද (දහම් නො දෙසත්) මේ නො අඩු එකොළොස් සිකපදයෝ,
56. වචනයෙන් හා සිතින් උපදිති, ඔහු කයින් නූපදිත්, (මේ) සියල්ලෝ ධම්ම දෙසන සමුට්ඨානය හා සමවූවාහු ඒකසමුට්ඨධානිකයෝ වෙත්.
ධම්මදේසන සමුට්ඨානය නිමි.
භූතාරෝචන සමුට්ඨානය
57. භූතාරෝචනය කයින් උපදියි, වචනයෙන් ද සිතින් ද නූපදී, වචනයෙන් ද නඟියි, කයින් හා සිතින් නො නගී.
58. කයින් හා වචනයෙන් උපදියි, සිතින් නූපදී. භූතාරෝචනක නම් සිඛය තුන් තැනෙකින් උපදී.
භූතෙරොචන සමුට්ඨානය නිමි.
චෝරිවුට්ඨාපන සමුට්ඨානය
59. චෝරිවුටාඨාපනය වචනයෙන් හා සිතින් උපදියි, කයින් නූපදී. තිදොරින් උපදී. මේ චෝරිවුට්ඨාපන සිඛය අමිශ්‍ර වූ ද්විසමුට්ඨානිකයැයි ධර්‍මරාජයන් විසින් වදාරණ ලදී.
චෝරිවුට්ඨාපන සමුට්ඨානය නිමි.
අනනුඤ්ඤාත සමුට්ඨානය
60. අනනුඤ්ඤාතය වචනයෙන් නූපදියි, කයින් හා සිතින් නූපදී, කයින් හා වචනයෙන් උපදියි, එය සිතින් නූපදී.
61. වචනයෙන් හා සිතින් උපදියි, එය කයින් නූපදී. තිදොරින් උපදී. (එහෙයින් මෙය) අමිශ්‍ර වූ චතුසමුට්ඨානයෙකි.
අනනුඤ්ඤාත සමුට්ඨානය නිමි.
62. සමුට්ඨානසංක්‍ෂේපය තෙළෙසකැයි මැනැවින් වදාරණ ලදි. විනයපාලියට අනුලොම් වූ නුමුළා බව කරණ මේ කාරණය දරන නුවණැත්තේ සමුට්ඨානයයෙහි මුළා නො වන්නේ යි.
සමුට්ඨාන ශීර්‍ෂ සංක්‍ෂේපය නිමියේ යි.