4. සඞ්ගහිතවාරය
1. මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත් සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලද ද යත්: මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත් සප්තාපත්ති ස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්ති ස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක දුෂ්කෘතා පත්තිස්කන්‍ධයෙන් දැයි තුන් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදය. ...
2. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවත සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලද ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් දුෂ්කෘතාපත්තිස්කන්‍ධ නම් වූ එක්ම ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදී.
සිවුවන සඞ්ගහිතවාරය නිමි.
5. සමූට්ඨධානවාරය
1. මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත් සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත්හු සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟිති, කයින් ද සිතින් ද නඟිති, වචනයෙන් නො නඟිත්.
2. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සැවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි. කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
පස්වන සමුට්ඨධානවාරය නිමි.
6. අධිකරණවාරය
1. මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක් ද යත්: මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. ...
2. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක් ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි.
සවන අධිකරණවාරය නිමි.