15. සමථවාරය
1. කායසංසර්ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්: කායසංසර්ගය ඉවසීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්. ...
2. දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්: දිහි විනවා වැළඳීම් හේතුයෙන් සිදුවන ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි තුන් සමථයෙන් සන්හිඳෙත්.
සත්වැනි සමථවාරය නිමි.
16. සමුච්වයවාරය
1. කායසංසර්ගය ඉවසීම් හේතුවෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත් කායසංසර්ගය ඉවසීම් හේතුවෙන් පස් ඇවැතකට පැමිණේ. කායසංසර්ගරාගයෙන් තෙත් වූ මෙහෙණ කායසංසර්ගරාගයෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අකුඇටයෙන් යට දණමඩලින් උඩ ගැණීම ඉවසා නම් පරිජි ඇවැත් වෙයි, මහණෙක් කයින් කය ස්පර්ශ කෙරේ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, කයින් කය පිළිබැඳියක් ස්පර්ශ කෙරේ නම් ථුලැසි ඇවැත් වෙයි, කයපිළිබැඳියෙකින් කයපිළිබැඳියක් ස්පර්ශ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, ඇඟිල්ලෙන් ගිරති කැවීමෙහි පචිති ඇවැත් වේ. කායසංසර්ගය ඉවසීම් හේතුවෙන් මේ පස් ඇවැතට පැමිණේ.
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජෙත් ද, සප්තාපත්තිස්කන්ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්ධයෙන් සඞ්ග්රහ කරණ ලදහු ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසි විටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙත්. සප්තාපත්තිස්කන්ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්ධයෙන් ද කිසිවිටෙක සඞ්ඝාදිශේෂාපත්තිස්කන්ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්ති ස්කන්ධයෙන් ද කිසිවිටෙක දුෂ්කෘතගාපත්තිස්කන්ධයෙන් දැයි පස් ආපත්තිස්කන්ධයෙකින් සඞ්ග්රහ කරණ ලදහු ය. සවැදැරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිත්. කයින් ද සිතින් ද නගිත්, වචනයෙන් නො නගිත්. සිවු වැදැරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණයි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද කිසිවිටෙක සම්මුඛගාවිනයෙන් ද තිණවත්ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්. ...
2. දිහි විනවා වැළඳීම් හේතුවෙන් කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: දිහි විනවා වැළඳීම් හේතුවෙන් දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ. දිහි විනවා වැළඳීම් හේතුවෙන් මේ දෙ ඇවතට පැමිණේ.
ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජෙත් ද, සප්තාපත්තිස්කන්ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්ධයෙන් සඞ්ග්රහ කරණ ලදහු ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත්ද, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්: