9. 2.
සඞ්ඝාදිශේෂ කාණ්ඩාදිය
1. උපක්රම කොට සුකුරු මිදීම් හේතුවෙන් වන සඟවෙසෙස සිකපද පැණවීමෙහි කල් දන්නාවූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කොතැන්හි පණවන ලද ද? කවරක්හු ඇරැබ ද? කවර වස්තුවෙක්හි ද, ... කවරක්හු විසින් ගෙණඑන ලද ද?
උපක්රම කොට සුකුරු මිදීම් හේතුවෙන් වන සඟවෙසෙස සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් සෙය්යසක මහණහු ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් සෙය්යසක මහණ උපක්රම කොට සුකුරු මිදී ය, ඒ වස්තුයෙහි යැ. එහි පඤ්ඤත්ති එකෙකි, අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති. සබ්බත්ථ පඤ්ඤත්ති වේ ද, පදෙසපඤ්ඤත්තිවේ ද යත්: සබ්බත්ථ පඤ්ඤත්ති යැ. සාධාරණපඤ්ඤත්ති වේ ද, අසාධාරණපඤ්ඤත්ති වේ ද යත්: අසාධාරණපඤ්ඤත්ති යැ. ඒකතෝපඤ්ඤත්ති වේ ද, උභතෝපඤ්ඤත්ති වේ ද යත්: ඒකතෝපඤ්ඤත්ති යැ. පස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙන් කොහි පිහිටියේ ද කොහි ඇතුළත්වේ ද යත්: නිදානුද්දේසයෙහි පිහිටියේ යැ, නිදානුද්දේසයෙහි ඇතුළත් යැ. කවර උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද යත්: තෙ වැනි උද්දේසයෙන් උදෙසීමට පැමිණේ. සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කවර විපත්තියෙක් වේ ද යත්: ශීලවිපත්ති යැ, සප්තාපත්තිස්කන්ධයන් අතුරෙන් කවර ආපත්තිස්කන්ධයෙක් වේ ද යත්: සඞ්සාදිශේෂාපත්තිස්කන්ධ යි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: එක් සමුට්ඨාන යෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ... කවරක්හු විසින් ගෙණ එන ලද ද යත්: පරපුරෙන් ගෙණ එන ලදී.
උපාලි ස්ථවිර යැ දාසක ස්ථවිර යැ සෝණක ස්ථවිර යැ එසේ ම සිග්ගව ස්ථවිර යැ මොග්ගලිපුත්ත ස්ථවිර පස්වනු කොට ඇති මේ තෙරවරු දඹදිව විනයධර පරපුරෙහි වෙති. ... මහාප්රාඥ වූ විනය දන්නා මාර්ගඥානයෙහි දක්ෂ වූ මේ ක්ෂීණාස්රවයෝ හෙළ දිවැ විනයපිටකය පැවසූහු.
2. මාගමක හා කාසසඟයට සමවැදීම් හේතුයෙන් වන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී තෙරුන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී තෙරහු මාගමක හා කායසංසර්ගයට පැමිණියහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
3. මාගමකට තුළුල් තෙපුල් බිණීම් හේතුවෙන් වන සඟවෙසෙස කොතැන්හි පණවන ලදද යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී තෙරුන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී තෙරහු මාගමකට තුළුල් තෙපුල් බිණුභ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසි විටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
4. මාගමක හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණ වැණිම් හේතුයෙන් වන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ මාගමක හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණ වැණී යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් තුන් සමුට්ඨානයෙකින් නඟී. ...
5. (ස්ත්රී පුරුෂයන් ගේ කෙලෙස් පිළිබඳ හසුන් ගෙණ යනු එනුවට) හැසිරීම් හේතුයෙන් වන සඟවෙසෙස කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී තෙරුන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී තෙරහු ස්ත්රී පුරුෂයන් ගේ කෙලෙස් පිළිබඳ හසුන් ගෙණ යන ‘සංචරිත්තයට’ පැමිණියහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි, අනුපඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් සමුට්ඨාන සයෙන් නඟියි: කිසි විටෙක කයින් නඟියි, වචනයෙන් ද සිතින් ද නො නඟී. කිසිවිටෙක වචනයෙන් නඟියි, කයින් ද සිතින් ද නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
6. තමා ඉල්වා ගත් උපකරණයෙන් කිළියක් කරවීම් හේතුවෙන් වන සඟවෙසෙස කොතැන්හි පණවන ලද ද යත්: අළව් නුවරැදී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: අළච්පුර වැසි භික්ෂූන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: අළව් පුරවැසි භික්ෂූහු තමන් ඉල්වා ගත් උපකරණයෙන් කුටි කරවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම්ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී: ...