7. සමථවාරය
1. මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත්හු සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණ යෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්. ...
2. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැ යි තුන් ශමථයෙන් සන්හිඳේ.
සත්වන සමථවාරය නිමි.
8. සමුච්චයවාරය
1. මෙවුන්දම් සේවනය කරණ මහණ කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: මෙවුන්දම් සේවනය කරණ මහණ තුන් ඇවැතකට පැමිණේ. ක්‍ෂය නොවූ සිරුරු නිමිත්තෙහි මෙවුන්දම් සේවනය කෙරේ නම් පරිජි ඇවැත් වෙයි, බෙහෙවින් ක්‍ෂය වූ සිරුරු නිමිත්තෙහි මෙවුන්දම් සේවනය කෙරේ නම් ථුලැසි ඇවැත් වෙයි. අඟාළ මියෙහි රහසඟ නො පහරමින් පිවිස්වා නම් දුකුළා ඇවැත් වේ. මෙවුන්දම් සේවනය කරණ මහණ මේ තුන් ඇවැතට පැමිණේ.
ඒ ඇවැත් සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජේ ද යත්: සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලද ද, සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්:
ඒ ඇවැත් සිවු වැදෑරුම් විපත්තීන් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසි විටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙයි. සත් වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්ති ස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුෂ්කෘතාපත්තිස්කන්‍ධයෙන් දැයි තුන් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලද ය. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද, තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳේ. ...
2. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූත්‍ර හෝ කෙළ හෝ හෙළන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන මහණ එක් දුකුළා ඇවැතකට පැමිණේ. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන මහණ එක් ඇවැතට පැමිණේ.
ඒ ඇවැත සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජේ ද, සත් වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග‍්‍රහ කරණ ලද ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද, සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක් ද, සත් වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: ඒ ඇවැත සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් ආචාරවිපත්ති නම් වූ එක් ම විපත්තිය බෙජේ.