4. සඞ්ගහිතවාරය
1. කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරා යෙන් තෙත් වූ මෙහෙණ පිළිබඳ ඇවැත්හු සප්තාපත්ති ස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්ති ස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද යත්: කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ පිළිබඳ ඇවැත්හු සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසි විටෙක ථුල්ලවච්චයාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුෂ්කෘතාපත්තිස්කන්‍ධයෙන් දැයි තුන් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. ...
2. දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සප්තාපත්ති ස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්ති ස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද යත්: දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සප්තාපත්ති ස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාටිදේසනීයා පත්ති ස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුෂ්කෘතාපත්ති ස්කන්‍ධයෙන් දැයි දෙ ආපත්ති ස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ.
සිවුවන සඞ්ග්‍රහ වාරය නිමි.
5. සමුට්ඨානවාරය
1. කා සසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත්වූ මෙහෙණ පිළිබඳ ඇවැත්නු සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟිද්ද යත්: කාසසඟරායෙන් තෙත්වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත්වූ මෙහෙණ පිළිබඳ ඇවැත්හු සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයකින් නගිති: කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නගිත්. ...
2. දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟිද්ද යත්: දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත්හු සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් සිවු සමුට්ඨානයකින් නගිති, කිසිවිටෙක කයින් නගිති, වචනයෙන් නො නගිති, සිතින් නො නගිත්, කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නගිතී, සිතින් නො නගිත්, කිසිවිටෙක කයින් ද සිතින් ද නගිති, වචනයෙන් නො නගිත්. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්.
පස්වන සමුට්ඨාන වාරය නිමි.
6. අධිකරණවාරය
1. කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් අධිකරණ අතුරෙන් කිනම් අධිකරණයෙක් ද යත්: කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් අධිකරණ අතුරෙන් ආපත්තාධිකරණ යි. ...
2. දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් අධිකරණ අතුරෙන් කිනම් අධිකරණයෙක් ද යත්: දිහි විනවා වළඳන මෙහෙණ පිළිබඳ ඇවැත් සිවු වැදෑරුම් අධිකරණ අතුරෙන් ආපත්තාධිකරණ යි.
සවන අධිකරණ වාරය නිමි.