9. කත්ථපඤ්ඤත්තිවාරය
9. 1.
පාරාජික කාණ්ඩය
1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කායසංසර්ගය ඉවසීම් හේතුයෙන් පණවන ලද පරිජිය කොතැන්හි පණවන ලද ද කවරක ඇරැබ ද කිනම් වස්තු යෙක්හි ද ... කවරක්හු විසින් ගෙණ එන ලද ද යත්:
සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කායසංසර්ගය ඉවසීම් හේතුයෙන් පණවන ලද පරිජිය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සුන්දරීනන්දා භික්ෂුණිය ඇරැබැ ය. කිනම් වස්තුයෙක යත්: සුන්දරීනන්දා භික්ෂුණී කායසංසර්ගරාගයෙන් තෙත්වූවා කායසංසර්ගරාගයෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හු ගේ කායසංසර්ගය ඉවසූ යැ. ඒ වස්තුයෙහි යැ. එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇත් ද යත්: පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති එහි නැත. සබ්බත්ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්ථපඤ්ඤත්ති යැ, සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ද යත්: අසාධාරණපඤ්ඤත්ති යැ. ඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ද යත්: ඒකතෝපඤ්ඤත්ති යැ, සිවුවැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙන් කොහි පිහිටියේ ද කොහි ඇතුළත් ද යත්: නිදානුද්දේසයෙහි පිහිටියේ ය. නිදානුද්දේසයෙහි ඇතුළත් ය. කිනම් උද්දේසයෙකින් උදෙසීමට පැමිණේ ද යත්: දෙවැනි උද්දේසයෙන් උදෙසීමට පැමිණේ. සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කිනම් විපත්තියෙක් ද යත්: ශීල විපත්ති යැ. සත් වැදැරුම් ආපත්ති ස්කන්ධයන් අතුරෙන් කිනම් ආපත්ති ස්කන්ධයෙක යත්: පාරාජිකා පත්ති ස්කන්ධ යැ. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගී ද යත්: එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නගී. ... කවරක්හු විසින් ගෙණ එන ලද ද යත්: පරපුරෙන් ගෙණ එන ලදි. උපාලි ස්ථවිර යැ, දාසක ස්ථවිර යැ. ... විනයපිටකය තඹපැන් නම් වූ හෙළදිව පැවසූහ.
2. වරද සැඟවීම් හේතුයෙන් සිදු වන පරිජිය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: ථුල්ලනන්දා භික්ෂුණිය ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්දා භික්ෂුණි දැන දැන පරිජි ඇවැත් අවන් මෙහෙණකට තොමෝ චෝදනා නො කළාය. භික්ෂුණි ගණයාට නො දැන් වූ යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: ධුරනික්ෂේපයෙහි යැ. ...
3. තුන් යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි වරද නො හැරීම් හේතුයෙන් සිදුවන පරිජිය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: ථුල්ලනන්දා භික්ෂුණිය ඇරැබ ය. කිනම් වස්තුයෙක යත්: ථුල්ලනන්දා භික්ෂුණී සමග සඟහු විසින් උඛෙව්නීකම් කරණලද පෙර ගිජුලිහිණින් නැසූ කුලයෙහි උපන් අරිට්ඨ මහණහට අනුව පැවැත්තා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්ෂේපයෙහි යැ. ...
4. කය එළවීම් සඞ්ඛ්යාත අටවන වස්තුව පිරවීම් හේතුවෙන් සිදුවන පරිජිය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදී පණවන ලදි. කවරක ඇරැබ ද යත්: සවග මෙහෙණන් ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මෙහෙණහු අෂ්ටම වස්තුව පිරවූහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්ෂේපයෙහි යැ. ...
පරිජි නිමි.
9. 2.
සඞ්ඝාදිශේෂ කාණ්ඩාදිය
1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් විවාද කරණ මෙහෙණහට අධිකරණ හේතුයෙන් සිදුවන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද, කවරක ඇරැබ ද, කිනම් වස්තුයෙකැ ... කවරක්හු විසින් ගෙණ එන ලද ද:
2. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් විවාද කරණ මෙහෙණහට අධිකරණ හේතුයෙන් සිදුවන සඟ වෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: ථුල්ලනන්දා භික්ෂුණිය ඇරැබය. කිනම් වස්තුයෙක යත්: ථුල්ලනන්දා භික්ෂුණී විවාද ඇතියා වැ වාසය කළායැ. ඒ වස්තුයෙහි යැ. එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇත් ද, යත්: පඤ්ඤත්ති එකකි. අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති. සබ්බත්ථ පඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්ථපඤ්ඤත්ති යැ. සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ද යත්: අසාධාරණපඤ්ඤත්ති යි. ඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ද යත්: ඒකතෝපඤ්ඤත්ති යි. සිවුවැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙන් කොහි පිහිටියේ ද, කොහි ඇතුළත් ද යත්: නිදානුද්දේසයෙහි පිහිටියේ යැ. නිදානුද්දේසයෙහි ඇතුළත් යැ. කිනම් උද්දේසයෙකින් උදෙසීමට පැමිණේ ද යත්: තුන්වන උද්දේසයෙන් උදෙසීමට පැමිණේ. සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කිනම් විපත්තියක්ද යත්: සීලවිපත්ති යි. සත්වැදෑරුම් ආපත්තිස්කන්ධයන් අතුරෙන් කිනම් ආපත්ති ස්කන්ධයෙක් ද යත්: සඞ්ඝාදිශේෂාපත්තිස්කන්ධ යි. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගී ද යත්: දෙ සමුට්ඨානයෙකින් නඟියි: කිසි විටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නගී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගී. කවරක්හු විසින් ගෙණ එන ලද ද යත්: පරපුරෙන් ගෙණ එන ලදි.
උපාලි ස්ථවිර යැ. දාසක ස්ථවිර යැ ... විනය පිටකය තඹපැන් නම් වූ හෙළදිවැ පැවසූහු.
3. (සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින්) සෙරක උපසපන් කරවීම් හේතුයෙන් සිදුවන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදි. කවරක ඇරැබ ද යත්: ථුල්ලනන්දා භික්ෂුණිය ඇරැබය. කිනම් වස්තුවෙක්හි ද යත්: ථුල්ලනන්දා භික්ෂුණී සෙරක උපසපන් කරවූ යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් දෙ සමුට්ඨානයෙකින් නගී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නගී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගී. ...